යුනියන් බැංකුවට SLIM NASCO සම්මාන දෙකක්

  • මොබිටෙල් සමාගමේ කර්මාන්ත ව්‍යාපාර මොඩල සාමාන්‍යාධිකාරී ප්‍රභාත් ගමගේ මහතා විසින් සුමේධා ප්‍රසාදිකාට හිමි සම්මානය පිරිනමන ලද මොහොත. SLIM NASCO 2019 ව්‍යාපෘති ප්‍රධානී සහ හේමාස් ෆාමසියුටිකල්ස් සමාගමේ විකුණුම් සාමාන්‍යාධිකාරී චින්තක පෙරේරා මහතා ද ඡායාරූපයේ වෙයි.

යුනියන් බැංකුවේ විකුණුම් කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙක් පසුගියදා පැවති SLIM NASCO සම්මාන උළෙලේදී මුල්‍ය සේවා සහ බැංකුකරණ කාණ්ඩය යටතේ සම්මාන දෙකෙකින් පිදුම් ලැබූහ.

 

යුනියන් බැංකුවේ චාමර රොසයිරෝ ‘විශිෂ්ටත ම ප්‍රාදේශීය කළමනාකාර’ වශයෙන් ද, සුමේධා ප්‍රසාදිකා ‘විශිෂ්ටත ම ඉදිරිපෙළ කාර්යමණ්ඩල සාමාජිකයා’ ලෙස ද මෙහිදී රන් සම්මාන හිමිකර ගැනීමට සමත් වූහ.

 

වෘත්තීය සහ පුද්ගලික සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය කුසලතා කාර්යමණ්ඩල සාමාජිකයන් හට ලබා දෙමින් තරුණ වෘත්තිකයන්ගේ අනාගත වෘත්තීය ගමන්මග ශක්තිමත් කිරීම සඳහා යුනියන් බැංකුව දක්වන කැපවීම මෙම සම්මාන මගින් මනාව පිළිබිඹු කෙරේ.

 

“විකුණුම් කාර්යසාධනය සහ විශිෂ්ටත්වය ඇගයුමට ලක් කිරීම සඳහා සංවිධාන කෙරෙන මෙවැනි ජාතික මට්ටමේ සම්මාන උළෙලකදී අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන් මෙලෙස රනින් පිදුම් ලැබීම අපට ඉමහත් ගෞරවයක් සහ ආඩම්බරයක් වනවා. පාරිභෝගිකයාට ලබා දෙන සේවාවේ ගුණාත්මක බව පවත්වා ගනිමින් බැංකුවේ ඉලක්ක වෙත සාර්ථකව ළඟා වීම සඳහා විකුණුම් කණ්ඩායම දැක්වූ කැපවීම සහ කණ්ඩායම් හැඟීම මෙමගින් මනාව පිළිබිඹු කෙරෙනවා. විශේෂයෙන් රන් සම්මානයෙන් පිදුම් ලැබූ අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන් දෙදෙනා සිය උනන්දුවත්, වෘත්තීයභාවයත් හේතුවෙන් මෙවැනි ජාතික මට්ටමේ ඇගයුමකට ලක්වූ බව සඳහන් කළ යුතුයි. චාමරටත්, සුමේධාටත් මාගේ උණුසුම් සුබපැතුම් පිරිනමන අතර ඔවුන්ගේ වෘත්තීය ගමන්මගේ විශිෂ්ටයන් බවට පත්වීමට ඔවුන්ට හැකි වේවා යයි ප්‍රාර්ථනා කරනවා.” යනුවෙන් යුනියන් බැංකුවේ පාරිභෝගික බැංකුකරණ අංශයේ උප සභාපතිනී ඡායා ජයවර්ධන මහත්මිය සම්මාන පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළාය.

 

යුනියන් බැංකුවේ මානව සම්පත් අංශයේ උප සභාපති රවී ජයසේකර මහතා සඳහන් කළේ, සිය කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ කාර්යසාධනය සහ දායකත්වය වෙනුවෙන් ඔවුන් මෙලෙස ජාතික මට්ටමින් ඇගයුමට ලක්වීම පිළිබඳ තමන් බෙහෙවින් සතුටුවන බවය. ජාතික මට්ටමේ සම්මානයක් හිමිකර ගැනීම යනු ඔවුන් ඔවුන්ගේ ක්ෂේත්‍ර තුළ ඉහල ම තලයට පැමිණ තිබීම බවත්, කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ කැපවීම හේතුවෙන් යුනියන් බැංකුව විශාල ප්‍රගතියක් අත්කර ගෙන තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන ජාතික විකුණුම් සම්ම්ලෙන සම්මාන උළෙල (NASCO) මෙරට විකුණුම් ක්ෂේත්‍රයේ වෘත්තිකයන් ඇගයුමට ලක් කිරීම සඳහා පැවැත්වෙන එකම විශ්වසනීය සහ ගෞරවයට පාත්‍ර වූ සම්මාන උළෙලයි. ‘Excel. Engage. Ensure – Beyond all Limits’ යන මෙවර සම්මාන උළෙලේ තේමාව මගින් තරගකාරී, අභියෝගාත්මක වෙළඳපොළ තුළ සිය සීමාවන් අභිබවා විස්මිත ඉලක්ක ජය ගැනීමට තමන් සූදානම් විය යුතුය යන පණිවිඩය විකුණුම් වෘත්තිකයන් හට ලබා දී තිබිණ. 2018 ජනවාරි 1/2018 අප්‍රේල් 1 සිට ආරම්භ වී 2018 දෙසැම්බර් 31/2019 මාර්තු 31 කින් අවසන් වූ මුල්‍ය වර්ෂය තුළ කාර්යසාධනය මත පදනම්ව මෙම සම්මාන විනිශ්චය කෙරිණි. ඉදිරිපෙළ, විකුණුම් අධීක්ෂක සහ ප්‍රාදේශීය කළමනාකාර යන කාණ්ඩ යටතේ අංශ 22කින් රන්, රිදී සහ ලෝකඩ සම්මාන පිරිනැමුණු අතර මෙරට කීර්තිමත් සහ ප්‍රවීණ ආයතනික නායකයන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් විසින් සම්මාන ඇගයුමට ලක් කෙරිණි. කොළඹ BMICH හිදී පැවති උත්කර්ෂවත් සම්මාන උළෙලේදී මෙම සම්මාන පිරිනැමිණි.

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC