යුනියන් බැංකුව පාරිභෝගික පහසුව ඉහළ නැංවීමේ අඛණ්ඩ උත්සාහයන් වෙනුවෙන් නැවත වරක් ඇගයීමට ලක් වූ අතර, ශ්‍රී ලංකාවේ ගෙවීම් තාක්ෂණ නවෝත්පාදනයන් සඳහා ප්‍රමුඛයන් ඇගයීමට ලක් කරන උත්සවයක් වන, පසුගියදා පැවති LankaPay Technnovation සම්මාන උළෙලේදී, 2022 වසර සඳහා හොඳම පොදු ATM ජාලය පවත්වාගෙන යන බැංකුවක් ලෙස කුසලතා සම්මානයක් හිමිකර ගත්තේය. ගනදෙනුකරුවන්ට ATM වෙත පහසු ප්‍රවේශය සලසා දෙමින් යුනියන් බැංකුව දැනට දිවයින පුරා ATM යන්ත්‍ර 108ක් පවත්වාගෙන යයි.
පින්තූරය – වමේ සිට දකුණට, යුනියන් බැංකුවේ සිල්ලර බැංකුකරණය අංශයේ යොහාන් අලහකෝන් සහ මනීෂ ප්‍රනාන්දු, ශ්‍රී ලංකා මුදල් මණ්ඩලයේ ආචාර්ය රනී ජයමහ, යුනියන් බැංකුවේ තොරතුරු තාක්ෂණ අංශයේ ඉන්ද්‍රජිත් හපුආරච්චි සහ LankaPay (පුද්ගලික) සමාගමේ චන්න ද සිල්වා යන නිලධාරි.


