ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට උත්සව සමය ජයටම සමරන්න යුනියන් බැංකුව වෙතින් විලාසිතා, හෝටල්, ආපනශාලා, සුපර්මර්කට්, ගෘහ භාණ්ඩ, ඉලෙක්ට්‍රොනික් උපකරණ සහ තවත් බොහෝ දේ සඳහා දිවයින පුරා වෙළද සැල් 200 ඔස්සේ 50% දක්වා වට්ටම් සමග පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රමයට වාරික සැලසුම් ලබා දෙනු ඇත.
ජීවන රටාවට සරිලන ක්‍රෙඩිට් කාඩ්පතක් ලෙස ප්‍රචලිත යුනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත්, විලාසිතා සඳහා ප්‍රියතම දේශීය සහ ජාත්‍යන්තර සන්නාම රැසකට ද, හෝටල් සහ නිවාඩු නිකේතන රැසකටත් ඉතා අගනා වට්ටම් ලබා දෙනු ඇත. සුපිරි වෙළදසැල් වලින් ලබා ගන්නා බොහෝ දේ සඳහා 25% දක්වා වට්ටම් ද ඇත. වියදම් වැඩි උත්සව සමයේ මෙම වට්ටම් කාඩ්පත් හිම්යන්ට පවුලේ සියලු දෙනා සමග නත්තල් සමය ප්‍රීතියෙන් සමරන්න ඉතා වටිනා අත්වැලකි. කාර්යබහුල කාලයක තම නිවසේ සිටම භාණ්ඩ මිලදීගැනීම් සඳහා වන ඉන්ටනෙට් ඇනවුම් සඳහා 30% දක්වා වට්ටම් සහිතව පහසු ගෙවීමේ වාරික ද ලබා ගත හැක.
යුනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත්, වැඩි ඉතුරුම් මගින් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ගේ මුල්‍ය කළමනාකරණයට සඳහා රුකුලක් වෙනු ඇත. ක්‍රෙඩිට් කාඩ්පත් හිම්යන්ට පොලි රහිත මාස 24 දක්වා පහසු ගෙවීමේ ක්‍රමයට වාරික සැලසුම් හසුරුවීමේ ගාස්තුව සහිතව, අධ්‍යාපනය, රක්ෂණය, වාහන නඩත්තුව, සෞඛ්‍ය සේවා, ඉලෙක්ට්‍රොනික් උපකරණ, සංචාරක ගුවන් ගමන්ස හ , හෝටල් සහ සූර්ය බලශක්තිය යන කාණ්ඩ රැසකට ලබා ගත හැක.
යුනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පතක් අයදුම් කීරීමට හෝ ලබාදෙන වට්ටම් හා වාසි ගැන වැඩි විස්තර ලබා ගැනීමට 011 5800 800 ඔස්සේ ඇමතිය හැකි අතර www .unionb.com වෙබ් අඩවිය ඔස්සේද විස්තර ලබා ගත හැක.
යුනියන් බැංකුව පිළිබදව
යුනියන් බැංකුව ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා අංශයේ වසර 28කට වැඩි පළපුරුද්දක් ඇති අතර පුද්ගලික, ආයතනික සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශ වල ගනුදෙනුකරුවන් සඳහා දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් තුලින් නිෂ්පාදන සහ සේවා රැසක් පිරිනමයි. 2011 වසරේ සිට කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති යුනියන් බැංකුවට නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළ ශක්තිමත් ප්‍රාග්ධන තත්ත්වයකින් පවතී. බැංකුවේ උපාය මාර්ගික විවිධාංගීකරණයන් අතරට National Asset Management Ltd (NAMAL), ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වත්කම් කළමනාකරණ සමාගම සහ UB Finance සමාගම්ද ඇතුළත් වේ. Brand Finance විසින් 2012 වසරේ සිට යුනියන් බැංකුව ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතරට ශ්‍රේණිගත කර ඇත. වැඩි විස්තර සඳහා www.unionb.com වෙත පිවිසෙන්න.


