යුනියන් බැංකුව වසර 25 ක් සපුරයි

සේයා රූ සටහන:

යුනියන් බැංකුවේ 25 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධාන කෙරුණු ආගමික වතාවත්වල සුවිශේෂී අවස්ථා කිහිපයක්

සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව ඇතුළු ආගමික වතාවත් රැසකින් සැමරේ

යුනියන් බැංකුව මෙරට බැංකුකරණ ක්ෂේත්‍රයේ වසර 25ක් සැමරීම නිමිත්තෙන් ආගමික වතාවත් ඇතුළු තවත් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.

1995 වසරේදී මෙරට 8 වන දේශීය බැංකුව ලෙස ආරම්භ කෙරුණු යුනියන් බැංකුව, එතැන් සිට ශීඝ්‍ර වර්ධනයකට සහ පරිණාමනයකට හිමිකම් කියා ඇත. බැංකුකරණ ක්ෂේත්‍රයේ නවමු මානයන් සොයා යාමේ අභියෝගය බාර ගනිමින් ශ්‍රී ලාංකේය මුල්‍ය සේවා වෙළඳපොළ තුළ අසමසම පාර්ශ්වකරුවෙකු බවට පත්වීමේ තිර අදිටනින් යුතුව යුනියන් බැංකුව සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය. ගෝලීය වශයෙන් කීර්තිමත් නාමයක් හිමිකර ගෙන සිටින මහා පරිමාණ වාණිජ බැංකු ඇතුළුව තවත් දැවැන්ත බැංකු රැසක් මෙහෙයුම් කටයුතු සිදු කරන අභියෝගාත්මක පරිසරයක් තුළ තිරසර ලෙස රැඳී සිටීම සඳහා යුනියන් බැංකුවට තමන්ටම ආවේණික වූ පෞරුෂත්වයක් සහ අනන්‍යතාවක් ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්වූයේ නිතැතිනි.

මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීමේ ගමනේදී, ශ්‍රී ලාංකේය ආර්ථික වර්ධනය සඳහා අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව තිබූ නමුත් බැංකුවල අවධානය එතරම් යොමු නොවූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය කෙරෙහි සිය අවධානය යොමු කිරීමේ වැදගත්කම යුනියන් බැංකුව මැනවින් හඳුනා ගත්තේය. වසර ගණනක් පුරා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් කැපවූ සේවාවක් ලබා දෙමින් ජාතික සංවර්ධනයේ ඉලක්කවලට සමගාමීව එම ව්‍යවසාය තිරසර අන්දමින් නගාසිටුවීම සඳහා යුනියන් බැංකුව වඩාත් ප්‍රායෝගික වැඩපිළිවෙලක් දියත් කළේය. මෙම ක්ෂේත්‍රයේ වැදගත්කම හඳුනා ගනිමින් යුනියන් බැංකුව ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා දැවැන්ත දායකත්වයක් ලබා දුන් අතර එම සහයෝගය මත අනාගත පරපුරට ආදර්ශමත් ව්‍යවසාය රැසක් මෙරටට දායාද කිරීමට ද යුනියන් බැංකුවට හැකි විය. එම සුවිශේෂී දායකත්වය හමුවේ ප්‍රජාවගේ සේවානියුක්තිය වැඩිදියුණු කිරීම හරහා ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම, යම් ක්ෂේත්‍ර තුළ යළි පුනරුදයක් ඇති කිරීම මගින් රටේ සමස්ත සමාජ සහ ආර්ථික සංවර්ධනයට දායකත්වය ලබා දීමට යුනියන් බැංකුව පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය.

ලොව විශාලත ම ආයෝජන සමාගමක්වන TPG සමාගම 2014 වසරේදී යුනියන් බැංකුවේ කොටස් 70% ක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 117 ක් ආයෝජනය කළ අතර එය යුනියන් බැංකුවට පමණක් නොව; ශ්‍රී ලංකාවේ සමාගමක් වෙනුවෙන් සිදු කෙරුණු විශාලතම සෘජු විදේශ ආයෝජනයක් ලෙස සමස්ත බැංකු ක්ෂේත්‍රයට ද සුවිශේෂී කඩයිමක් විය. මෙය, යුනියන් බැංකුවේ ශීඝ්‍ර වර්ධනයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළේය. මුල්‍ය ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර විශේෂඥ දැනුම සමගින් යුනියන් බැංකුව වර්තමානයේ තනි පුද්ගලයින්, ව්‍යවසායකයින් සහ ආයතන මුල්‍යමය වශයෙන් සවිබල ගන්වන පරිපූර්ණ සේවා සම්පාදනය කරන මුල්‍ය ආයතනයක් බවට පත්ව සිටී. තවදුරටත් මෙම ක්ෂේත්‍රය සවිබල ගැන්වීම සඳහා එම ක්ෂේත්‍රයේ අවශ්‍යතා අනුව සකස් කරන ලද සේවා ලබා දීමට යුනියන් බැංකුව පුළුල් ඉලක්කයකින් සහ දැක්මකින් යුතුව කටයුතු කරයි.

ප්‍රාග්ධන ආසේචනයෙන් අනතුරුව, බැංකුව සිය සේවා, මානව ප්‍රාග්ධනය, තාක්ෂණය සහ සේවා පිරිනමන ක්‍රමවේද වෙනුවෙන් කැපීපෙනෙන නවෝත්පාදන සහ වැඩිදියුණු කිරීම් සිදු කරමින් වේගවත් වර්ධනයක් සඳහා පූර්ණ ප්‍රතිසංස්කරණ සැලසුමක් දියත් කළේය. ශාඛා 67 කින් යුතු දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය සහ පුළුල් ATM සහ ඩිජිටල් බැංකුකරණ සේවා පෙළ හරහා එම බැංකුව විවිධ පාරිභෝගික අංශ වෙනුවෙන් සිය සේවා පිරිනමයි.

යුනියන් බැංකුව මෙම සුවිශේෂී සංධිස්ථානයට ළඟා වීම පිළිබඳ මා බෙහෙවින් ආඩම්බර වනවා. මෙතෙක් අප ආ ගමන්මගේ සාර්ථකත්වයේ රහස, කැපවීමෙන් කටයුතු කරන අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන් බව සඳහන් කළ යුතුයි. බැංකුවේ වර්ධනයත් සමග අපගේ කණ්ඩායම 1200 ඉක්මවා තිබෙන අතර ඔවුන් අපගේ අනාගත ඉලක්ක සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය ලබා දෙනු ඇති. අපගේ පරිණාමීය වර්ධනය අප මේ වසර පුරාම විවිධ වැඩසටහන් රැසක් හරහා සැමරීමට අපේක්ෂා කරනවා. එම වැඩසටහන් මාලාව අප පසුගියදා සංවිධාන කළ ආගමික වැඩසටහන් හරහා අප මේවන විටත් ආරම්භ කර තිබෙනවා. යුනියන් බැංකුවේ අනාගතය බෙහෙවින් සිත්ගන්නාසුළු වන අතර ඉදිරි වසරවලදී අපගේ බහුවිධ වර්ධනය හරහා ප්‍රතිලාභ අත්කර ගන්නා ලෙස අප අපගේ සියලු ම පාර්ශ්වකරුවන්ට ආරාධනා කර සිටිනවා.” යනුවෙන් යුනියන් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

යුනියන් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ පැවති සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවකින් සහ දානමය පිංකමකින් එහි 25 වන සංවත්සරයේ වැඩසටහන් මාලාව ආරම්භ කෙරිණි. යුනියන් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා මෙන්ම, එම බැංකුවේ නායකත්ව කණ්ඩායම, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහ කාර්යමණ්ඩල සාමාජිකයෝ ද සිය පවුලේ සාමාජිකයන් සමග මෙම ආගමික වතාවත් සඳහා සහභාගී වූහ. සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවෙන් අනතුරුව ත්‍රෛනිකායික මහා සංඝරත්නය නියෝජනයවන ලෙස සංවිධාන කෙරුණු ආගමික වැඩසටහන් මාලාව සඳහා යුනියන් බැංකුවේ කළමනාකාරිත්වය සහ කාර්යමණ්ඩලය ද සහභාගී වූහ. සිය පාරිභෝගිකයන්ටත්, කාර්යමණ්ඩලයටත්, රටටත් එහි ජනතාවටත් සෙත් පැතීමේ අරමුණින් මෙම වැඩසටහන් සංවිධාන කෙරිණි.

TPG සමාගම පිළිබඳ

1992 වසරේදී ආරම්භ කෙරුණු ලොව ප්‍රමුඛත ම ගෝලීය පුද්ගලික ආයෝජන සමාගමක්වන TPG සමාගම, ඇමරිකානු ඩොලර් බිලියන 100 කට අධික වටිනාකමකින් යුතු වත්කම් කළමනාකරණය කරයි. සැන් ෆ්‍රැන්සිස්කෝ, ෆෝර්ට් වර්ත්, ඔස්ටින්, බීජිං, හොං කොං, හුස්ටන්, ලන්ඩන්, ලක්සම්බර්ග්, මෙල්බර්න්, මොස්කව්, මුම්බායි, නිව් යෝර්ක්, සාඕ පෝලෝ සහ සිංගප්පූරුව යන නගර සහ රටවල එහි කාර්යාල පිහිටා ඇත. TPG සමාගම 1994 වසරේ පටන් ආසියානු කලාපයේ ආයෝජන කටයුතු සිදු කර ඇති අතර, මේවන සිය හත්වන ආසියානු අරමුදල හරහා එම කලාපයේ ආයෝජන කටයුතු සිදු කරයි. සමාගම් පාලන කොටස් මිලදී ගැනීම්, ප්‍රතිප්‍රාග්ධනය, දීර්ඝ කිරීම්, වර්ධන ආයෝජන, ඒකාබද්ධ ප්‍රාග්ධන සම්පානය සහ ප්‍රතිව්‍යුහගතකරණය හරහා එම සමාගම ගෝලීය පොදු සහ පුද්ගලික ආයෝජන රැසක් සිදු කර අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියයි. මුල්‍ය සේවා, ගමනාගමන සහ විනෝදාස්වාද, තාක්ෂණය, බලශක්තිය, කර්මාන්ත, පාරිභෝගික, දේපොළ, ජනමාධ්‍ය සහ සන්නිවේදනය සහ සෞඛ්‍ය ආදී විවිධ ක්ෂේත්‍ර රැසක එම සමාගම ආයෝජන සිදු කර ඇත.

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC