යුනියන් බැංකුව 2018 මුල්‍ය වර්ෂය තුළ 49%ක දැවැන්ත බදු පෙර ලාභයක් හිමිකර ගනී

බැංකුව

  • දළ පොළී ආදායම රු. මිලියන 3,652ක, 19.9%ක වසරින් වසර වර්ධනයක්
  • දළ ගාස්තු සහ කොමිස් මුදල් ආදායම රු. මිලියන 833ක, 23.7%ක වසරින් වසර වර්ධනයක්
  • සමස්ත මෙහෙයුම් ආදායම රු. මිලියන 5,285ක, 20.8%ක වසරින් වසර වර්ධනයක්
  • සියලු බදු පෙර ලාභය රු. මිලියන 1,248ක, 49.0%ක වසරින් වසර වර්ධනයක්
  • සමස්ත වත්කම් රු. මිලියන 125,920ක, 5.8%ක වර්ධනයක්
  • 4%ක සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතයක් සමගින් ශක්තිමත් ශේෂපත්‍රයක්

සමූහය

  • දළ පොළී ආදායම රු. මිලියන 4,466ක, 20.6%ක වසරින් වසර වර්ධනයක්
  • දළ ගාස්තු සහ කොමිස් මුදල් ආදායම රු. මිලියන 958ක, 15.8%ක වර්ධනයක්
  • සමස්ත මෙහෙයුම් ආදායම රු. මිලියන 6,258ක, 18.9%ක වර්ධනයක්
  • සියලු බදු පෙර ලාභය රු. මිලියන 1,415ක, 38.0%ක වර්ධනයක්
  • සමස්ත වත්කම් රු. මිලියන 135,032ක, 5.8%ක වර්ධනයක්

2018 වසර තුළ යුනියන් බැංකුව ශක්තිමත් ක්‍රමෝපාය සැලසුමට අනුව විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කිරීමට සමත් විය. අභියෝගාත්මක සාර්ව ආර්ථික පරිසරය යටතේ සිය හර බැංකුකරණ මෙහෙයුම් කටයුතුවල මෙම වර්ධනය අත්කර ගැනීමට හැකිවීම විශේෂත්වයකි.

2018 වර්ෂය අවසන්වන විට රු. මිලියන 1,248ක විශිෂ්ට බදු පෙර ලාභයක් අත්කර ගැනීමට යුනියන් බැංකුව සමත් විය. ප්‍රාග්ධන ආදායම් සහ අලුතින් හඳුන්වා දෙන ලද ක්‍රෙඩිට් කාඩ්පත සඳහා සිදු කරන ලද ආයෝජන හේතුවෙන් ඇතිවූ සෘණාත්මක බලපෑම ද අතරතුර බැංකුවේ හර ආදායම් 124%ක වසරින් වසර (YoY) වර්ධනයක් හිමිකර ගැනීමට සමත්වීම ද විශේෂත්වයකි. මෙම ජයග්‍රහණය යුනියන් බැංකුව අත්පත් කර ගත්තේ රජයේ සුරැකුම්පත් මත පනවන ලද කාල්පනික බදු ණය පොළිය ආපසු ලබාගැනීමෙන් ද අනතුරුවය.

කෙසේවෙතත්, නව දේශීය ආදායම් පනතට සමගාමීව බදු රෙගුලාසිවල සිදුවූ කැපීපෙනෙන වෙනස්කම් බදු පසු ලාභයට (PAT) බලපෑවේය. බැංකුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, ණයකර සහ ඒකකභාර තුළ කැපීපෙනෙන ප්‍රමාණයක් රඳවාගෙන සිටි බැවින් මෙම ආයෝජන මෙවලම්වල ලාභය මත පැනවූ බදු ඉවත්කිරීම ඵලදායී බදු අනුපාතිකයට කැපීපෙනෙන ලෙස බලපෑවේය.

තවද පසුගිය වසරේ අවසන් කාර්තුව තුළ හඳුන්වා දෙන ලද ණය ආපසු ගෙවීමේ ගාස්තුව (DRL) ද ඵලදායී බදු අනුපාතිකය මත පැනවී තිබූ සෘණාත්මක බලපෑම තවත් වර්ධනය කළේය.

යුනියන් බැංකුවේ බදු පසු ලාභය රු. මිලියන 473ක් වූ අතර එය 2.6% ක වසරින් වසර වර්ධනයකි. බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. මිලියන 125,920ක් වූ අතර එය 5.8%ක වසරින් වසර වර්ධනයකි.

කෙසේවෙතත් SLFRS 9 මුල්‍ය විගණන ප්‍රමිතිය භාවිත කිරීම ආරම්භ කිරීමෙන් පසුව ද සවිමත් ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතයක් පවත්වාගැනීමට යුනියන් බැංකුව සමත්විය.

මුල්‍ය කාර්යසාධන විශ්ලේෂණය

2018 වසරේදී බැංකුව රු. මිලියන 3,652ක දළ පොළී ආදායමක් හිමිකර ගැනීමට සමත්විය. මෙය රු. මිලියන 606ක, එනම් 19.9%ක කැපීපෙනෙන වර්ධනයකි. 2017 වසරේදී 2.9%ක් වූ දළ පොළී ආන්තික (NIM) පසුගිය වසරේදී 3.0%ක් ලෙස වර්ධනයක් පෙන්නුම් කළේය. ඒකක මත ආයෝජන ප්‍රතිලාභ ද සැලකුවහොත් වත්මන් කාල පරාසයේ දළ පොළී ආන්තික 3.2%ක් වේ. ඒකක තුළ ආයෝජන අරමුදල් පිරිවැය බැංකුවේ පොළී වියදම් යටතේ ගණනය කර ඇත. ඒකක අනුව ආයෝජන ප්‍රතිලාභය රු. මිලියන 246කි. එම අගය ගණනය කෙරුණේ ලාභය හෝ අලාභය හරහා සාධාරණ අගය යටතේ මුල්‍ය මෙවලම් හරහා දළ සාධාරණ අගය/(අලාභ) යටතේ ප්‍රාග්ධන ආදායම් යටතේය. රාජ්‍ය සුරැකුම්පත් මත කාල්පනික බදු ණය ආපසු ගැනීම වත්මන් වසරේ දළ පොළී ආදායම මත කැපීපෙනෙන ලෙස සෘණාත්මක බලපෑවේය.

සිය මෙහෙයුම් ක්‍රමෝපාය සැලසුමට අනුව ප්‍රධාන අංශ භාවිත කරමින් ඒවායේ ගාස්තු සහ කොමිස් මුදල් වැඩිදියුණු කිරීම සඳහා බැංකුව අඛණ්ඩව කටයුතු කළේය. ප්‍රධාන වශයෙන් තැන්පතුවලට අදාළ ගාස්තු, වෙළඳ සහ ප්‍රේෂණ, ණය, කාඩ්පත් සහ වෙනත් ගාස්තුවලින් සමන්විත ගාස්තු සහ කොමිස් මුදල් අංශයේ ආදායම රු. මිලියන 968ක් විය. එය පසුගිය වසරේදී රු. මිලියන 185ක් වූ අතර එම වසර සමග සැසඳීමේදී මෙවර වර්ධනය 23.6%කි.

යුනියන් බැංකුව දළ වෙළඳ සහ වෙනත් ආදායම් ලෙස රු. මිලියන 800ක් හිමිකර ගැනීමට සමත්වී ඇති අතර එය පසුගිය වසර සමග සැසඳීමේදී 21.9% ක වර්ධනයකි. රාජ්‍ය සුරැකුම්පත්, ඒකක ආයෝජන මෙන්ම හුවමාරු ආදායම් ද ඊට අයත් වේ.

වසරේ අග භාගයේදී මෙරට රුපියලේ අගය දුර්වල වුවත්, යුනියන් බැංකුව 73.6%ක කැපීපෙනෙන වසරින් වසර විනිමය හුවමාරු ආදායමක් හිමිකර ගැනීමට සමත් විය. පසුගිය වසර තුළ ආයෝජන අඩු මට්ටමකින් පැවතීම නිසා ඒකක තුළ ආයෝජන ආදායම 23.5%ක වසරින් වසර අඩුවක් පෙන්නුම් කළේය.

බැංකුවේ හර බැංකුකරණ මෙහෙයුම් කටයුතුවල සමස්ත වර්ධනය පිළිබිඹු කරමින්, සියලු බදු පෙර ලාභය මත රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාග්ධන ආදායම ප්‍රතිශතයක් ලෙස 18.9%ක් ලෙස පහත බැසීමක් පෙන්නුම් කළේය. පසුගිය වසරේ එම ප්‍රතිශතය 29.6%ක් විය. එක්වරක් පමණක් හිමිවන ලාභයේ ආදායම මත යැපීමේ කැපීපෙනෙන අඩුවක් එමගින් පෙන්නුම් කෙරේ. රු. මිලියන 236ක් ලෙස වාර්තා වූ සමස්ත ප්‍රාග්ධන ආදායම 4.9%ක සුළු පහත වැටීමක් පෙන්නුම් කළේය.

බැංකුව සතුව සාමාන්‍ය වෙළඳ කොටස් නොතිබූ අතර ශේෂ පත්‍ර දිනයවන විට බැංකුව කිසිඳු කොටස් අරමුදලක ආයෝජන සිදුකර තිබුණේ නැත. සියලු ක්ෂේත්‍රවල හර බැංකුකරණ ක්‍රියාකාරකම් සහ අඛණ්ඩ කාර්යසාධනය තුළ හිමිකර ගත් සමස්ත වර්ධනය නිසා බැංකුවට 20.8% ක වසරින් වසර මෙහෙයුම් ආදායම් වර්ධනයක් හිමිකර ගැනීමට හැකිවූ අතර එය රු. මිලියන 5,285ක් ලෙස වාර්තා විය.

2018 ජනවාරි මස 1 වනදා සිට බැංකුව SLFRS 9 මුල්‍ය විගණන ප්‍රමිතිය භාවිත කළ අතර සාපේක්ෂ අපහායන ගණන් ගණනය කෙරුණේ පසුගිය වසරේදී භාවිත කෙරුණු LKAS 39 ප්‍රමිතිය අනුවය. ගෙවුණු වසරේ අපහායන ගාස්තුව රු. මිලියන 342ක් වූ අතර එය 37.5%ක වර්ධනයකි. ණය සහ අයවීම් සඳහා අපහායනයට අමතරව, විමර්ශනය කෙරෙන වසර තුළ සමස්ත අපහායනයට භාණ්ඩාගාර මුල්‍ය මෙවලම් අපහායනය ද ඇතුළත් වේ.

බැංකුවේ මෙහෙයුම් වියදම් දූරදර්ශී ලෙස කළමනාකරණය කෙරුණු බැවින් එය පෙන්නුම් කළේ රු. මිලියන 3,729ක, එනම් 11.5%ක වැඩිවීමක් පමණි. බැංකුවේ වර්ධනයවන ව්‍යාපාරික අවශ්‍යතාවලට සහයෝගය ලබාදීම වෙනුවෙන් සිදුකෙරුණු ආයෝජන සහ 2018 වසරේ දෙවන කාර්තුවේදී ක්‍රියාත්මක කෙරුණු ක්‍රෙඩිට් කාඩ්පත් හඳුන්වා දීම සඳහා සිදු කෙරුණු ආයෝජන එම කාලය තුළ මෙහෙයුම් පිරිවැය සඳහා ප්‍රධාන වශයෙන් බලපෑවේය. විශිෂ්ට පිරිවැය කළමනාකරණය හේතුවෙන් වසර පුරාම පිරිවැයට ආදායම් අනුපාතය 76% සිට 71%ක් දක්වා යහපත් අතට පත්කර ගත හැකි විය.

මුල්‍ය සේවා සඳහා VAT, NBT, DRL සහ ආයතනික බදු සඳහා බැංකුව රු. මිලියන 776ක් ගෙවා ඇත. මෙය, 105.7%ක දැවැන්ත වසරින් වසර වර්ධනයකි. 2018 වසරේදී ඵලදායී බදු අනුපාතය (සියලු බදු සහ DRL මෙහෙයුම් ආදායමේ ප්‍රතිශතයක් ලෙස) 2017 වසරේදී 45%ක් ලෙස වාර්තා වූ අතර 2018 වසරේදී එය 62%ක් ලෙස වාර්තා විය. පසුගිය වසර පුරාම බදු පිළිබඳ වෙනස්කම් රැසක් සිදුවූ බැවින් එම සම්පූර්ණ වසරේ බදුවල සිදුවූ වෙනස්කම්වල බලපෑම තවමත් ලාභ සහ අලාභ තුළ දක්වා නොමැත. ඒකක, SLDB සහ ආයතනික ණය මෙවලම් සහ අලුතින් හඳුන්වා දෙන ලද ණය ආපසු ගෙවීමේ ගාස්තුව මත ලබාගත් ආයෝජන ප්‍රතිලාභ මත බදු නිදහස් කිරීම් නැවත ලබාගැනීම ඵලදායී බදු අනුපාතයේ වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපෑවේය.

2018 වසරේ බදු පසු ලාභය රු. මිලියන 473ක් වූ අතර 2017 වසරේදී බදු පසු ලාභය රු. මිලියන 461ක් විය.

යුනියන් බැංකුව සහ ඊට අනුබද්ධිත UB Finance Company Limited හා National Asset Management Limited ආයතන දෙකෙන් සමන්විත සමූහය 2018 වසරේදී රු. මිලියන 535ක බදු පසු ලාභයක් අත්කර ගැනීමට සමත් විය. මෙහෙයුම් ක්‍රියාකාරකම්වල 38.0%ක වර්ධනය ද ඊට දායකත්වය ලබාදුන්නේය. සමූහයේ සමස්ත වත්කම් රු. මිලියන 135,032 ලෙස වාර්තා විය.

බැංකුවේ ණය සහ අයවීම් රු. මිලියන 73,749 ක් ලෙස වාර්තා විය. පසුගිය වසර සමග සැසඳීමේදී වැඩිවූ රු. මිලියන 3,171 ක අගය 4.5%ක වර්ධනයකි. පසුගිය වසර පුරා බැංකුවේ ප්‍රධාන ඉලක්කය වූයේ ලාභයට වඩා සේවා පෙළ යළිස්ථානගත කිරීමය. තෝරාගත් අංශවලින් ඉවත්වීම සඳහා දූරදර්ශී ලෙස ගත් තීරණ හේතුවෙන් බැංකුවේ සේවා පෙළෙහි නැවුම් වර්ධනයක් අත්කර ගැනීමට හැකිවිය. බැංකුවේ සමස්ත සේවා පෙළෙහි ප්‍රමිතිය  සඳහා කළමනාකාරිත්වය විසින් විවිධ දූරදර්ශී පියවර රැසක් අනුගමනය කරන ලදි. 2017 වසරේදී 100%ක් ලෙස වාර්තා වූ ණයවලට තැන්පතු අනුපාතය 2018 වසරේදී 93%ක ප්‍රගතියක් පෙන්නුම් කළේය.

වසර අවසානවන විට තැන්පතු පදනම රු. මිලියන 79,251 ක් ලෙස වාර්තා විය. 2017 වසර සාපේක්ෂව වැඩිවූ රු. මිලියන 8,925 ක අගය එම වසරට සාපේක්ෂව 12.7%ක වර්ධනයකි. එම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් දායකත්වය ලබාදුන්නේ පාරිභෝගික බැංකුකරණ අංශයයි. එම වසර තුළ හඳුනා ගත් ප්‍රධාන අංශය යටතේ ක්‍රියාත්මක කෙරුණු ක්‍රමෝපායික සබඳතා කළමනාකරණය වැඩිදියුණු කිරීම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපෑවේය. 2018 වසරේදී රු. මිලියන 2,410ක CASA වර්ධනයක් හිමිකර ගැනීමට බැංකුව සමත්වූ අතර එය 2017 වසර සමග සැසඳීමේදී 14.8%ක වර්ධනයකි.

බැංකුවේ අක්‍රීය ණය අනුපාතිකය 3.7%ක් වූ අතර දළ අක්‍රීය ණය අනුපාතිකය 2.5%ක් විය. තුලනාත්මක කාලය තුළ මුළු සහ දළ අක්‍රීය අනුපාතික පිළිවෙලින් 2.7% සහ 1.8% ක් විය. ණය ඇගයුම, පෙර සූදානම සහ ඉලක්කගත අධීක්ෂණය තුළ බැංකුවේ දූරදර්ශී ආපදා කළමනාකරණය සහ ප්‍රාදේශීයව ක්‍රියාත්මක කෙරෙන ක්‍රමෝපාය වත්කම් ප්‍රමිතිය සහ ඉදිරියේදී ඇතිවිය හැකි ණය අහිමිවීම් ආදිය වළක්වා ගැනීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.

නොසැලී සිටීමේ සහ වර්ධනයේ වසරක්

2018 වසරේ අත්විඳීමට සිදුවූ සාර්ව ආර්ථික සෘණාත්මක බලපෑම් මධ්‍යයේ වුව ද යුනියන් බැංකුව සිය ව්‍යාපාරයේ සියලු අංශ ඔස්සේ සුවිශේෂී වර්ධනයක් අත්කර ගැනීමට සමත්විය. ආයතනික සබඳතා වැඩිදියුණු කිරීම සහ බැංකුව විසින් ආයතන සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා හඳුන්වා දෙන ලද Biz Direct නවීන මුදල් හුවමාරු බැංකුකරණ තාක්ෂණය කෙරෙහි දක්වන ලද පුළුල් අවධානය හේතුවෙන් යුනියන් බැංකුවේ ආයතනික බැංකුකරණ ව්‍යාපාරය ශීඝ්‍ර වර්ධනයකට හිමිකම් කීවේය. ජාතික වශයෙන් වැදගත්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය ඉලක්කකර ගනිමින් ප්‍රාදේශීය වශයෙන් යුනියන් බැංකුව සිය බැංකුකරණ පහසුකම් සහ උපදේශන සේවා ලබාදීමට අඛණ්ඩව කටයුතු කළේය.

බැංකුවේ භාණ්ඩාගාරය ද 2018 වසර තුළ උපරිම මට්ටමින් බැංකුවේ වර්ධනයට දායකත්වය ලබාදුන්නේය.

බැංකුව පාරිභෝගික තැන්පතු සහ CASA ආදායම් පුළුල් කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් බැංකුවේ පාරිභෝගික බැංකුකරණ අංශය තුළ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේය. ගෙවුණු වසරේදී නිවාස කොටස් වෙළඳපල කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුනියන් බැංකුව නිවාස ණය සහ දේපළ ණය තුළ පුළුල් වර්ධනයක් අත්පත් කර ගත්තේය. ක්‍රෙඩිට් කාඩ්පත හඳුන්වා දීම ගතවූ වසරේ සිදුවූ සුවිශේෂී ම පියවර වන අතර ඒ හරහා බැංකුවට නව ආදායම් මාර්ගයක් මෙන්ම පාරිභෝගිකයන්ට පුළුල් සේවා පෙළක් හිමිකර දීමට හැකිවිය.

පාරිභෝගික ජනතාව වෙනුවෙන් හඳුන්වා දෙන ලද ඩිජිටල් බැංකුකරණ ඇතුළු විවිධ සේවා ක්‍රමවේද නිසා පාරිභෝගිකයන්ගේ මුල්‍ය සේවා භාවිතයේ කැපීපෙනෙන වර්ධනයක් දැකගත හැකි විය. 2018 Lanka Pay Technovation සම්මාන උළෙලේදී යුනියන් බැංකුව සිය විශිෂ්ට සේවාව වෙනුවෙන් ‘විශිෂ්ටත ම බාධාවකින් තොර පසුපෙළ මෙහෙයුම්’ සඳහාවන සම්මානයට ද පාත්‍ර විය.

යුනියන් බැංකුවේ විශිෂ්ට කාර්යසාධනය පිළිබඳ අදහස් පළ කරමින් එම බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, 2018 වසරේදී බැංකුකරණ ක්ෂේත්‍රය ආර්ථික සහ දේශපාලනික වශයෙන් අභියෝග රැසකට මුහුණදුන් බවය. “පරිපූර්ණ ක්‍රමෝපායික යළි ස්ථානගත කිරීම හරහා යුනියන් බැංකුව එම අභියෝගවලට නොසැලී මුහුණදුන් අතර හර බැංකුකරණ මෙහෙයුම් කටයුතුවල විශිෂ්ට මුල්‍ය කාර්යසාධනයක් සහ වර්ධනයක් අත්කර ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ම වර්ධනයවන බැංකුවක් ලෙස අපගේ ස්ථානය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් 2021 වසර වන විට මෙරට ජනතාවගේ සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ප්‍රමුඛ තේරීම බවට පත්වීම අපගේ අරමුණයි. අප අත්කර ගත් මෙම ප්‍රවේශය 2019 වසර තුළ ද ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට අප කටයුතු කරන අතර, එහිදී අපගේ තුන් අවුරුදු ක්‍රමෝපායික වර්ධන සැලසුමේ දෙවන වසරේ ක්‍රමෝපාය වර්ධන ඉලක්ක ජයගැනීම සඳහා අප කැපවනවා” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC