සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය යනු, ආර්ථික වර්ධනය, ප්‍රාදේශීය සංවර්ධනය, රැකියා අවස්ථා උත්පාදනය සහ දුගීබව අවම කිරීම සඳහාවන ප්‍රමුඛත ම බලවේගයක්වන අතර, එය ශ්‍රී ලාංකේය ආර්ථිකයේ කොඳු නාරටිය ද වේ. වසර 25 කට අධික කාලයක් යුනියන් බැංකුව මෙම අංශය වෙනුවෙන් මෙම ජාතික න්‍යායපත්‍රයට සහයෝගය දක්වා ඇති අතර, නිෂ්පාදන, බලශක්ති, ප්‍රවාහන සහ වෘත්තීය සේවා ඇතුළු පුළුල් පරාසයක විහිදුනු ක්ෂේත්‍රවල ශීඝ්‍රයෙන් වර්ධනයවන අවශ්‍යතාවලට අනුකූල සහ නම්‍යශීලි මුල්‍ය විසඳුම් සහ උපදේශන සේවා හඳුන්වා දෙමින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය නගාසිටුවීමට කටයුතුකර ඇත. තවද, කෘෂිකර්මාන්තය, කෘෂි-ප්‍රතිසැකසුම්, නිෂ්පාදන, ධීවර, සංචාරක, සත්ත්ව පාලන සහ අපනයන යන ක්ෂේත්‍ර සඳහා ද යුනියන් බැංකුව සිය සුළු හා මධ්‍යම පරිමාණ ණය යෝජනා ක්‍රමය යටතේ දායකත්වය ලබා දීමට කැපවී සිටී.
යුනියන් බැංකුවේ සුළු හා මධ්‍යම පරිමාණ ණය ක්‍රමය යනු, ව්‍යාපාරවල දිගුකාලීන තිරසාරත්වය සඳහා සහයෝගය ලබාදෙන ණය යෝජනා ක්‍රමයකි. එමගින්, කාරක ප්‍රාග්ධනය සමගින් දිගුකාලීන ආයෝජන ණය සහ ඒකාබද්ධ ආයෝජන ණය ආදී අරමුදල් විකල්ප හඳුන්වා දී තිබේ. මෙමගින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායවල විවිධ ආයෝජන අවශ්‍යතා සපුරාලන අතර, නව යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම, ආම්පන්න ස්ථාපනය, ගෘහ භාණ්ඩ සහ මෙවලම් මිලදී ගැනීම, ගොඩනැගිලි පිළිසකර කිරීම් සහ කාරක ප්‍රාග්ධන මුල්‍යයන අවශ්‍යතා ආදී ප්‍රාග්ධන ආයෝජන සඳහා රු. මිලියන 50 ක් දක්වා ණය පහසුකම් සැලසේ. රු. මිලියන 750 ක වාර්ෂික පිරිවැටුමක් සහ 300 කට අඩු කාර්යමණ්ඩල සාමාජික පිරිසක් සේවයකරන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායවලට මෙම පහසුකම යටතේ අරමුදල් සම්පාදනයකර ගත හැකිය.
කාන්තා ව්‍යවසායිකාවන්ගේ වැදගත්කම මනාව අවබෝධකර ගනිමින්, යුනියන් බැංකුව මෙම ණය පහසුකම යටතේ කාන්තා ව්‍යවසාසියකාවන් නගාසිටුවීම සඳහා 10% ක ප්‍රදානයක් පිරිනමන අතර, මේ යටතේ ශීඝ්‍රයෙන් වර්ධනයවන මෙම අංශය තිරසර ව්‍යාපාර බවට වර්ධනය කිරීම අරමුණයි. යුනියන් බැංකුව මේවන විට ද, සහයෝගය අවශ්‍ය කාන්තා-මූලික සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සඳහා කැපීපෙනෙන අරමුදල් ප්‍රමාණයක් බෙදා දී තිබේ. එමෙන්ම, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ වෘත්තිකයින් සහ ඉහල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විවිධ උපදේශන වැඩසටහන් ද යුනියන් බැංකුව දියත් කරයි. අදාළ ක්ෂේත්‍රයේ පුහුණුව සම්පූර්ණ කළ ව්‍යවසායකයින් හට මූලික ණය මුදලින් 10% ක ප්‍රදානයක් ලබා ගැනීමේ අවස්ථාව ද උදා වේ. ඌව, සබරගමුව මෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල ව්‍යවසායිකාවන් හට මූලික ණය මුදලින් අමතර 5% ක ප්‍රමාණයක් හිමිකර ගත හැකි අතර, අදාළ ක්ෂේත්‍රයේ පුහුණුව සම්පූර්ණකර ඇත්නම්, ඔවුහු මූලික ණය මුදලින් 25% ක් දක්වා ප්‍රදානයක් ලෙස හිමිකර ගැනීමට සුදුසුකම් ලබති.
“යුනියන් බැංකුවේ ණය යෝජනා ක්‍රමය යටතේ, දිගුකාලීන ව්‍යවසායකයින් හට අඛණ්ඩව සහයෝගය ලබා දෙන අතර, ශ්‍රී ලංකාව පුරා තිරසර ව්‍යාපාර ගොඩනැගීම සඳහා එය කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකර තිබෙනවා. කාන්තා ව්‍යවසායිකාවන් හට සහයෝගය ලබා දීමට බැංකුව දක්වන කැපවීම හේතුවෙන්, ඔවුන්ට තමන්ගේ ව්‍යවසායික සිහින සැබෑකර ගැනීමටත්, ව්‍යාපාරික වර්ධනය සඳහා දැනුම සහ කුසලතා වැඩිදියුණුකර ගැනීමටත්, අමතර ප්‍රදාන සහ ප්‍රතිලාභ හිමිකර ගැනීමටත් අවස්ථාව උදා වනවා, ” යනුවෙන් යුනියන් බැංකුවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහ මුදල් හුවමාරු බැංකුකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අසංක රන්හොට්ටි මහතා සඳහන් කළේය.
සේයාරූ සටහන: සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහ මුදල් හුවමාරු බැංකුකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අසංක රන්හොට්ටි මහතා.


