යුනියන් බැංකුව ව්‍යවසායකයින් සඳහා ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන නිවේදනය කරයි

යුනියන් බැංකුවේ සමාජ ව්‍යවසායකත්ව පාසල (UBSSE), මොරටුව විශ්වවිද්‍යාලය සහ ජාතික නවෝත්පාදන නියෝජිතායතනය සමග අත්වැල් බැඳගනිමින් සිය ප්‍රථම ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන දියත්කරන බව පසුගියදා නිවේදනය කළේය. දිවයින පුරා විසිරී සිටින, නැගීඑන ව්‍යවසායකයින් සහ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හොඳ අදහස් ඇති පිරිස්වලට අවශ්‍ය කුසලතා සහ දැනුම ලබා දෙමින් ඔවුන් සවිබලගැන්වීම අරමුණුකර ගනිමින් මෙම වැඩසටහන සැලසුම්කර ඇත.

“නේපාලයේ CG Corp Global සමූහයට අයත් නබිල් බැංකුව විසින් සාර්ථකව දියත් කරනු ලබන NabilSSE වැඩසටහන ආදර්ශයට ගනිමින්, මෙරට ව්‍යවසායකයින් සවිබලගන්වමින් ව්‍යවසායකත්ව පරිසරයක් ස්ථාපනය කිරීමේ දැක්මෙන් යුතු CG Corp Global සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ යුනියන් බැංකුවේ උප සභාපති නිර්වාණ චෞද්‍රි මහතාගේ මගපෙන්වීම යටතේ යුනියන් බැංකුවේ සමාජ ව්‍යවසායකත්ව පාසල ආරම්භ කෙරුණා. මෙය, අපගේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායක පාරිභෝගිකයින් හට තමන්ගේ ව්‍යාපාර මීළඟ අදියර දක්වා දියුණුකර ගැනීමේ අවස්ථාව හිමිකර දෙමින් අප පිරිනමන අමතර ප්‍රතිලාභයකි. තවද, දිවයින පුරා විසිරී සිටින ව්‍යවසායකයින් හට මෙම අගනා අවස්ථාවෙන් ඵල නෙළා ගැනීමේ මග විවරකර දෙමින් යුනියන් බැංකුවේ පාරිභෝගිකයින්ට පමණක් නොව, සමස්ත රටට ම මෙය විවෘතකර ඇති බව ද සතුටින් සඳහන් කිරීමට කැමතියි,”‍ යනුවෙන් යුනියන් බැංකුවේ අලෙවිකරණ අංශයේ උප සභාපති තිෂානි දිසානායක මහත්මිය සඳහන් කළාය.

ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන (NEDP) යනු, සම්ප්‍රදායික මාර්ගගත වැඩමුළුවලින් ඔබ්බට යමින්, ක්‍රමෝපායික සංවර්ධනය, අලෙවිකරණය සහ සන්නාමකරණය, කම්කරු නීතිය, ව්‍යාපාරික සැලසුම්කරණය, ගිනුම්කරණය සහ මුල්‍යයනය, අනුකුලතා, බුද්ධිමය දේපොළ සහ නායකත්වය ආදී වැදගත් ව්‍යාපාරික අංශ පිළිබඳ පරිපූර්ණ දැනුමක් ලබාදෙන වැඩසටහනකි. මේ සඳහා සහභාගීවන පිරිසට විශේෂඥ මගපෙන්වීම, ක්‍රියාකාරී වැඩමුළු සහ සැබෑ පුහුණුව හරහා තම ව්‍යවසායකත්ව කුසලතා වැඩිදියුණුකර ගැනීමේ අනගි අවස්ථාවක් උදා වේ. වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකේය පුරවැසියන් හට විවෘතවන මෙම වැඩසටහන සඳහා තෝරාගත් පිරිස් 200 කට ගාස්තු රහිතව සහභාගී විය හැකිය.

වැඩසටහන සඳහා අයදුම්පත් දැන් බාර ගැනෙන අතර, ඉඩකඩ සීමිත බැවින් නොපමාව අයදුම්කරන ලෙස යුනියන් බැංකුව දැනුම් දී සිටී. www.unionb.com වෙත පිවිසීමෙන් හෝ 0117818181 අංකය ඇමතීමෙන් හෝ ළඟ ම පිහිටි යුනියන් බැංකු ශාඛාවට පිවිසීමෙන් වැඩිදුර විස්තර ලබා ගැනීමටත්, අයදුම් කිරීමටත් හැකිය.

Leave a comment

For security, use of Google's reCAPTCHA service is required which is subject to the Google Privacy Policy and Terms of Use.

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC