යුනියන් බැංකුව, පසුගියදා එහි ප්‍රධාන කාර්යාලයේ පැවති උත්සවයකදී තම ප්‍රථම Toastmasters සමාජය ස්ථාපනය කළ බව නිවේදනය කළේය. ඒ අනුව, මෙම වසර සඳහා විධායක කමිටු සාමාජිකයින් හත් දෙනෙකු ඇතුළුව Toastmasters වරු 18 දෙනෙකු නව කමිටු මණ්ඩලය ලෙස තෝරා පත්කර ගැනිණි. වෘත්තීය ගමන්මගේ ඉදිරියට ගමන් කිරීම සඳහා කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ සන්නිවේදන සහ නායකත්ව කුසලතා වර්ධනය කිරීම වෙනුවෙන් යුනියන් බැංකුව ක්‍රියාත්මක කරන කුසලතා සංවර්ධන ක්‍රමෝපායේ තවත් එක් ඉදිරි පියවරක් ලෙස Toastmasters සමාජය ස්ථාපනය කෙරිණි. දසුන් සිරිවර්ධන (සභාපති), කමින්ද කුමාරසිංහ (උප සභාපති-අධ්‍යාපන), කිෂෝ ප්‍රසාත් (උප සභාපති-සාමාජිකත්ව), ෂෙහාන් පීරිස් (උප සභාපති – මහජන සම්බන්ධතා), නිරූපමා බණ්ඩාර (ලේකම්), අනුරාධ ජයසූරිය (භාණ්ඩාගාරික) සහ ෂේන් මිරැන්ඩා (නියාමක) යන පිරිස 2023/24 වසර සඳහා නව කමිටු මණ්ඩල සාමාජිකයින් ලෙස තේරී පත්වූහ.
යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා විසින් යුනියන් බැංකුවේ Toastmasters සමාජය දියත් කරන ලද අතර, බැංකුවේ කළමනාකාරිත්වය, කාර්යමණ්ඩල සාමාජිකයින් සහ සෙසු ආරාධිතයෝ රැසක් ද එම අවස්ථාවට සහභාගී වූහ. Toastmasters නියෝජනය කරමින් දිස්‌ත්‍රික් 82, කලාප E4 Toastmaster නිසල් වීරකෝන් මහතා, එම සමාජයේ සෙසු සාමාජිකයින් ද සමග මෙම අවස්ථාවට සහභාගී වූයේය.
“වර්තමානයේ පැන නගින අභියෝග ජය ගැනීමට නම්, යුනියන් බැංකු කණ්ඩායම තුළ අමතර කුසලතා සහ හැකියා වර්ධනය කිරීම අත්‍යවශ්‍ය වනවා. ආත්ම විශ්වාසය ගොඩනැගීම සහ නායකත්වය ලබාදීම මගින් එම අභියෝග ජය ගැනීමට යුනියන් බැංකු Toastmasters සමාජය සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරනු ඇති බව අපගේ විශ්වාසයයි,” යනුවෙන් යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා අදහස් පළ කළේය.
Toastmasters යනු, සිය සාමාජිකයින්ගේ කථන සහ නායකත්ව කුසලතා වැඩිදියුණු කිරීමට සහයෝගය ලබාදෙන, ලාභ අපේක්ෂාවෙන් තොරව ක්‍රියාත්මකවන ගෝලීය වැඩසටහනකි. එහි ප්‍රධාන ශාඛාව ඇමරිකා එක්සත් ජනපදයේ එංගල්වුඩ් කොලරාඩෝහි පිහිටා ඇති අතර, එය 1924 වසරේදී ස්ථාපිත කෙරිණි. මේවන විට ලොව පුරා රටවල් 144 ක සමාජ 14,700 ක් එහි සාමාජිකත්වය දරයි.
සේයා රූ සටහන:
යුනියන් බැංකුවේ Toastmasters වරු, එම බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා සහ කළමනාකාරිත්වයේ සාමාජික-සාමාජිකාවන් සමග