යුනියන් බැංකුව, බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පසුගිය දා සිය අවුරුදු උත්සවය පැවත්වුහ. සිංහල සහ හින්දු නව වසර සැමරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානකර තිබූ අතර ප්‍රධාන කාර්යාලයේ සහ ශාඛාවල කාර්යමණ්ඩල සාමාජිකයෝ ඒ සඳහා සහභාගී වූහ.
යුනියන් බැංකු කාර්යමණ්ඩල සාමාජිකයින් වර්ණවත් ඇඳුම්-පැළඳුම්වලින් සැරසී අවුරුදු සිරිත් විරිත් වලට සහභාගී වූ උළෙල, විනෝදය සහ උද්‍යෝගය සපිරි උත්සවයක් විය. යුනියන් බැංකු අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගය මෙහිදී සැමගේ අවධානය දිනාගත් අංගයක් විය. තරගකරුවන් සියලු දෙනා දැක්වූ දක්ෂතා හේතුවෙන් ජයග්‍රාහකයින් තෝරාගැනීම විනිසුරු මණ්ඩලයට අභියෝගයක් වුවත්, අවසානයේදී බොරැල්ල ශාඛාවේ දුල්ෂාන් ඉන්දීවර සහ කාඩ්පත් මෙහෙයුම් අංශයේ ධනේෂිනි උදාරි පිළිවෙලින් 2023 අවුරුදු කුමරා සහ කුමරිය ලෙස කිරුළු පැළඳුහ.
යුනියන් බැංකු ක්‍රීඩා සංගමය මෙම උත්සවය සංවිධාන කළේය.
සේයා රූ සටහන: යුනියන් බැංකුවේ අවුරුදු කුමරා සහ කුමරිය – දුල්ෂාන් ඉන්දීවර සහ ධනේෂිනි උදාරි


