යූනියන් බැංකුව පසුගියදා පැවති ‘Daraz Payment Partner Performance’ සම්මාන උළෙලේදී ‘Most Campaign Partnerships’ සම්මානය හිමිකර ගැනීමට සමත් විය. පෙර වසරේදීද මෙම සම්මාන උළෙලේදී සම්මානයක් හිමිකර ගැනීමට යූනියන් බැංකුවට හැකියාව ලැබුණු අතර, මෙවර සම්මාන උළෙල 2022 ජූලි 28 දින කොළඹ Uga Residencies හෝටලයේදී පැවැත්විණි.
විද්‍යුත් වාණිජ සේවා වෙබ් අඩවි වලින් භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමේදී ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය දිරිගැන්වීම සහ, 2021-2022 කාලසීමාව තුළ Daraz තුළ වැඩිම ප්‍රවර්ධන වැඩසටහන් සංඛ්‍යාවක් දියත් කිරීම වෙනුවෙන් යූනියන් බැංකුවට මෙම සම්මානය හිමි විය. Daraz හි වර්ධනය වෙනුවෙන් එහි හවුල්කරුවන් දක්වන දායකත්වය ඇගයීම සඳහා මෙම සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කෙරේ.
Daraz සමග හවුල්කාරීත්වය ඇතිකරගත් අවස්ථාවේ පටන්ම යූනියන් බැංකුව අඛණ්ඩව නිර්මාණශීලී ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාවට නංවා තිබේ. මේ යටතේ සතිපතා වට්ටම්, උපයෝගීතා බිල්පත් සඳහා විශේෂ දීමනා සහ පහසු ගෙවීමේ ක්‍රම යනාදියට අමතරව 11.11, Black Friday, අවුරුදු සහ නත්තල් දීමනා වැනි වට්ටම් සහ දීමනා රාශියක් පිරිනැමීමට යූනියන් බැංකුව කටයුතු කළේ ය.
Daraz යනු ජාත්‍යන්තර Alibaba Group හි පිටුබලය සහිත, දකුණු ආසියාවේ ප්‍රමුඛතම විද්‍යුත්-වාණිජ වෙබ් අඩවියකි. මෙරට ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් දහස් ගණනක් එකිනෙකා සමග සම්බන්ධ කරන Daraz මේ වනවිට ශ්‍රී ලංකාවේ විශාලතම විද්‍යුත් වාණිජ සේවා වෙබ් අඩවිය බවට පත් වී සිටී.
Gold, Platinum සහ Signature වශයෙන් යුනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් ලබා ගත හැකි අතර, ඒවා අදාළ නිර්ණායක අනුව බැංකුවේ දීපව්‍යාප්ත ශාඛා ජාලය වෙතින් ලබාගත හැකි වේ. යූනියන් බැංකුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ හෝ 011 5800 5800 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ඉල්ලීමක් ඉදිරිපත් කිරීම මගින් කෙනෙකුට යූනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පතක් සඳහා අයදුම් කළ හැකි අතර, බැංකුවේ නියෝජිතයෙකු ඒ සඳහා අදාළ ගනුදෙනුකරුට සහය වනු ඇත. යූනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු සියලුම සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු එහි නිල වෙබ් අඩවිය වන www.unionb.com හි දක්වා තිබේ.


