යුනියන් බැංකුවේ නව ප්‍රධාන මුල්‍ය නිලධාරී ලෙස ශානක අබේවර්ධන මහතා පත් කෙරේ

යුනියන් බැංකුව සිය නව ප්‍රධාන මුල්‍ය නිලධාරී ලෙස ශානක අබේවර්ධන මහතා පත්කළ බව දන්වා සිටී.

ප්‍රතිඵල ප්‍රමුඛකොට ගත්, පරිවර්තනීය මුල්‍ය වෘත්තිකයෙකුවන අබේවර්ධන මහතා, මුල්‍ය ක්‍රමෝපාය, වාර්තාකරණය සහ ව්‍යාපාරික කාර්යසාධන උපරිමකරණය පිළිබඳ වසර 30 කට අධික දෙස්-විදෙස් අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියයි. වෙනස්වන බැංකුකරණ පරිසර තුළ මුල්‍ය කාර්යධානය පුළුල් කිරීම, ආයතනික වෙනස්කම් ඇති කිරීම සහ තිරසර අගය එකතුකිරීම පිළිබඳ ඔහු කීර්තිමත් නාමයකට හිමිකම් කියයි.

මෑතකදී සණස සංවර්ධන බැංකුවේ ප්‍රධාන මුල්‍ය නිලධාරී සහ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස එහි තීරණාත්මක මුල්‍ය ප්‍රතිව්‍යූහගතකරණය, ව්‍යාපාරික වර්ධනය සහ ක්‍රමෝපායික පරිවර්තනීය ක්‍රියාමාර්ග සඳහා මූලිකත්වය ලබා දුන්නේය. තවද ඔහු ජාතික සංවර්ධන බැංකුවේත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෂ්රෙක් බැංකුවේ සහ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ ද ප්‍රධාන තනතුරු හෙබවූ වෘත්තිකයෙකි.

එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ සාමාජිකයෙකුවන ඔහු, ප්‍රංශයේ SKEMA ව්‍යාපාරික පාසලෙන් MSc උපාධියත්, එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ විධායක ඩිප්ලෝමාවත් හිමිකරගෙන තිබේ.

“යුනියන් බැංකුව ක්‍රමෝපායික වර්ධනයක් අත්කර ගනිමින් සිටින මොහොතක ශානක අප සමග සම්බන්ධකර ගැනීමට හැකි වීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. තියුණු මුල්‍ය දැක්ම සහ නායකත්වයේ හැකියාව සමග බද්ධ වුණු ඔහුගේ දෙස්-විදෙස් අත්දැකීම්, අපගේ දීර්ඝ-කාලීන දැක්ම කරා යන ගමනේදී මනා පිටිවහලක් වනු ඇතැයි මා විශ්වාස කරනවා,” යනුවෙන් යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ශාන් රුද්‍රිගු මහතා සඳහන් කළේය.

ඩිජිටල්කරණයේ නවෝත්පාදන, පාරිභෝගික-කේන්ද්‍රීය බැංකුකරණ සහකරුවෙකු බවට පත්වීම දක්වා යන ගමනේදී යුනියන් බැංකුව සිය නායකත්ව කණ්ඩායම ශක්තිමත් කිරීම සඳහා කැපවී සිටී.

Leave a comment

For security, use of Google's reCAPTCHA service is required which is subject to the Google Privacy Policy and Terms of Use.

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC