සිය කාර්යමණ්ඩලයේ කුසලතා සහ දැනුම පුළුල් කිරීම සඳහාවන ක්‍රමෝපායික දැක්මට අනුව, යුනියන් බැංකුව Product Power 2025 තේමාව යටතේ සිය ශාඛා ජාලයේ ඉදිරිපෙළ කාර්යමණ්ඩලයට අවශ්‍ය සේවා දැනුම වර්ධනය කරමින් පසුගියදා සාර්ථකව වැඩමුළුවක් දියත් කළේය. ඉතුරුම් සහ ආයෝජන, ණය, ක්‍රෙඩිට් කාඩ්පත්, උකස්, ලිසිං, ඩිජිටල් බැංකුකරණය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සේවා ආදී ක්ෂේත්රවල පුළුල් දැනුමක් සහිත බැංකුවේ සේවා ප්‍රධානීන් මෙහිදී පරිපුර්ණ දැනුම බෙදාහදා ගැනීමට එක් විය. පළමු අදියර සඳහා ශාඛා කාර්යමණ්ඩල සාමාජිකයින් 200කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, මාර්ගගත ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ඇතුළු අන්තර්- ක්‍රියාකාරී ක්‍රියාකාරකම් රැසක් සඳහා එක් වීමට ද ඔවුන්ට හැකි විය. මෙහිදී අදහස් දැක්වූ යුනියන් බැංකුවේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරි ඩිල්ෂාන් රුද්‍රිගු මහතා, 2025 වසරේදී බැංකුවේ ක්‍රමෝපායික දැක්ම පිළිබඳවත් අඛණ්ඩ පරිවර්තණීය වෙනස වෙනුවෙන් බැංකුව දක්වන කැපවීම සහ වර්ධනය හා සංවර්ධනය සඳහා දියත් කෙරෙන වැඩසටහන් පිළිබඳවත් කාර්යමණ්ඩල සාමාජිකයින් දැනුවත් කළේය.


