යුනියන් බැංකුවේ පාරිභෝගික සහ සුළු හා මධ්‍ය පරිමාණ බැංකුකරණ සම්මාන උළෙලේදී විශිෂ්ටයෝ ඇගයෙති

සේයා රූ සටහන : 2018 වසරේ විශිෂ්ටත ම ශාඛාව ලෙස සම්මානයට පාත්‍ර වූ පිළියන්දල ශාඛාව යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ ට්‍රෙවින් ප්‍රනාන්දුපුල්ලේ, එම බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ (මැද) සමග. (වමේ සිට දකුණට) පිළියන්දල ශාඛා කළමනාකාර හසිත විජේරත්න, පාරිභෝගික බැංකුකරණ අංශයේ උප සභාපතිනී ඡායා ජයවර්ධන, තොග බැංකුකරණ අංශයේ උප සභාපතිනී හිරන්ති ද සිල්වා, ශාඛා ජාල අංශයේ සහකාර උප සභාපති මහේන්ද්‍ර ඉලංගසිංහ ද ඡායරූපයේ වෙති

යුනියන් බැංකුවේ පාරිභෝගික සහ සුළු හා මධ්‍ය පරිමාණ බැංකුකරණ සම්මාන උළෙලේදී බැංකුවේ එම අංශයේ විශිෂ්ටයන් ඇගයුමට ලක්කෙරිණි. එම සම්මාන උළෙල ‘Race to Win’ තේමාව යටතේ මාර්තු මස 30 වනදා මරිනෝ බීච් හෝටලයේදී පැවැත්විණි.

විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කරමින් 2018 වසරේදී යුනියන් බැංකුව සිය හර බැංකුකරණ අංශයේ අත්කර ගත් කැපීපෙනෙන වර්ධනය සඳහා දායකත්වය ලබාදුන් ශාඛාව සහ කාර්යමණ්ඩල සාමාජිකයන් මෙහිදී ඇගයුමට ලක්කෙරිණි.

දෙවන වරටත් සංවිධාන කෙරුණු මෙම සම්මාන උළෙලේදී විශිෂ්ට විකුණුම් නිලධාරීන් සහ ශාඛා ඇගයුමට ලක්කරමින් කාණ්ඩ හතළිස් තුනක් යටතේ සම්මාන ප්‍රදානය කෙරිණි. යුනියන් බැංකු අධ්‍යක්ෂ මණ්ඩල අධ්‍යක්ෂ ට්‍රෙවින් ප්‍රනාන්දුපුල්ලේ, එම බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ සහ බැංකුවේ ප්‍රධාන කළමනාකාරිත්වය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

සම්මාන උළෙලේ ප්‍රධාන කතාව සිදුකරමින් යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා සම්මානලාභීන් සියලු දෙනාට ම සිය සුබපැතුම් එක් කළේය. “2018 වසරේදී බැංකුව අත්කර ගත් සුවිශේෂී ප්‍රගතිය සඳහා ඉදිරිපෙළ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ කැපවීම, උනන්දුව සහ අසමසම විශේෂඥ දැනුම මනාව උපකාරී වුණා. එමෙන්ම සහය ක්‍රියාකාරකම් ද බැංකුවේ ඉලක්ක සහ අරමුණු සාක්ෂාත් කර ගැනීමට උපකාරී වුණා. යුනියන් බැංකුවේ තුන් අවුරුදු ක්‍රමෝපාය වර්ධන සැලසුමේ පළමු වසර සම්පූර්ණ කර සිටින මේ මොහොතේ අප පසුකරමින් සිටින්නේ අපගේ සාර්ථකත්වයේ ගමන්මගේ මධ්‍ය සංධිස්ථානයක්. මේ වසරේදී සහ එළඹෙන වසරේදී අප අලුත් ම වර්ධන ක්‍රමෝපායක් සකස් කර යුනියන් බැංකුවේ මීළඟ පරිණාමය සිදුකරනවා. යුනියන් බැංකුවේ අනාගතය වෙනුවෙන් ඔබ සියලු දෙනාට ක්‍රියාකාරී භූමිකාවක් හිමිවනවා. මෙරට පාරිභෝගික සහ සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ තේරීම බවට පත්වීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබගේ එම සහයෝගය බෙහෙවින් වැදගත් වනවා”

වසරේ විශිෂ්ටත ම බැංකුකරණ සබඳතා කළමනාකරු, විශිෂ්ටත ම කණ්ඩායම් නායක-වගකීම් විකුණුම්, විශිෂ්ටත ම කණ්ඩායම් නායක – පුද්ගලික ණය/නිවාස ණය, විශිෂ්ටත ම එකතු කිරීමේ නියෝජිත, විශිෂ්ටත ම හුවමාරු බැංකුකරණ නිලධාරී, විශිෂ්ටත ම විකුණුම්කරු-කලාප මට්ටමින්, විශිෂ්ටත ම ශාඛාව – කලාප මට්ටමින් සහ විශිෂ්ටත ම ශාඛාව ආදිය මෙහිදී පිරිනැමුණු කීර්තිමත් සම්මාන රැස අතර වෙයි.

කලාප IA, කලාප IB, කලාප II, කලාප III සහ කලාප IV සඳහා විශිෂ්ටත ම ශාඛා ලෙස පිළිවෙලින් පිළියන්දල ශාඛාව, බොරැල්ල ශාඛාව, ඉබ්බාගමුව ශාඛාව, අකුරැස්ස ශාඛාව සහ මන්නාරම ශාඛාව සම්මානයට පාත්‍ර විය. වසරේ විශිෂ්ටත ම ශාඛාව ලෙස පිළියන්දල ශාඛාව සම්මානය හිමිකර ගැනීමට සමත් විය.

අවසන්-

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC