සේයා රූ සටහන
- අසංක රන්හොට්ටි
- නිසල කොඩිප්පිලි
යුනියන් බැංකුවේ නායකත්ව කණ්ඩායමට නව පත්වීම් දෙකක් සිදු කළ බව එම බැංකුව පසුගියදා නිවේදනය කළේය.
එම බැංකුවේ ප්‍රධාන තොරතුරු නිලධාරී ලෙස නිසල කොඩිප්පිලි මහතා ද, සුළු හා මධ්‍ය පරිමාණ බැංකුකරණ සහ මුදල් හුවමාරු බැංකුකරණ අංශයේ උප සභාපති ලෙස අසංක රන්හොට්ටි මහතා ද මෙලෙස පත්කර ඇත.
කොඩිප්පිලි මහතා මින් පෙර නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන තොරතුරු නිලධාරී ලෙස කටයුතු කළ අතර බැංකුකරණ ක්ෂේත්රයේ වසර 20 කට අධික සිය වෘත්තීය ජීවිතය තුළ බැංකු සඳහා කැපීපෙනෙන තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල් නවෝත්පාදන හඳුන්වා දීමට කටයුතු කර ඇත. බටහිර ඕස්ට්‍රේලියාවේ ඉදිත් කොව්මන් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනවේදී උපාධියකට හිමිකම් කියන ඒ මහතා බ්‍රිතාන්‍ය සහ ඔස්ටේලියානු පරිගණක සංගම්වල වෘත්තීය සාමාජිකයෙකු ද වෙයි. තවද කොඩිප්පිලි මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ CIO සම්මේලනයේ සභාපතිධුරය ද FINCSIRT හැසිරවීම් කමිටුවේ සාමාජිකත්වය ද දරයි. නිසල කොඩිප්පිලි මහතා යුනියන් බැංකුවේ නැගීඑන ඩිජිටල් බැංකුකරණ ක්‍රමෝපාය සඳහා නායකත්වය ලබා දෙමින් එහි ව්‍යාපාරික වර්ධනයේ ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස තොරතුරු තාක්ෂණ ක්‍රියාවලීන් තවත් ශක්තිමත් කරනු ඇත.
යුනියන් බැංකුව සමග සම්බන්ධ වීමට පෙර රන්හොට්ටි මහතා ඩච් බැංකුවේ මුදල් කළමනාකරණ සහ වෙළඳ මුල්‍යයන අංශයේ උප සභාපති – ප්‍රධානී ලෙස කටයුතු කළේය. දෙස්-විදෙස් බැංකුවල සුළු හා මධ්‍ය පරිමාණ බැංකුකරණ, ආයතනික බැංකුකරණ, මුදල් හුවමාරු බැංකුකරණ, වෙළඳ මුල්‍යයන සහ ණය අවදානම් ආදී අංශ තුළ වසර 24කට අධික අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන ඒ මහතා වෘත්තීය බැංකුකරුවෙකි. වරලත් බැංකුකරුවන්ගේ ආයතනයේ සහකාර සාමාජිකත්වය (FCIB) දරන රන්හොට්ටි මහතා, කොළඹ විශ්වවිද්‍යාලයෙන් MBA උපාධියක් ද, එක්සත් රාජධානියේ විද්‍යා සහ තාක්ෂණ මැන්චෙස්ටර් ආයතනික විශ්වවිද්‍යාලයේ මුල්‍ය සේවා පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ද හිමිකර ගෙන ඇත. ඒ මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා ද වෙයි. යුනියන් බැංකුවේ මුදල් කළමනාකරණ සහ මුදල් හුවමාරු බැංකුකරණ ව්‍යාපාර අංශයට නායකත්වය ලබාදෙන අතර ම අසංක රන්හොට්ටි මහතා නැවුම් ප්රවේශයකින් බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණ බැංකුකරණ ව්‍යාපාරික කටයුතු ද මෙහෙයවීමට අපේක්ෂිතය.
වේගවත් වර්ධනයක් සඳහා වූ බැංකුවේ තුන් අවුරුදු සැලසුමේ දෙවන වසර තුළ කැපීපෙනෙන වර්ධනයක් අත්කර ගෙන ඇති මේ මොහොතේ මෙම නව පත්වීම් දෙක සිදුවීම විශේෂත්වයකි. බැංකුව ආදායම් සහ ලාභය තුළ අඛණ්ඩ වර්ධනයක් අත්කර ගෙන ඇති අතර ෆිච් ශ්‍රේණිගත කිරීම්හි දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීමට බැංකුව ඇතුළත් කිරීම හරහා එම වර්ධනය මැනවින් පිළිබිඹු විය.
යුනියන් බැංකුවේ විධායක අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ, තොග බැංකුකරණ අංශයේ උප සභාපතිනී හිරන්ති ද සිල්වා, උප සභාපති, භාණ්ඩාගාර ප්‍රධානී විජේ දඹවින්න, මෙහෙයුම් අංශයේ උප සභාපති එස්. ශ්‍රී ගනේන්ද්‍රන්, මානව සම්පත් අංශයේ උප සභාපති රවී ජයසේකර, පාරිභෝගික බැංකුකරණ අංශයේ උප සභාපතිනී චායා ජයවර්ධන, සහකාර උප සභාපතිනී/නෛතික කටයුතු ප්‍රධානී/ලේකම් ඉනෝකා ජයවර්ධන, ප්‍රධාන තොරතුරු නිලධාරී නිසල කොඩිප්පිලි, සුළු හා මධ්‍ය පරිමාණ සහ මුදල් හුවමාරු බැංකුකරණ අංශයේ උප සභාපති අසංක රන්හොට්ටි, ප්‍රධාන මුල්‍ය නිලධාරී මලින්ද සමරතුංග සහ ප්‍රධාන අවදානම් නිලධාරී සුහේන් වනිගසූරිය යන මහත්ම මහත්මීහු බැංකුවේ නායකත්ව කණ්ඩායමට ඇතුළත් වෙති.
TPG ආයතනයේ ශක්තිමත්බව සමගින් යුනියන් බැංකුව මෙරට ඉහළම ප්‍රාග්ධනයෙන් යුතු වාණිජ බැංකුව බවට පත්වීම සඳහා මනා සූදානමකින් පසුවෙයි. TPG යනු ඇමරිකා ඩොලර් බිලියන 70කට අධික ප්‍රාග්ධනයක් කළමනාකරණය කරන එක්සත් ජනපදයේ ගෝලීය පුද්ගලික ආයෝජන ආයතනයක්වන අතර ආසියාව සහ යුරෝපය තුළ එහි ගෝලීය ජාලය කැපීපෙනෙන ලෙස ව්‍යාප්ත වී ඇත. TPG ආයතනයේ ආයෝජනය සමගින් යුනියන් බැංකුව ආයතනික, සුළු හා මධ්‍ය පරිමාණ සහ පාරිභෝගික බැංකුකරණ අංශ සඳහා පරිපූර්ණ සේවා සපයන වාණිජ බැංකුවක් ලෙස වර්ධනය වීමේ පරිණාමීය මාවතට පිවිස සිටී. මුල්‍ය ස්ථාවරත්වය සහ නව්‍ය ව්‍යාපාරික ඉලක්කය සමග බැඳුනු ස්ථාවර පදනම තුළින් යුනියන් බැංකුව මෙරට ශීඝ්‍රයෙන් ම ව්‍යාප්තවන වාණිජ බැංකුවක් බවට පත්ව සිටී.


