මෙරට වෘත්තිකයන්ගේ සිහින සැබෑ කරන යුනියන් බැංකුවේ Gold Circle ඇරඹේ

චායා ජයවර්ධන මහත්මිය

 

සේයාරූ සටහන : යුනියන් බැංකුවේ පාරිභෝගික බැංකුකරණ අංශයේ උප සභාපතිනී චායා ජයවර්ධන මහත්මිය .

සිහින පසුපස හඹා යන වෘත්තිකයන්ගේ සිහින සැබෑ කිරීමේ අරමුණ පෙරදැරිව යුනියන් බැංකුව ‘Gold Circle’ නමින් සුවිශේෂී මුල්‍ය පහසුකමක් හඳුන්වා දී ඇත.

ඉතිරිකිරීමේ සහ ණය ලබාගැනීමේ සේවා වලින් ද සමන්විත මෙම නවත ම සේවාව හරහා තරුණ වෘත්තිකයන්ට/ව්‍යාපාරිකයන්ට මෙන්ම නැගීඑන ව්‍යවසායකයන්ට ද වඩාත් පහසුවෙන් බැංකුකරණ කටයුතු ඉටුකර ගැනීමේ අවස්ථාව හිමිවේ.

යුනියන් බැංකුවේ Gold Circle මගින් ගිණුම් හිමියන් හට රු. 250,000ක උපරිමයකට යටත්ව මාසික වැටුපට සමාන අත්තිකාරම් මුදලක් එවලේම ලබාගත හැකිය. තවද, පෙර අනුමත ක්‍රෙඩිට් කාඩ්පත්, නිවාස ණය සහන සහ දේපළ පොළී අනුපාත යටතේ ණය මෙන්ම ප්ලැටිනම් ඩෙබිට් කාඩ්පත් නිකුත් කිරීමේ ගාස්තු සඳහා වට්ටම් ආදී සුවිශේෂී පහසුකම් රැසක් ද මේ යටතේ ගිණුම් හිමියන් හට ලබාදීමට යුනියන් බැංකුව කටයුතු කරයි. පහසු මිලකට බැංකු සේප්පු සේවා ලබාගත හැකිවීම මෙන්ම විදේශ මුදල් නිකුත් කිරීමේදී කොමිස් ගාස්තු අඩුකිරීම ද මෙම විශේෂිත පාරිභෝගික අංශයට හිමිවන තවත් ප්‍රතිලාභ අතර වේ.

පුද්ගලික අවධානය සහ නිවැරදි මුල්‍ය උපදෙස් සඳහා වෘත්තිකයන් සහ ව්‍යාපාරිකයන් හට ඈති අවශ්‍යතාව මැනවින් හඳුනා ගනිමින් යුනියන් බැංකුව මෙම සේවාව හරහා ඔවුන් වෙනුවෙන් ම කැපවුණු සබඳතා කළමනාකාරවරයෙකුගේ සේවාව ලබාදීමට ද කටයුතු කරයි. බැංකුකරණ කටයුතු තවත් පහසු කිරීමේ අරමුණින් යුතුව ඔවුන් සඳහා අන්තර්ජාල සහ ජංගම බැංකුකරණ සේවා මෙන්ම කෙටි පණිවිඩ සේවාව ද නොමිලේ ම පිරිනැමේ.

ව්‍යාපාරිකයන්ගේ දිනෙන් දින වෙනස් වන අවශ්‍යතා සපුරාලීම සඳහා නොමිලේ මුදල් එකතුකිරීමේ සේවා පිරිනැමීමට ද එම බැංකුව පහසුකම් සලසා ඇත.

යුනියන් බැංකුවේ Gold Circle සේවාව පිළිබඳ අදහස් පළ කරමින් එම බැංකුවේ පාරිභෝගික බැංකුකරණ අංශයේ උප සභාපති චායා ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, මෙම සුවිශේෂී සේවාව වෘත්තිකයන් සහ ව්‍යාපාරිකයන් හට ඔවුන්ගේ මීළඟ කඩයිම ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමේ අරමුණ පෙරදැරිව හඳුන්වා දී ඇති බවය. “විවිධ පාරිභෝගික අංශ වල අවශ්‍යතා විවිධ වන අතර එම විවිධ වූ අවශ්‍යතා වලට අනුකූල සේවාවක් ලබාදීම සඳහා යුනියන් බැංකුව නිබඳව කැපවී සිටිනවා. වෙළඳපලේ දිනෙන් දින වෙනස් වන බැංකුකරණ අවශ්‍යතා සපුරාලීම සඳහා සේවා වැඩිදියුණු කිරීමට යුනියන් බැංකුවේ පාරිභෝගික බැංකුකරණ අංශය දක්වන අඛණ්ඩ කැපවීම මෙම Gold Circle සේවාව හරහා තවදුරටත් පිළිබිඹු වනවා. තවද, මෙම සේවාව හරහා වෘත්තිකයන් සහ ව්‍යවසායකයන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහයෝගය ලබාදෙමින් යුනියන් බැංකුව සහ ඔවුන් අතර ඇති සබඳතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම අපගේ බලාපොරොත්තුවයි”

යුනියන් බැංකුවේ Gold Circle සේවාව සහ එම බැංකුව පිරිනමන අනෙකුත් පාරිභෝගික බැංකුකරණ සේවා පිළිබඳ තොරතුරු www.unionb.com වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC