සේයා රූ සටහන : යුනියන් බැංකුවේ මානව සම්පත් අංශයේ උප සභාපති රවී ජයසේකර, එම බැකුවේ පාරිභෝගික බැංකුකරණ අංශයේ උප සභාපතිනී චායා ජයවර්ධන, චාමර රොසයිරෝ සහ එම්. ඒ. සුමේධා ප්‍රසාදිකා, එම බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ, එම බැංකුවේ පාරිභෝගික වත්කම් විකුණුම් අංශයේ ප්‍රධාන කළමනාකාර දමිත් සුමතිරත්න යන මහත්ම මහත්මීහු ඡායාරූපයේ වෙති
යුනියන් බැංකුව අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික විකුණුම් සම්මේලන සම්මාන උළෙලේදී ප්‍රමුඛත ම සම්මාන දෙකක් හිමිකර ගැනීමට සමත්විය. මෙරට විකුණුම් ක්ෂේත්‍රය වෙනුවෙන් ම පවත්වනු ලබන ප්‍රධානත ම උළෙල වන්නේ SLIM NASCO සම්මාන උළෙලයි. එමෙන්ම විවිධ ආයතන සහ සමාගම්වලට සම්බන්ධ මෙරට විකුණුම් බල ඇණිය ඇගයුමට ලක්කිරීම සඳහා සංවිධානය කෙරෙන එකම ජාතික මට්ටමේ උළෙල වන්නේ ද මෙයයි. කර්මාන්ත 22ක් සහ සමාගම් 116ක් නියෝජනය කරමින් ඉදිරි පෙළ, විධායක සහ ප්‍රාදේශීය කළමනාකාර යන අංශ යටතේ මෙවර අයදුම්පත් 750කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබූ අතර ඒ අතරින් 42ක් මේ සඳහා සහභාගී වූයේ පළමු වරටය. සම්මාන උළෙලේ තරගකාරිත්වය මෙමගින් මනාව පෙන්නුම් කෙරේ.
බැංකු අංශයේ නිර්දේශ 50කට අධික සංඛ්‍යාවක් අතරින් යුනියන් බැංකුවේ චාමර රොසයිරෝ විකුණුම් විධායක නිලධාරී ඛාණ්ඩයේ රිදී සම්මානයත්, එම්.ඒ. සුමේධා ප්‍රසාදිකා ඉදිරි පෙළ ඛාණ්ඩයේ ලෝකඩ සම්මානයත් හිමිකර ගත්හ.
“විකුණුම් වෘත්තිකයන් සඳහාවන මෙරට එකම ජාතික උළෙලේදී හිමිවූ සම්මාන මගින් අපගේ විකුණුම් බලඇණියේ විශිෂ්ට කාර්යසාධනය මැනවින් පිළිබිඹුවන අතර ඔවුන් හිමිකර ගත් මෙම ජයග්‍රහණය පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. සැබෑ කැපවීමක්, උනන්දුවක් සහ වෙහෙසක් නොමැතිව මෙවැනි ජයග්‍රහණය හිමිකර ගත නොහැකියි. ජාතික තලයේ විශිෂ්ටයන් බවට පත්වූ එවැනි විකුණුම් නිලධාරීන් අප සතුවීම පිළිබඳ අප ආඩම්බර වනවා” යනුවෙන් යුනියන් බැංකුවේ පාරිභෝගික බැංකු අංශයේ උප සභාපතිනී චායා ජයවර්ධන මහත්මිය සඳහන් කළාය.


