යුනියන් බැංකුව පරිසර හිතකාමී ලෙස මෙවර වෙසක් මංගල්‍යය සමරයි

මෙවර වෙසක් මංගල්‍යයට සමගාමීව යුනියන් බැංකුවේ කාර්යමණ්ඩලය පසුගිය දා සංවිධාන කෙරුණු වෙසක් කූඩු තරගාවලියට සහභාගී වූහ. යුනියන් බැංකුවේ ශාඛා සහ අංශ වල කාර්යමණ්ඩල මගින් ප්‍රතිචක්‍රීයකරණය කරන ලද අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිර්මාණය කරන ලද නිර්මාණශීලි වෙසක් කූඩු මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් කරණ ලදී.

පරිසර හිතකාමී ලෙස වෙසක් මංගල්‍යය සැමරීම ඉලක්කකර ගනිමින් සංවිධානය කෙරුණු මෙම තරගාවලිය සඳහා, පරිසර හිතකාමී හෝ ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිර්මාණයකර තිබූ වෙසක් කූඩු මගින් බැංකුවේ කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ නිර්මාණශීලීත්වය මනාව පිළිබිඹු විය. විශිෂ්ටත ම වෙසක් කූඩුව ජයග්‍රහණය කරවීමේ අරමුණින් යුතුව, මේ සඳහා සියලු ශාඛා සහ අංශවලින් කැපීපෙනෙන උද්‍යෝගයක් දැකගත හැකි විය. සියලු කාර්යමණ්ඩල සාමාජිකයින් අතර සහ-සම්බන්ධය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධාන කෙරුණු මෙම තරගාවලිය, පරිසරය සුරැකීම සඳහා යුනියන් බැංකුව දරන අඛණ්ඩ උත්සාහයේ තවත් එක් පියවරකි.

වෙසක් කූඩු නිර්මාණය කිරීම සඳහා යුනියන් බැංකු කාර්යමණ්ඩලය විවිධ ප්‍රතිචක්‍රීයකරණය කළ අමුද්‍රව්‍ය භාවිතකර තිබිණ. එම සුවිශේෂී වෙසක් කූඩු අතර, වරකාපොළ ශාඛා කණ්ඩායමේ වෙසක් කූඩුව ප්‍රථම ස්ථානය ද, අභ්‍යන්තර විගණන අංශයේ සහ මහනුවර ශාඛා කණ්ඩායමේ වෙසක් කූඩු පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන ද හිමිකර ගත්තේය.

සේයා රූ සටහන: විවිධ ශාඛා සහ අංශවල ජයග්‍රාහී වෙසක් කූඩු

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC