යුනියන් බැංකුවේ ෆිච් ශ්‍රේණිගතකිරීම් ඉහළට

 

Fitch Ratings Lanka ආයතනය යුනියන් බැංකුවේ ජාතික දිගුකාලීන ශ්‍රේණිගතකිරීම් BBB-(lka) සිට BB+(lka) දක්වා ඉහළ දැමීමට කටයුතු කර තිබේ.

යුනියන් බැංකුවේ වඩාත් විවිධාංගිකරණය වූ ණය සේවා, ලාභයේ වර්ධනය සහ වෙනත් ශ්‍රේණිගතකිරීම් අතර සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ ප්‍රාග්ධනනය යන කරුණු මෙම ඉහළ ශ්‍රේණිගතකිරීම මගින් පිළිබිඹු වේ.

යුනියන් බැංකුව ආයතනික, සුළු හා මධ්‍ය පරිමාණ සහ පාරිභෝගික ණය යන අංශ දක්වා සිය ණය සේවා සාර්ථකව විවිධාංගිකරණය කර ඇති අතර 2018 අවසාන භාගයවන විට එම අගය පිළිවෙලින් 48%, 33% සහ 19% ලෙස දැක්විණි. ෆිච් ආයතනයේ නවත ම ශ්‍රේණිගතකිරීම සඳහා 2018 වසරේ අවසානයවන විට යුනියන් බැංකුව වාර්තා කර තිබූ 3.7%ක අක්‍රිය ණය (NPL) අනුපාතය සහ ණය සේවාවල වර්ධනය ද සැලකිල්ලට ගෙන ඇත.

බැංකුවේ 2018 වසරේ දළ පොළී ආදායම රු. මිලියන 3,652ක් වූ අතර එය 19.9%ක කැපීපෙනෙන වර්ධනයකි. ගාස්තු සහ කොමිස් මුදල් වැඩිදියුණු කිරීම සඳහා ගනු ලැබූ ඉලක්කගත ක්‍රියාමාර්ග හේතුවෙන් මූලික වශයෙන් තැන්පතු ආශ්‍රිත ගාස්තු, වෙළඳ සහ ප්‍රේෂණ, ණය, කාඩ්පත් සහ වෙනත් ගාස්තුවලින් සමන්විත බැංකුවේ ගාස්තු සහ කොමිස් මුදල් ආදායම 23.6%ක දැවැන්ත වසරින් වසර වර්ධනයක් පෙන්නුම් කළේය.

වඩාත් යහපත් දළ පොළී මායිම් සමගින් යුනියන් බැංකුව මෙහෙයුම් ලාභ/අවදානම් වත්කම් 2018 වසරේදී 1.5%ක වර්ධනයක් (2017 වසරේදී 1.1%) අත්කර ගැනීමත් සමග එහි ලාභය 2018 වසරේදී වර්ධනය වූ බවත් එය එම බැංකුවේ ඉහළ අපහායන පිරිවැය පිරිමසා ගැනීම සඳහා දායක වූ බවත් Fitch Ratings Colombo ආයතනය සඳහන් කළේය. “තවමත් අභියෝගාත්මක මෙහෙයුම් පරිසරය තුළ පවා 2019 වසරේදී ද මෙම වර්ධනීය ප්‍රවණතාව අඛණ්ඩව පවතිනු ඇතැයි අපි විශ්වාස කරමු” එම ආයතනය නිවේදනයේ සඳහන් කර තිබිණ.

2018 වසරේදී අත්කර ගත් ධනාත්මක වර්ධනය ඉදිරියටත් පවත්වා ගනිමින් යුනියන් බැංකුව 2019 වසරේ පළමු කාර්තුව තුළ ද සවිමත් මුල්‍ය කාර්යසාධනයක් අත්කර ගැනීමට සමත් විය. සිය හර බැංකුකරණ මෙහෙයුම් ක්‍රියාකාරකම්හි කැපීපෙනෙන වර්ධනයක් හිමිකර ගනිමින් යුනියන් බැංකුව මෙහෙයුම් ක්‍රියාකාරකම් ලාභයේ 62%ක වසරින් වසර වර්ධනයක් පෙන්නුම් කළේය. 2019 මාර්තු මාසයෙන් අවසන් වූ පළමු කාර්තුව තුළ 49%ක සියලු බදු පෙර ලාභයක් වාර්තා කළ යුනියන් බැංකුව දළ පොළී ආදායම රු. මිලියන 1,013ක් ලෙස වාර්තා කළ අතර එය 19%ක වර්ධනයකි. බැංකුවේ ව්‍යාපාරික ඒකක තුළ සහ ඒකක අතර සේවා යළි සකස් කිරීම හරහා ආදායම් උපරිම කර ගැනීම සඳහා අඛණ්ඩව දරන ලද උත්සාහය සහ එහි අඛණ්ඩ වර්ධනය මෙම ප්‍රතිඵල මගින් මැනවින් පිළිබිඹු වේ. 2019 පළමු කාර්තුව තුළ බැංකුවේ ගාස්තු සහ කොමිස් මුදල් ආදායම 19%ක වසරින් වසර වර්ධනයක් අත්පත් කර ගත්තේය.

TPG ආයතනයේ ශක්තිමත්බව සමගින් යුනියන් බැංකුව මෙරට ඉහළම ප්‍රාග්ධනයෙන් යුතු වාණිජ බැංකුව බවට පත්වීම සඳහා මනා සූදානමකින් පසුවෙයි. TPG යනු ඇමරිකා ඩොලර් බිලියන 70කට අධික ප්‍රාග්ධනයක් කළමනාකරණය කරන එක්සත් ජනපදයේ ගෝලීය පුද්ගලික ආයෝජන ආයතනයක්වන අතර ආසියාව සහ යුරෝපය තුළ

එහි ගෝලීය ජාලය කැපීපෙනෙන ලෙස ව්‍යාප්ත වී ඇත. TPG ආයතනයේ ආයෝජනය සමගින් යුනියන් බැංකුව ආයතනික, සුළු හා මධ්‍ය පරිමාණ සහ පාරිභෝගික බැංකුකරණ අංශ සඳහා පරිපූර්ණ සේවා සපයන වාණිජ බැංකුවක් ලෙස වර්ධනය වීමේ පරිණාමීය මාවතට පිවිස සිටී. මුල්‍ය ස්ථාවරත්වය සහ නව්‍ය ව්‍යාපාරික ඉලක්කය සමග බැඳුනු ස්ථාවර පදනම තුළින් යුනියන් බැංකුව මෙරට ශීඝ්‍රයෙන් ම ව්‍යාප්තවන වාණිජ බැංකුවක් බවට පත්ව සිටී.

යුනියන් බැංකුවේ ප්‍රාග්ධන තත්ත්වය පිළිබඳ වාර්තා කරන ෆිච් ආයතනය, 2018 අවසානයවන විට ශ්‍රේණිගතකිරීමට ලක් කළ අනෙකුත් ආයතනවලට වඩා එම බැංකුවේ ෆිච් හර ප්‍රාග්ධන අනුපාතය 15.4%ක් ලෙස වඩාත් ශක්තිමත් මට්ටමක පවතින බව සඳහන් කරයි. “අවශ්‍ය වුවහොත් ඇපකර නිකුත් කිරීම හරහා වුව ද ප්‍රධාන කොටස්කරුවන් හරහා ප්‍රාග්ධනය ලබා ගැනීමෙන් යුනියන් බැංකුවට අවම ප්‍රාග්ධන අවශ්‍යතාව පවත්වා ගැනීමට හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි” එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

අවසන්-

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC