යුනියන් බැංකුව අලුත් අවුරුද්දට පෙර තෑගි රැගෙන එයි

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුදානම් වන සිය පාරිභෝගිකයින් ඇගයීම සඳහා යුනියන් බැංකුව ‘කලින් අවුරුදු ගනුදෙනු’වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ. සිය ඉතිරි කිරීමේ ගිණුම් වල මෙම කාලසීමාවේදී මුදල් තැන්පත් කරන පාරිභෝගිකයින් වෙනුවෙන් මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වේ.

මෙම තෑගි පිරිනැමීම 2017 මාර්තු 25 ආරම්භවු අතර, පාරිභෝගිකයින්ගේ ඉතුරුම් ශේෂය ඉහළ යන අතරම වටිනා තෑගි දිනාගැනීමේ අවස්ථාව ඔවුන්ට හිමිව තිබේ. මේ වර්ෂයේ ‘කලින් අවුරුදු ගනුදෙනු’ ප්‍රවර්ධන වැඩසටහන පෙර වර්ෂයන්ට වඩා විශේෂත්වයක් ගන්නා අතර, පාරිභෝගික ආකර්ෂණය වඩාත් හිමිකර ගැනීමේ හැකියාව සහිතව ඉතිරි කිරීම් සඳහා තෑගි පිරිනැමීමට කටයුතු කර තිබේ.

දැනට යුනියන් බැංකුවේ පවත්වාගෙන යන සහ නව ඉතිරි කිරීමේ ගිණුම්/ ජංගම ගිණුම් සඳහා සිදුකරන මුදල තැන්පතුවලට මෙම තෑගි පිරිනැමේ. රුපියල් 10,000/-ට වැඩි තැන්පතු සඳහා ට්‍රැවලින් බෑගයක්, රුපියල් 50,000/-ට වැඩි තැන්පතු සඳහා විදුලි කේතලයක්, රුපියල් 100,000/-ට වැඩි තැන්පතු සඳහා බ්ලූටූත් ස්පීකරයක්, පොප් අප් ටෝස්ටරයක් හෝ ජංගම පවර් බෑන්ක් එකක් යන තෑගි අතරින් කැමති ත්‍යාගයක් තෝරා ගැනීමේ අවස්ථාවද ලබා දී තිබේ. රුපියල් 500,000/-ට වැඩි තැන්පතු සඳහා ගෑස් සිලින්ඩරයක්, ගෑස් කුකරයක් හෝ ආහාර සැකසුම් යන්ත්‍රයක් හෝ දුරස්ථ පාලක ස්ටෑන්ඩ් විදුලි පංකාවක් යන තෑගි අතරින් කැමැති ත්‍යාගයක් තෝරා ගැනීමටද අවස්ථාව ලබා දී තිබේ. රුපියල් 1,000,000 සහ ඊට වැඩි තැන්පතු සඳහා LED රූපවාහිනී, මිනි බාර් ශීතකරණ, ටැබ් පරිගණක, ගෑස් සිලින්ඩර, ලිප් දෙකේ ගෑස් උදුන් සහ සාස්පාන් කට්ටල වැනි මුළුතැන්ගෙයි භාණ්ඩ තෝරාගැනීමට යුනියන් බැංකුව පාරිභෝගිකයාට අවස්ථාව ලබා දී තිබේ.

අල්ට්‍රා සේවර් සහ සැලරි පවර් වැනි යුනියන් බැංකුවේ ඉතිරි කිරීමේ විසඳුම් ක්‍රමානුකූලව ඉතිරි කිරීමට හුරුවී සිටින්නන් හට සුදුසුම පිළිතුරකි. ඔවුන්ට ආකර්ෂණීය ප්‍රතිලාභ සහ අගය එකතු කිරීම් මෙම ගිණුම් හරහා හිමිවේ. මෙම ප්‍රවර්ධන වැඩසටහන මෙවැනි ගිණුම් හිමියන් සඳහා විශේෂ වටිනාකමක් ලබා දෙයි. යුනියන් බැංකුවේ ශාඛා 67ක් දිවයින පුරා පිහිටා තිබෙන අතර, LankaPay සමග සම්බන්ධිත ATM යන්ත්‍ර 4,000කට අධික ප්‍රමාණයකින් ගනුදෙනු කිරීමේ අවස්ථාවද පාරිභෝගිකයින්ට ලබා දී තිබේ.

යුනියන් බැංකුව සිය අන්තර්ජාල බැංකු සේවාව හරහා පාරිභෝගිකයින්ට නව්‍ය බැංකුකරණ අත්දැකීමක් ලබා දෙන අතර, පාරිභෝගිකයින්ගේ ජීවන රටාවන්ට ගැලපෙන මොබයිල් බෑන්කින් සේවාවක්ද යුනියන් බැංකුව සතුය.

කලින් අවුරුදු ගනුදෙනු’ වැඩසටහන සීමිත කාලයකට පමණක් පවත්වන අතර තොග අවසන් වීමත් සමග වැඩසටහනද නිමාවට පත්වේ. මෙම දීමනා ලබාගැනීමට ආසන්නතම යුනියන් බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් පැය විසි හතර පුරා විවෘත පාරිභෝගික ඇමතුම් සේවා අංකය වන 011 5 800 800 අමතන්න.

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC