යුනියන් බැංකුවේ වසර 25 සහ 20ක දිගුකාලීන සේවයේ නියුතු සාමාජිකයින්ට අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් රුද්‍රිගෝ සහ ආයතනික කළමනාකාරීත්වය විසින් උපහාර සම්මාන ප්රදානය කරන ලදී.
ශිරාන් පුංචිහේවා, ඉන්දික ඉගලවිතාන, සහ ජනිති පෙරේරා කරුණාසිරි වසර 25ක් ද, ජයනාත් කාරියකරවන, ජානක ඉරෝෂන්, කාර්තිගා ශ්රීධරා, නිරෝෂා සෝමරත්න සහ ප්‍රියදර්ශනී කොරයා යන සාමාජිකයින්ට වසර 20ක ආදර්ශවත් සේවයක් සඳහා සම්මාන ප්රදානය කරන ලදී.
යුනියන් බැංකුව මෙම සාමාජිකයින්ගේ නොසැලෙන කැපවීම සහ ආයතනයේ වර්ධනයට සහ සාර්ථකත්වයට දක්වන අමිල දායකත්වය අගය කළේය.
ඡායාරූපය: 25 සහ 20 අවුරුදු සම්මානලාභීන් ඩිල්ෂාන් රුද්‍රිගෝ, අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සහ යුනියන් බැංකුවේ ආයතනික කළමනාකාරීත්වය සමඟ.


