එළඹෙන අවුරුදු සමය සඳහා ම සුවිශේෂී වූ දීමනා රැසක් සිය ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත්හිමියන් සඳහා පිරිනැමීමට යුනියන් බැංකුව කටයුතු කරයි.
ඒ අනුව පුළුල් පරාසයක විහිදුනු ජනප්‍රිය ඇඳුම්, මෙවලම්, ආහාර පාන, ගෘහ භාණ්ඩ, ගෘහ උපාංග සහ අන්තර්ජාල අලෙවිකරුවන් රැසකගෙන් වට්ටම් සහ දීමනා හිමිකර ගැනීමේ අවස්ථාව යුනියන් බැංකු පාරිභෝගිකයන් හට හිමිවේ.
මේ අවුරුදු සමයේදී දිවයින පුරා විහිදුනු සුපිරි වෙළඳසැල්වලින් 20%ක් දක්වා ද, ප්‍රමුඛ පෙළේ ඇඟළුම් වෙළඳසැල්වලින් 30%ක් දක්වා ද, මෝටර් රථ සේවා ස්ථාන සඳහා 40%ක් දක්වා ද, ආකර්ෂණීය නිවාඩු ස්ථාන සඳහා 50%ක් දක්වා ද යුනියන් බැංකු ක්‍රෙඩිට්කාඩ්පත් සඳහා වට්ටම් හිමිවේ.
යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් වට්ටම් මෙරට ජනප්‍රිය හෝටල් සහ නිවාඩු නිකේතන සඳහා ද වසර පුරා ම පිරිනැමීමට කටයුතු කෙරේ.
මෙරට ජනතාවගේ ජීවන ශෛලියට ඔබින ලෙස පසුගිය ඔක්තෝබර් මසදී හඳුන්වාදෙන ලද යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත්, සුපිරි වෙළඳසැල්/සිල්ලර වෙළඳසැල් සහ ඉන්ධන බිල්පත් සඳහා ‘මුදල් ආපසු පිරිනැමීමේ’ දීමනාව නිසා ඉතා කෙටි කලක් තුළ ජනප්‍රියත්වයට පත්විය.
‘ස්වයිප් කරන්න, ප්‍රතිලාභ ලබන්න’ යන සිය ප්‍රතිඥාව අනුව යමින් යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් සිය පාරිභෝගිකයන් සඳහා විශිෂ්ට මුල්‍ය නම්‍යශීලිබවක් හිමිකර දෙයි. පොළී රහිත පහසු ගෙවීමේ ක්‍රම, කාඩ්පත් ණය සහ ශේෂය හුවමාරු කිරීමේ පහසුකම මෙන්ම ආකර්ෂණීය පහසු ගෙවීමේ වාරික මගින් ශේෂය පියවීමේ පහසුකම ඇතුළු සේවා සහ පහසුකම් රැසක් යුනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත්හිමියන් හට හිමිවේ.
මෙම සුවිශේෂී කාඩ්පත පිළිබඳ වැඩිදුර තොරතුරු 011 5 800 800 අංකය ඇමතීමෙන් හෝ www.unionb.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ලබාගත හැකිය.


