සරත් වික්‍රමනායක යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල ධූරයට

සරත් වීරසේකර මහතා ජුනි මස 21 වනදා සිට බලපැවැත්වෙන පරිදි විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස තම අධ්‍යක්ෂ මණ්ඩලයට තෝරා පත්කර ගත් බව යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝ පීඑල්සී ආයතනයට නිවේදනය කළේය.බැංකුකරණ ක්ෂේත්‍රයේ වසර 27කට අධික කාලයක මෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ වසර 16කට අධික කාලයක අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන වික්‍රමනායක මහතා ජ්‍යෙෂ්ඨ මුල්‍ය විධායක නිලධාරියෙකි.

ජාතික සංවර්ධන බැංකුව ඇතුළු මෙරට ප්‍රමුඛ පෙළේ ආයතන රැසක අධ්‍යක්ෂ මණ්ඩල ධුරය හොබවා ඇති ඒ මහතා 1999 සිට 2003 දක්වා යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස ද කටයුතු කළේය. ඊට පෙර බර්මියුඩාවේ ජාත්‍යන්තර බැංකුවක්වන බටර්ෆීල්ඩ් බැංකුවේ වසර 19ක සේවා කාලයකට හිමිකම් කියමින් ඒ මහතා එහි විධායක උප සභාපති සහ ප්‍රධාන මුල්‍ය නිලධාරී ලෙස කටයුතු කළ අතර එක්සත් රාජධානිය, චැනල් දූපත්, හොං කොං, සිංගප්පූරුව සහ කේමන් දූපත්හි සමස්ත මෙහෙයුම් වගකීම ද දැරුවේය.

තවද, AIA Insurance Lanka, NDB Wealth Management, NDB Investment Bank, NDB Capital Holdings, NDB Zephyr Partners Lanka සහ NDB Capital (Bangladesh) ඇතුළු සමාගම් රැසක ද එතුමා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.

වික්‍රමනායක මහතා 1979 වසරේ සිට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ අධි සාමාජිකයෙකු ද වෙයි.

අවසන්-

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC