යූනියන් බැංකු කණ්ඩායම පසුගියදා පැවති යූනියන් ඇෂුවරන්ස් බැංකු රක්ෂණ සම්මාන උළෙලේදී (Union Assurance CEO’s Lounge Awards 2022) සම්මාන රැසකින් පිදුම් ලැබීමට සමත් විය. මෙරට බැංකු රක්ෂණ සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සම්මාන උළෙලක් වන මෙම වාර්ෂික සම්මාන උළෙලේදී ක්ෂේත්‍රයේ විශිෂ්ටතම දක්ෂතා ඇගයීමට ලක්වේ.
2021 වසරේදී තනි පුද්ගල සහ කණ්ඩායම් මට්ටමින් පෙන්නුම් කරන ලද විශිෂ්ටත්වයන් වෙනුවෙන් යූනියන් බැංකු කණ්ඩායමට මෙම සම්මාන හිමි විය. මේ අතරින් 6 වන කාණ්ඩය යටතේ ඉහළම සම්මානය දිනාගන්නේ ලද්දේ, ගම්පහ ශාඛාවේ දිලුක්ශාන් ලක්ෂිත ජයකොඩි විසිනි. 1B කලාපයේ චමින්ද ප්‍රනාන්දු කලාපීය ප්‍රධානී කාණ්ඩයේ ජයග්‍රාහකයා වූ අතර, 2021 වසර සඳහා සමස්ත බැංකු රක්ෂණ ශූරතා පළිහ ගම්පහ ශාඛාවට හිමි විය. තම වාර්ෂික ඉලක්ක අභිභවා යාමට සමත් වූ තවත් ශාඛා කිහිපයකට කුසලතා සහතික පිරිනැමිණි.
යූනියන් බැංකුව සහ යූනියන් ඇෂුවරන්ස් සමාගම අතර බැංකු රක්ෂණ සේවා හවුල්කාරීත්වය 2015 වසරේදී ආරම්භ වූ අතර, 2018 වසර දක්වා දෙපාර්ශ්වයේ එකම බැංකු රක්ෂණ හවුල්කාරීත්වය එය විය. මේ හරහා මෙරට ජනතාවට විශිෂ්ටතම මූල්‍ය විසඳුම් සමගින්, ඉහළම තලයේ රක්ෂණ විසඳුම් රැසක් පිරිනමන ලදි.
“යූනියන් බැංකුව වෙත මෙම ජයග්‍රහණයන් හිමි වීම මට මහත් සතුටක්. ඒ වෙනුවෙන් ජයග්‍රාහකයන් සියලුම දෙනාට සුභ ප්‍රර්ථනා කිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. මේ සියලුම දෙනාගේ කැපවීම නිසා මේ ආකාරයේ විශිෂ්ට ක්‍රියාකාරීත්වයක් වාර්තා කරගනිමින් ගනුදෙනුකරුවන්ට ඉහළම තලයේ සේවාවක් ලබාදීමට අපට හැකියාව ලැබුණා. ඉදිරියේදී අපගේ සේවාවන් තවදුරටත් පුළුල් කරමින්, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන සුව්ශේෂී විසඳුම් පෙළක් තිළිණ කිරීමට අප බලාපොරොත්තු වෙනවා.” යූනියන් බැංකුවේ උප සභාපති (පාරිභෝගික වගකීම් සහ විකල්ප නාලිකා) මනීෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවා ය.
යූනියන් බැංකුව යනු ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම ප්‍රාග්ධනීකරණය වූ බැංකු අතරින් එකකි. වසර 25 කට වැඩි ඉතිහාසයක් සහිත එයට ගෝලීය ආයෝජන සමාගමක් වන TPG හි පිටුබලයද හිමි වී තිබේ. ශක්තිමත් පදනම, මූල්‍ය ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර තලයේ විශේෂඥ දැනුම සමගින් යූනියන් බැංකුව මෙරට සාමාන්‍ය ගනුදෙනුකරුවන්ට මෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළුව සමාගම් හා ආයතන වලටද බැංකු සේවාවන් පිරිනමයි. යූනියන් බැංකුව හා එහි සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු, පැය 24 පුරා ක්‍රියාත්මක 0115 800 800 ක්ෂණික ඇමතුම් අංකයෙන් සහ www.unionb.com වෙබ් අඩවියෙන් ලබාගත හැකි වේ.


