
උප සභාපති සබ්‍රි ගවුස්

ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂ ට්‍රෙවින් ප්‍රනාන්දුපුල්ලේ
යුනියන් බැංකුවේ නව උප සභාපති ධුරය සඳහා සබ්‍රි ගවුස් මහතාත්, නව ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂ ලෙස ට්‍රෙවින් ප්‍රනාන්දුපුල්ලේ මහතාත් 2020 නොවැම්බර් මස 2 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත් කළ බව එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනය කළේය.
2012 වසරේදී ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස යුනියන් බැංකුව සමග සම්බන්ධ වූ ගවුස් මහතා මේවන විට බැංකුවට අදාළ පාර්ශව හුවමාරු විමර්ශන කමිටුවේ (RPTRC) සභාපතිවරයා ලෙස කටයුතු කරයි. ඒ මහතා අධ්‍යක්ෂ මණ්ඩල ණය කමිටුවේත් (BCC), මානව සම්පත් සහ වේතන කමිටුවේත් (HRRC), නාම යෝජනා කමිටුවේත් (NC) සාමාජිකයෙකු ද වෙයි.
වසර 27 කට අධික බැංකුකරණ වෘත්තීය දිවිය තුළ එතුමා ඇමරිකන් එක්ස්ප්‍රස් බැංකුව, ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව සහ සවුදි අරාබියේ අල් රජ්හි බැංකුකරණ සහ ආයෝජන සංස්ථාව ඇතුළු ප්‍රමුඛ පෙළේ දෙස්-විදෙස් බැංකු ගණනාවක සේවය කර ඇත. පාරිභෝගික බැංකුකරණ, සබැඳි මෙහෙයුම් සහ ක්‍රමෝපාය සංවර්ධනය සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙමින් එම බැංකු අදාළ වෙළෙඳපොළ තුළ ප්‍රමුඛත ම බැංකු බවට පත්කිරීමට සහයෝගය ලබා දුන්නේය. මෙරට ප්‍රථම ආයතනික කාඩ්පත ලෙස 1991 වසරේදී හඳුන්වා දෙන ලද ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට නිකුත්කිරීමේ සහ අත්කර ගැනීමේ පුරෝගාමී මෙහෙවර ඉටු කරන ලද්දේ ද ගවුස් මහතාය. පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී ලෙස ද කටයුතු කළ ගවුස් මහතා පසුව එම බැංකුවේ ලෙවන්ට් කලාපයේ පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී ලෙස ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ Grindlays franchise ගෝලීය අත්කර ගැනීම සහ ග්‍රින්ඩ්ලේස් බැංකුවේ අත්කර ගැනීම සාර්ථකව සිදුකිරීමේ වගකීම දැරුවේය. මැලේසියාවේ අල් රජ්හි බැංකුවේ පාරිභෝගික බැංකුකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ඒ මහතා, එම බැංකුව මැලේසියානු වෙළඳපොළට ඇතුළත් වීමේදී එහි පාරිභෝගික ව්‍යාපාර සහ මෙහෙයුම් කටයුතු සාර්ථකව ස්ථාපනය කිරීමේ සහ රට පුරා එම බැංකුවේ ශාඛා ජාලය ව්‍යාප්ත කිරීමේ පුරෝගාමියා විය. ශ්‍රී ලංකාවේ හිටපු ණය තොරතුරු කාර්යංශයේ (CRIB) අධ්‍යක්ෂවරයා වූ ගවුස් මහතා, ඕස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාද් උපාධියකට හිමිකම් කියන අතර එක්සත් රාජධානියේ ව්‍යාපාරික පාසල සහ ඔක්ස්ෆර්ඩ් ටෙම්පල්ටන් පාසලේ විධායක නායකත්ව වැඩසටහන සඳහා ද සහභාගී වූයේය.
2017 වසරේදී ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස යුනියන් බැංකුව සමග එක්වූ ප්‍රනාන්දුපුල්ලේ මහතා, බැංකුවේ RPTRC, BCC, HRRC සහ NC යන කමිටුවල සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි. ඒ මහතා මුල්‍ය සේවා ක්ෂේත්‍රයේ වසර 40 කට අධික අත්දැකීම් සම්භාරයක් සහිත කීර්තිමත් බැංකුකරුවෙකි. යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වීමට පෙර ඒ මහතා DFCC සමූහයේ ප්‍රධාන අවදානම් නිලධාරී/අවදානම් අංශයේ විධායක උප සභාපති ලෙස මෙන්ම ලංකා බැංකුවේ ප්‍රධාන අවදානම් නිලධාරී ලෙස ද කටයුතු කළේය. මෙරට HSBC බැංකුවේ වසර 30 කට අධික කාලයක් සේවය කරමින් ප්‍රනාන්දුපුල්ලේ මහතා එම බැංකුවෙන් ඉවත්වන විට එහි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළේය. එහිදී එතුමා අවදානම් කළමනාකරණය, විදේශ විනිමය සහ භාණ්ඩාගාර, ජාත්‍යන්තර වෙළඳාම, ආයතනික බැංකුකරණ සහ පාරිභෝගික මෙහෙයුම් ආදී විවිධ අංශ සඳහා නායකත්වය ලබා දෙමින් ජාත්‍යන්තර බැංකුකරණ සහ අවදානම් කළමනාකරණය සම්බන්ධ විශේෂඥ අත්දැකීම් සම්භාරයක් හිමිකර ගත්තේය.
ඩුබායිහි AI Futtaim සමූහයට අයත් AMW කැපිටල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ සභාපති ධුරය දරන ඒ මහතා ජෝෂෆ් ෆ්‍රේසර් අනුස්මරණ රෝහලේ භාරකාර මණ්ඩලයේ සභාපති ධුරය ද හොබවයි. ඊට අමතරව ඒ මහතා කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය ද දරයි. ජාතික රක්ෂණ භාර අරමුදලේ අධ්‍යක්ෂවරයෙකු, වරලත් බැංකුකරුවන්ගේ ආයතනයේ මෙරට ශාඛාවේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා බැංකුකරණ අවදානම් වෘත්තිකයන්ගේ සංගමයේ නිර්මාතෘ සහ හිටපු සභාපතිවරයෙකු ද වන ප්‍රනාන්දුපුල්ලේ මහතා, ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඉම්පීරියල් ශාස්ත්‍රාලයේ ගණිතය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියකට මෙන්ම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ලන්ඩන් ආර්ථිකවිද්‍යා පාසලේ සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධියකට ද හිමිකම් කියයි. ඒ මහතා ලන්ඩලයේ වරලත් බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාකයෙකු/අධිසාමාකයෙකු ද වෙයි.
මෙම නව පත්වීම් සම්බන්ධව සුබපැතුම් එක්කරමින් යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහන් කර සිටියේ, ගවුස් මහතාත්, ප්‍රනාන්දුපුල්ලේ මහතාත් බැංකුවේ මෙහෙයුම් කටයුතු කළමනාකරණය කිරීම සඳහා දැවැන්ත සහයෝගයක්, මගපෙන්වීමක් සහ උපදේශනයක් ලබා දී ඇති බවය. මෙම පත්කිරීම් සමගින් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය තවදුරටත් ශක්තිමත් කෙරෙන අතර ඒ හරහා බැංකුවේ ඉදිරි වර්ධන ඉලක්ක වෙත ගමන්කිරීම සඳහා අවශ්‍ය ශක්තිය නොමඳව හිමිවනු ඇත. යුනියන් බැංකුවේ හිටපු උප සභාපති/ජ්‍යෙෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා බැංකුව වෙනුවෙන් ලබාදුන් සුවිසල් දායකත්වය වෙනුවෙන් ද අධ්‍යක්ෂ මණ්ඩලය සිය කෘතවේදීත්වය පළකර සිටියේය. ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා මහබැංකුවේ ආයතන පරිපාලන මාර්ගෝපදේශ අනුව වසර නවයක කාලයක් සම්පූර්ණ කර 2020 නොවැම්බර් මස 1 වනදා සිට බලපැවැත්වෙන පරිදි අධ්‍යක්ෂ මණ්ඩලයෙන් විශ්‍රාම ගත්තේය.


