යුනියන් බැංකුව සිය දීර්ඝ සේවා සාමාජිකයින් අගයයි

ඡායාරූපය: චන්දිත ලියනගේ (මාතර ශාඛාව), රොෂාන් විතානච්චි (මෙහෙයුම් අංශය), කෝලිත ද සිල්වා (OMS ශාඛාව), කාංචනා ද සිල්වා (මෙහෙයුම් අංශය), ක්‍රිස්ටෙලා සිවප්‍රගාසම් (කොල්ලුපිටිය ශාඛාව), රවී ජයසේකර (නියෝජ්‍ය ප්‍රධානී – මානව සම්පත් අංශය), ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ (අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී), ශ්‍රී ඥාණේන්ද්‍රන් (නියෝජ්‍ය ප්‍රධානී – මෙහෙයුම් අංශය), ජමුනා ජෙගසෝති (කොටහේන ශාඛාව), ඉන්දික ගලහිටියාව (පිළිමතලාව ශාඛාව), සයිලාජා නඩරාජා (භාණ්ඩාගාර අංශය), ඉරන්ති කරුණානායක (ගම්පොළ ශාඛාව) සහ හිරාන් ද සිල්වා (ණය අයකරගැනීම් අංශය).

යුනියන් බැංකුව සිය කාර්යමණ්ඩලයේ දීර්ඝ කාලීන සේවා සම්පූර්ණ කළ සාමාජික සාමාජිකාවන් ඇගයීමට පසුගියදා කටයුතු කළේය. යුනියන් බැංකුවේ දීර්ඝ සේවා සම්මාන මගින් වර්ෂ 20කට වැඩි කාලයක් යුනියන් බැංකුවේ ඉදිරි ගමනට උපරිමව කැපවුණු සේවක සේවිකාවන් ඇගයීම සිදු වේ. ඒ අනුව පසුගියදා Waters Edge හිදී පැවැති දීර්ඝ සේවා සම්මාන උළෙලේදී යුනියන් බැංකු පවුලේ දීර්ඝ කාලීන සේවා සම්පූර්ණ කළ සාමාජික සාමාජිකාවන් දස දෙනෙකු ඇගයීමට ලක්කරන ලදී.

යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා විසින් දශක දෙකකට අධික කාලයක් යුනියන් බැංකුවේ සේවය කළ එම විශිෂ්ටයින්ට සම්මාන ප්‍රදානය සිදු කරන ලදී.

යුනියන් බැංකුවේ උප සභාපති – මානව සම්පත්, රවී ජයසේකර මහතා මේ පිළිබඳ දැක්වූ අදහස් මෙසේයි. “යුනියන් බැංකුවේ සාර්ථකත්වයේ පදනම සේවක පිරිසෙහි කැපවීමයි. වර්ෂ 20ක් අප බැංකුවේ සේවය කළ මෙම විශිෂ්ටයින් දස දෙනා ඇගයීමට ලක්කිරීමට හැකිවීම පිළිබඳව අප ඉතාමත් ආඩම්බරයට පත්වෙනවා. දීර්ඝ කාලයක් එකම ආයතනයකට සේවය කරන කාර්යමණ්ඩලයක් සිටීම එම ආයතනයේ විශිෂ්ටත්වයට හොඳම උදාහරණයක්.”

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC