නැෂනල් ඇසට් මැනේජ්මන්ට් ලිමිටඩ්හි නව ප්‍රධාන විධායක නිලධාරී රුසිරු අබේසිංහ

නැෂනල් ඇසට් මැනේජ්මන්ට් ලිමිටඩ් (NAMAL) සමාගමේ සභාපති ඇලෙක්සිස් ලොවෙල් මහතා විසින් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස රුසිරු අබේසිංහ මහතා පත්කරනු ලැබ ඇත. මෙම පත්වීම 2018 අගෝස්තු මස 15 වනදා පටන් බලපැවැත්වේ. 1991 වසරේදී ස්ථාපනය කරන ලද එම සමාගම මෙරට පුරෝගාමී ඒකක භාර කළමනාකරණ ආයතනය ලෙස වසර 27ක අත්දැකීම් සම්භාරයකට මෙන්ම කොටස් සහ ස්ථාවර ආදායම් වෙළඳපල තුළ සාර්ථකත්වයේ ගමන්මගකට ද හිමිකම් කියයි. එම සමාගම යුනියන් බෑන්ක් ඔෆ් කලම්බෝහි අනු සමාගමක්වන අතර DFCC බැංකුව සහ Ennid Capital සමාගම එහි අනෙකුත් කොටස්කාර ආයතන වේ.

පුළුල් පරාසයක විහිදුනු වත්කම් වර්ග රැසක් තුළ වසර 11කට අධික අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන අබේසිංහ මහතා, මීට පෙර ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ඇසට්ලයින් හෝල්ඩින්ග්ස් (DPAH) සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස සේවය කළේය. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ඇසට්ලයින් හෝල්ඩින්ග්ස් යනු ඩේවිඩ් පීරිස් සමූහයේ සාමාජිකයෙකුවන අතර ඩේවිඩ් පීරිස් හෝල්ඩින්ග්ස් සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් ද වෙයි. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ඇසට්ලයින් හෝල්ඩින්ග්ස් සමාගමේ සේවයට එක්වීමට පෙර ඒ මහතා බ්‍රැන්ඩික්ස් ලංකා සහ ෆීනික්ස් ඉන්ඩස්ට්‍රිස් සමාගම්වල මව් සමාගමවන ෆීනික්ස් වෙන්චර්ස් සමාගමේ ආයෝජන ප්‍රධානී ලෙස සේවය කළේය. එම සමාගම තුළ අබේසිංහ මහතා ලැයිස්තුගත කොටස්, ස්ථාවර ආදායම්, පුද්ගලික කොටස් සහ දේපළ ආදී විවිධ වත්කම් වර්ග රැසක් කළමනාකරණය කළේය. සිනමන් එයාර්හි මෙහෙයුම් සිදු කරන සැෆ්රන් ඒවියේෂන්හි ෆීනික්ස් වෙන්චර්ස් නාමික අධ්‍යක්ෂවරයා වශයෙන් ද එතුමා කටයුතු කළේය. කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයේ MBA උපාධියකට හිමිකම් කියන අබේසිංහ මහතා, එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සහකාර සාමාජිකයෙක් ද වෙයි.

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC