සේයාරූ සටහන : වමේ සිට දකුණට : යුනියන් බැංකුවේ පාරිභෝගික වගවීම් සහ විකල්ප ධාරා අංශයේ සහකාර උප සභාපතිනී මනිෂා ප්‍රනාන්දු, එම බැංකුවේ විකල්ප ධාරා කළමනාකාර යොහාන් අලහකෝන්, සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලයේ සභාපති සහ විදුලි සංදේශන සහ ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍යංශයේ හිටපු ලේකම් වසන්ත දේශප්‍රිය, ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් අංශයේ අධ්‍යක්ෂ ධර්මසිරි කුමාරතුංග, LankaClear සභාපති අනිල් අමරසූරිය, LankaClear සාමන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා.
යුනියන් බැංකුව පසුගියදා පැවති LankaPay Technnovation’ සම්මාන උළෙලේදී එහි පහසු අවසන් ආන්තික මෙහෙයුම් (Back-end) සඳහා සම්මානයට පාත්‍ර වූයේය. සිය පාරිභෝගික ජනතාව සඳහා කඩිනම් සහ වේගවත් සේවාවක් ලබාදීම සඳහා තාක්ෂණික වැඩිදියුණු කිරීම් කෙරෙහි බැංකුව දක්වන කැපවීම මෙමගින් තවදුරටත් තහවුරු විය. නිෂ්පාදන පෙළට අදාළව කාලීන සේවාව, සබඳතා මෙහෙයුම් කාලය, ව්‍යාපාරික අරමුණ, ක්‍රියාවලි සහ යාන්ත්‍රණ වෙනුවෙන් යුනියන් බැංකුවට මෙම සම්මානය හිමිවිය.
“මෙම සම්මානය හිමිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. අපට මෙම සම්මානය හිමිවූයේ අපගේ අවසන් ආන්තික මෙහෙයුම් කටයුතු සිදුකරන සියලු කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ කැපවීම නිසයි. ඩිජිටල් බැංකුකරණය යනු ලිපිගොනුවලින් තොරවීමට එහා ගිය සංකල්පයක්. ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් වර්ධනයවන වාණිජ බැංකුවක් ලෙස අප නිබඳව වැඩිදියුණු කරන ලද පාරිභෝගික අත්දැකීමක් පිරිනැමීමට කටයුතු කරනවා” යනුවෙන් යුනියන් බැංකුවේ පාරිභෝගික බැංකුකරණ අංශයේ උප සභාපතිනී චායා ජයවර්ධන මහත්මිය සඳහන් කළාය.
දවසේ පැය 24 පුරා වසරේ සෑම දිනකම ස්වයං බැංකුකරණ සේවා සඳහා උපකාරීවන ATM ජාලය යුනියන් බැංකුවත් ඔවුන්ගේ පාරිභෝගිකයනුත් අතර වැදගත් සබඳතාවක් ගොඩනගා ඇත. සිය වර්ධන ක්‍රමෝපායේ එක් අංගයක් ලෙස යුනියන් බැංකුව පාරිභෝගිකයන්ගේ පහසුව සඳහා තාක්ෂණික වැඩිදියුණුකිරීම් වෙනුවෙන් සුවිශේෂී ආයෝජන රැසක් සිදුකර ඇත. LankaClear සවිබලයෙන් යුතු පොදු ATM ජාලය හරහා CEFTS සහ SLIPS වැනි ගෙවුම් කළමනාකරණ පහසුකම්වල කාර්යක්ෂමතාව වර්ධනයකිරීම, අනෙකුත් පළාත්වල ATM ජාලය තවත් පුළුල්කිරීම, පුළුල් ඩිජිටල් බැංකුකරණ පදනමක් සකස්කිරීම, කොළඹින් බැහැර ප්‍රජාව දැනුවත්කිරීම සහ පාරිභෝගික අවශ්‍යතා අනුව සකස් කරන ලද කළමනාකරණ පද්ධති ආදිය යුනියන් බැංකුව සියලු පාරිභෝගික අංශ හරහා සිය සේවා ලබාදීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමට ගෙන ඇති පියවර කිහිපයකි.


