මේ වසරේ අගෝස්තු මසදී සිය ක්‍රෙඩිට් කාඩ්පත් හඳුන්වා දීමෙන් අනතුරුව යුනියන් බැංකුව මහනුවරදී තවත් විශේෂ හඳුන්වාදීමේ උළෙලක් සංවිධානය කළේය. මහනුවර අර්ල්ස් රීජන්සි හෝටලයේ පැවති මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත නියෝජනය කරමින් සේවාලාභීන්, ආරාධිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
සිය පාරිභෝගික බැංකුකරණ සේවා සඳහා නැවුම් ප්‍රවේශයක් හිමිකර දෙමින් යුනියන් බැංකුව VISA payWave තාක්ෂණයෙන් යුතුව ගෝල්ඩ්, ප්ලැටිනම් සහ සිග්නේචර් යන ක්‍රෙඩිට් කාඩ්පත් තුන හඳුන්වා දුන්නේය. විවිධ පාරිභෝගික අංශවල අවශ්‍යතා මැනවින් හඳුනා ගනිමින් එම අවශ්‍යතාවලට ඔබින පරිදි පුළුල් පරාසයක විහිදුනු දීමනා, ප්රතිලාභ සහ සුවිශේෂී විශේෂාංග රැසකින් යුතුව මෙම ක්‍රෙඩිට් කාඩ්පත් හඳුන්වා දීම විශේෂත්වයකි.
“VISA PayWave තාක්ෂණයෙන් යුතු යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් පාරිභෝගිකයාට උපරිම පහසුව සලසා දීම සඳහා දැනට ක්ෂේත්රයේ පවතින ප්‍රමිතියෙන් උසස් ම ප්ලාස්ටික් ආවරණයකින් නිමවා තිබෙනවා. ඊට අමතරව මෙම ප්රතිලාභ රැසක් සහ වසර පුරා දීමනා රැසක් ද පාරිභෝගිකයන් හට පිරිනැමීමට අප කටයුතු කර තිබෙනවා” යනුවෙන් යුනියන් බැංකුවේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
මහනුවරදී සංවිධානය කෙරුණු මෙම උළෙලේ ප්‍රධානත ම අරමුණ වූයේ යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් හඳුන්වාදීමත් ජනතාව අතර දැනුවත් භාවය ඇති කිරීමත්ය. තවද, කැන්ඩි සිටි සෙන්ටර්හිදී (KCC) දෙදින ප්‍රවර්ධන වැඩසටහනක් ද දියත් කෙරුණු අතර යුනියන් බැංකු කණ්ඩායම එහිදී ක්‍රෙඩිට් කාඩ්පත්වල ප්රතිලාභ සහ දීමනා පිළිබඳ දැනුවත් කළෝය.
ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්වෙමින් ඇති යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් පිරිනමන සුවිශේෂී ඉතුරුම් සහ වට්ටම් නිසාම කාඩ්පත්හිමියන් හට පුළුල් භාවිත අත්දැකීමක් හිමිකර දීමට සමත්ව සිටී.
දිවයින පුරා විහිදුනු යුනියන් බැංකු ශාඛා ජාලයෙන් මෙම ක්‍රෙඩිට් කාඩ්පත් ලබාගත හැකි අතර අන්තර්ජාලයෙන් හෝ සතියේ දින 7ම පැය 24 පුරා ක්‍රියාත්මක 011 58005800 ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීමෙන් හෝ තමන්ට ම වෙන්වූ විකුණුම් නිලධාරියෙකු හරහා පහසුවෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් සහ වෙනත් නිෂ්පාදන සහ සේවා පිළිබඳ තොරතුරු සඳහා unionb.com වෙත පිවිසෙන්න.


