ප්‍රවීණ ආර්ථික සහ රාජ්‍ය ප්‍රතිපත්ති විශේෂඥවරියකවන ආචාර්ය රොෂෑන් ඈන් පෙරේරා මහත්මිය 2021 ජුලි මස 05 වනදා සිට බලපැවැත්වෙන පරිදි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ ධුරයට පත් කෙරුණු බව යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනය කළේය.
ආචාර්ය පෙරේරා මහත්මිය මුල්‍ය සහ පොදු දේපොළ සම්බන්ධව රාජ්‍ය ප්‍රත්තිපත්ති ක්ෂේත්‍රයේ වසර 20 කට අධික අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියයි. ඊට අමතරව මුල්‍ය ආයතන නියාමනය සහ අධීක්ෂණය මෙන්ම අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති පුළුල් කිරීම සම්බන්ධව ද ඇය කටයුතු කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ ඇය මේවන විට දෙස්-විදෙස් බහුපාර්ශ්වික නියෝජිත ආයතනවල ස්වාධීන උපදේශිකාවක ලෙස කටයුතු කරයි. ආචාර්ය පෙරේරා මහත්මිය ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය සහ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනය ආදී ආයනත රැසක අධ්‍යක්ෂ ධුර දරා ඇත. මේවන විට ඇය සෙංකඩගල ෆිනෑන්ස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කරයි.
ඇමරිකා එක්සත් ජනපදයේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ජෝන් එෆ්. කෙනඩි රාජ්‍ය ශාස්ත්‍රාලයේ එඩ්වර්ඩ් එස් මැන්සන් අධිශිෂ්‍යත්ව ලාභිනියක ලෙස ආචාර්ය පෙරේරා මහත්මිය රාජ්‍ය පරිපාලන අංශයේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කර ඇත. ඊට අමතරව, ඕස්ට්‍රේලියාවේ මෙල්බෝර්න් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ දර්ශනවේදී උපාධිය, ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ පාරිසරික භූගෝලවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ද ඇය හිමිකරගෙන ඇත.


