යුනියන් බැංකු ශාඛාවලදී වෙස්ටර්න් යුනියන් මනී ට්‍රාන්ස්ෆර් සේවාවෙන් මුදල් ලබා ගන්නා පාරිභෝගිකයන් හට විශේෂිත ත්‍යාග හිමිකර ගැනීමේ අවස්ථාව උදා වී ඇත.
මෙම වැඩසටහන යටතේ 25,000 ක් හෝ ඊට වැඩි රුපියල් අගයකින් යුතු මුදල් හුවමාරුවක් සඳහා පෑනක් හිමිකර ගැනීමට පාරිභෝගිකයන්ට හැකිය. රු. 25,000 ක් හෝ ඊට වැඩි මුදල් හුවමාරු තුනක් සිදු කිරීමෙන් හුරුබුහුටි මග් එකක් ද, එවැනි මුදල් හුවමාරු පහක් සිදු කිරීමෙන් වටිනා ගමන් බෑගයක් ද හිමිකර ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට උදා වී ඇත. මෙම දීමනාව 2021 මාර්තු මස 15 වනදා සිට තොග අවසන්වන තුරු පිරිනැමේ.
හුවමාරු කරනා සෑම ඇමරිකානු ඩොලරයක් සඳහා ම රුපියල් දෙකක් අමතරව ලබා දීමේ විශේෂ ප්‍රේෂණ දීමනාවට අමතරව ඉහත ත්‍යාග පිරිනැමීම ද විශේෂත්වයකි.
පාරිභෝගිකයන් හට වඩාත් පහසු සේවාවක් පිරිනැමීම සඳහා වෙස්ටර්න් යුනියන් මනී ට්‍රාන්ස්ෆර් සේවාව දිවයින පුරා පිහිටි යුනියන් බැංකු ශාඛා 67 මගින් ලබා ගැනීමට පහසුකම් සලසා ඇත. ඒ අනුව 200 කට අධික රටවල් සහ ප්‍රාන්තවල ජීවත්වන සහ සේවය කරන සිය ආදරණීයයන් යොමු කරන මුදල් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පදිංචි ශ්‍රී ලාංකිකයන් හට කඩිනමින් සහ ආරක්ෂිතව ලබා ගත හැකිය.
“විදෙස් මුදල් ප්‍රේෂණ යනු දළ දේශීය නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලබා දෙන අංශයක්වන අතර මෙරට පවුල් රැසකගේ වැදගත් ආදායම් මාර්ගයක් ද වේ. වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට ගලා ආ ප්‍රේෂණවලට බලපෑමක් සිදු වූ අතර, වෙස්ටර්න් යුනියන් සමාගම සමග අත්වැල් බැඳ ගනිමින් මෙම ත්‍යාග පිරිනැමීමේ වැඩසටහන දියත් කරමින් අභියෝගාත්මක වාතාවරණය හමුවේ ආමුඛ ප්‍රේෂණ වර්ධනය කිරීම සඳහා ජාතික මට්ටමින් දරන ප්රයත්නයට දායකත්වය ලබා දීමට අප තීරණය කළා. තම ආදරණීයයන් දහසක් බාධක මධ්‍යයේ උපයා මෙරටට යොමු කරන මුදල් ආරක්ෂිතව සහ විශ්වාසයෙන් යුතුව ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන් හට උදා කරමින් වෙස්ටර්න් යුනියන් සමාගම සමග අත්වැල් බැඳ ගැනීමට හැකි වීම පිළිබඳ අප සතුටු වනවා,” යනුවෙන් යුනියන් බැංකුවේ බැංකු රක්ෂණ සහ ප්‍රේෂණ අංශයේ ප්‍රධාන කළමනාකාර ගිහාන් සමරසිංහ මහතා සඳහන් කළේය.
වෙස්ටර්න් යුනියන් පිළිබඳ
වෙස්ටර්න් යුනියන් (NYSE: WU) යනු විදේශ මුදල් හුවමාරු සහ ගෙවීම් ක්ෂේත්රයේ ගෝලීය ප්රමුඛ සමාගමකි. ඩිජිටල් ලෝකයත්, භෞතික ලෝකයත් සම්බන්ධ කරමින් එම සමාගම කඩිනමින්, පහසුවෙන් සහ විශ්වාසයෙන් යුතුව මුදල් යොමු කිරීමේ සහ මුදල් ලබාගැනීමේ හැකියාව ගනුදෙනුකරුවන්ට සහ ව්‍යාපාරවලට හිමිකර දී ඇත. සිය ගෝලීය ව්‍යාප්තිය සමඟින් වෙස්ටර්න් යුනියන් සමාගම මුල්‍ය අන්තර්කරණය සහ ආර්ථික වර්ධනය සඳහා සහයෝගය ලබාදීම සඳහා පවුල්, හිතවතුන් සහ ව්‍යාපාර සම්බන්ධ කරමින් වඩාත් යහපත් මුදල් සංසරණයක් සිදු කරයි. වැඩිදුර විස්තර සඳහා westernunion.com වෙත පිවිසෙන්න.
යුනියන් බැංකුව පිළිබඳ
ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ම වර්ධනයවන වාණිජ බැංකුවක් වන යුනියන් බැංකුව ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි ගෝලීය ආයෝජන ආයතනයක්වන TPG ආයතනයේ සවිබලයෙන් ද යුතු වෙයි. මුල්‍ය ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර සබඳතා මත ගොඩනැගුනු සවිමත් පදනමකින් යුතු යුනියන් බැංකුව පාරිභෝගික, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ ආයතනික යන පාරිභෝගික කාණ්ඩවලට පුළුල් පරාසයක විහිදුනු සේවා රැසක් පිරිනමමින් මෙරට ඉහළ ම ප්‍රාග්ධනයකින් යුතු පුද්ගලික වාණිජ බැංකුවක් බවට පත්ව තිබේ.


