යුනියන් බැංකුව 2023 පළමු අර්ධය තුළ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි

අඛණ්ඩව උද්ධමනය පහළ යාම සහ දේශීය ණය ප්‍රශස්තකරණ (DDO) නිවේදනයෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) සහතිකය හේතුවෙන් මේ වසරේ පළමු මාසය හයක කාලය තුළ ශ්‍රී ලාංකේය සාර්ව-ආර්ථික පසුබිමෙහි වර්ධනයක් ඇති විය.

2023 පළමු අර්ධය තුළ, ප්‍රධාන බැංකුකරණ කාර්යසාධනයේ වර්ධනයක් අත්කර ගනිමින්, රු.මිලියන 11,729 ක සමස්ත ආදායමක් අත්කර ගැනීමට යුනියන් බැංකුව සමත් විය. එය, පසුගිය වසරේ පළමු අර්ධය සමග සැසඳීමේදී 58% ක වර්ධනයකි.

රු. මිලියන 3,118 ක් දක්වා 24% කින් වර්ධනය වූ ශුද්ධ පොළී ආදායම (NII) බැංකුවේ සමස්ත ආදායමට ප්‍රධාන වශයෙන් හේතු විය. ණය සේවා සහ භාණ්ඩාගාර වත්කම්වලින් හිමි වූ වර්ධිත ආදායම එම පොළී ආදායමට පදනම විය. GSEC ප්‍රාග්ධන හිමිවීම් සහ FX ලාභය යන ක්ෂේත්‍ර සඳහා භාණ්ඩාගාරය කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන්නේය. බැංකුව සතුව කිසිඳු ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයක් (ISBs) නොමැති අතර, බැංකුව සතුව පැවති ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ද (SLDBs) කල්පිරී ඇති බැවින් ඒවා පියවීමට නියමිතය. වත්කම් පොත කාලෝචිතව ප්‍රතිමිලකරණය කිරීම සහ පොළී වියදම් දූරදර්ශී ලෙස කළමනාකරණය කිරීම හේතුවෙන් 82 bps කින් ශුද්ධ පොළී ආන්තිකය (NIM) වර්ධනය විය.

යුනියන් බැංකුවේ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම ද 18% කින් වර්ධනය වූ අතර, ක්‍රෙඩිට් කාඩ්පත්, ප්‍රේෂණ සහ වෙළෙඳ සේවා තුළ ක්‍රියාකාරකම් වර්ධනය වීම එම වර්ධනයට හේතු විය. අපහායනයට පෙර බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම රු. මිලියන 4,029 ක් ලෙස වාර්තා වූ අතර, එය 13% ක වර්ධනයකි. දැඩි ප්‍රතිසාධන ක්‍රියාමාර්ග හේතුවෙන්, පසුගිය වසරේ පළමු අර්ධයට සාපේක්ෂව බැංකුවේ අපහායන ගාස්තුවල පහල බැසීමක් පෙන්නුම් කළ අතර එය රු. මිලියන 726 ක් විය. දූරදර්ශී පිරිවැය කළමනාකරණ ක්‍රියාමාර්ග අනුගමනය කළ ද, බැංකුවේ සමස්ත මෙහෙයුම් පිරිවැය රු. මිලියන 2,496 ක් දක්වා 21% කින් ඉහළ ගියේය. වැටුප් වර්ධක, උපයෝගිතා බදු සහ විදේශ විනිමය උච්ඡාවචනය ඊට ප්‍රධාන වශයෙන් බලපෑවේය.

තවද, 2023 ජුනි මස 30 වනදාවන විට සමූහයේ අනුබද්ධිත සමාගම්වල කොටස් මිල ද ඇතුළුව බැංකුවේ බදු පෙර ලාභය (PBT) රු. මිලියන 533 ක් දක්වා 76% කින් වර්ධනය වූ අතර, බැංකුවේ බදු පසු ලාභය (PAT) ද රු. මිලියන 295 ක් දක්වා 94% ක කැපීපෙනෙන ලෙස වර්ධනය විය.

2023 ජුනි මස 30 වනදාවන විට බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. මිලියන 128,904 ක් ලෙස සටහන් විය. සමාලෝචන කාලය තුළ ශක්තිමත් ද්‍රවශීලතා මට්ටමක් පවත්වා ගැනීමට බැංකුව සමත් විය. තවද, බැංකුවේ ණය සහ අත්තිකාරම් රු. මිලියන 62,446 ක් ලෙස සටහන් වූ අතර, පාරිභෝගික තැන්පතු රු. මිලියන 88,907 ක් ලෙස සටහන් විය. 2023 ජුනි මස 30 වනදාවන විට CASA අනුපාතය 25.19% ක් ලෙස වර්ධනයක් පෙන්නුම් කළේය. සියලු ව්‍යාපාරික අංශවල ක්‍රියාත්මක කෙරුණු ශක්තිමත් ක්‍රියාමාර්ග සහ සාර්ව-ආර්ථික බලවේග එම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු විය. බැංකුවේ 3 වන මට්ටමේ ණය අනුපාතය 10.5% ක් ලෙස වාර්තා විය.

2023 පළමු අර්ධය තුළ ද, නියාමන අවශ්‍යතාවලට ඉතා ඉහළ, ශක්තිමත් ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා මට්ටමක් පවත්වා ගැනීමට බැංකුව සමත් විය. ඒ අනුව, බැංකුවේ සමස්ත ප්‍රාග්ධන අනුපාතය 2023 ජුනි මස 30 වනදාවන විට 19.01% ක් ලෙස වාර්තා විය.

UB Finance සහ National Asset Management Ltd. සමාගම්වලින් සමන්විත යුනියන් බැංකු සමූහය, සමස්තයක් ලෙස වර්ධිත කාර්යසාධනයක් වාර්තා කළේය. 2023 ජුනි මස 30 වනදාවන විට, සමූහයේ බදු පෙර ලාභය රු. මිලියන 618 ක් දක්වා 56% ක වර්ධනයක් පෙන්නුම් කළ අතර, බදු පසු ලාභය රු. මිලියන 364 ක් දක්වා 77% ක වර්ධනයක් පෙන්නුම් කළේය. සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. මිලියන 136,991 ක් ලෙස වාර්තා වූ අතර ඉන් 94% ක් සඳහා බැංකුව දායක විය.

සමාලෝචන කාලය තුළ බැංකුව, ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමේ අරමුණින් යුතුව පාරිභෝගිකයින් ඇතුළත්කර ගැනීමේ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කළේය. බැංකුවේ ප්‍රතිමුල්‍යයයන වැඩසටහන් මගින්, කාන්තා ව්‍යවසායිකාවන් ඇතුළු පුළුල් පරාසයක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා අරමුදල් සම්පාදනය කිරීමට බැංකුවට හැකි විය. යුනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් අංශය ද, සුපිරි වෙළෙඳසැල්, ආහාර-පාන සහ සාප්පු සංකීර්ණ ඇතුළු විවිධ අලෙවිකරුවන් සමග අත්වැල් බැඳ ගනිමින් ඉතුරුම් සහ මුදල් ආපසු ලබා දීමේ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කළ අතර, සෞඛ්‍යය, අධ්‍යාපනය, මෝටර්රථ සේවා, විවේකාස්වාද සහ සංචාර ආදී ක්ෂේත්‍රවල මිලදී ගැනීම් සඳහා පොළී රහිත පහසු ගෙවීමේ පහසුකම ද ලබා දීමට කටයුතු කළේය. Brand Finance ආයතනය විසින් නිකුත් කරන ලද නවත ම ශ්‍රේණිගතකිරීමට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම සන්නාම 100 අතර අඛණ්ඩව රැඳී සිටීමට ද යුනියන් බැංකුව සමත් විය. තවද, කාන්තා කළමනාකරිනියන්ගේ ජාලයක් ස්ථාපනය කිරීම වෙනුවෙන් යුනියන් බැංකුව 2023 Satyn CIMA Women Friendly Workplace සම්මාන උළෙලේදී ඇගයුමට ද පාත්‍ර විය.

සේයා රූ සටහන:
අතුල් මලික්, සභාපති, යුනියන් බැංකුව
ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ, අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, යුනියන් බැංකුව

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC