යුනියන් බැංකුව, මෑතකදී පවත්වන ලද උත්සවයකදී, බැංකුව සහ එහි ප්‍රගතිය සඳහා වසර ගණනාවක් පුරා කැපවූ දිගුකාලීන සේවකයින් පැසසුමට ලක් කළහ. විසි සහ විසිපස් වසරක සේවා කාලය නිමා කිරීම වෙනුවෙන් සේවකයින් දස දෙනෙකුට යුනියන් බැංකුවේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා විසින් තිළිණ ප්රදානය කරන ලදී.
මෙම වාර්ෂික උත්සවය පිළිබඳව අදහස් දක්වමින් මානව සම්පත් උප සභාපති ලිලන්ති දෙල්ගොඩ මහත්මිය පැවසුවේ, මෙම සේවකයින් බැංකුවේ වර්ධනය වෙනුවෙන් වසර ගණනාවක් වෙහෙස මහන්සි වී කැපවීමෙන් කටයුතු කර ඇති අතර බැංකුවේ ප්‍රගතියට විශාල රුකුලක් වී ඇත. UB කණ්ඩායමට එක්වන සියලුම නව සාමාජිකයින්ට ආදර්ශයක් ඔවුන් සපයයි. අපගේ දිගුකාලීන සේවා සම්මානලාභීන්ට මගේ අවංක සුබ පැතුම්.
25 වසරක සේවා සම්මාන ප්රදානය කරන ලද්දේ මහනුවර ශාඛාවේ සහකාර කළමනාකරු ඉන්දික ගලහිටියා, චන්දිත ලියනගේ – කළමනාකරු අඟුණුකොලපැලැස්ස ශාඛාව,හිරාන් ද සිල්වා කළමනාකරු ප්‍රතිසාධන,සයිලජා නඩරාජා – ජ්‍යෙෂ්ඨ කළමනාකරු භාණ්ඩාගාරය, ක්‍රිස්ටෙලා සිවප්‍රගාසම් Elite මධ්‍යස්ථානයේ ප්‍රධානී,හිරාන් විතානච්චි නිෂ්කාශන මෙහෙයුම් නිලධාරී සහ කාංචනා ද සිල්වා, ජ්‍යෙෂ්ඨ කළමනාකරු වෙළඳ මෙහෙයුම් වෙතය.
20 වසරක සේවා සම්මාන ප්රදානය කරන ලද්දේ රංගික ඒකනායක- කළමනාකරු නුගේගොඩ ශාඛාව, සර්මා ශක්තිතරන්- පද්ධති සහ ජාල පරිපාලන ජ්‍යෙෂ්ඨ කළමනාකරු සහ රංගි මධුශංකා ජයතිලක ජ්‍යෙෂ්ඨ තත්ත්ව සහතික ඉංජිනේරු වෙතය.


