යුනියන් බැංකුවෙන් කැරොල් ගී සැඳෑවක්

යුනියන් බැංකුව විසින් සිය වාර්ෂික නත්තල් කැරොල් දේව මෙහෙය පසුගිය දා ශාන්ත ඇන්ඩෲස් ස්කොට් කිර්ක් දේවස්ථානයේ දී පවත්වනු ලැබූ අතර, එම අවස්ථාවට යුනියන් බැංකුවේ කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවෝ සහභාගි වූහ. මෙම සැඳෑව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි කැරොල් ගී සමඟින් වර්ණවත් වූ අතර, ගායනයට මෙන් ම සංගීතය සැපයීම සඳහා ද ප්‍රධාන කාර්යාලය ඇතුළු ශාඛා කාර්‍යාලවල සේවයේ නියුතු යුනියන් බැංකු සාමාජිකයන් සහභාගි වීම විශේෂත්වයක් විය. කැරොල් ගී ප්‍රසංගය අතරතුර කාර්ය මණ්ඩලයේ දරු දැරියන් කණ්ඩායමක් විසින් නත්තල් නාට්‍යයක් ඉදිරිපත් කරනු ලැබූ අතර, එම අවස්ථාවේ දී නත්තල් සීයා විසින් පැමිණ සිටි සියලු ම දරු දැරියන්ට ත්‍යාග පිරිනැමිණි. යුනියන් බැංකු ක්‍රීඩා සමාජය විසින් මෙම උත්සවය සංවිධානය කරනු ලැබීය.

ඡායාරූපය : යුනියන් බැංකුවේ ගායන හා වාද්‍ය වෘන්දය

බැංකු

  • Amana Bank PLC
  • Bank of Ceylon
  • Cargills Bank Ltd
  • Citibank
  • Commercial Bank of Ceylon PLC
  • DFCC Bank
  • Hatton National Bank PLC
  • HDFC Bank
  • HSBC Ltd
  • National Development Bank PLC
  • Nations Trust Bank
  • Pan Asia Banking Corporation
  • People’s Bank
  • Public Bank Berhard
  • Sampath Bank PLC
  • Seylan Bank PLC
  • Standard Chartered Bank

ආයතන

  • Merchant Bank of Sri Lanka Finance
  • Central Finance PLC
  • Commercial Leasing and Finance PLC
  • HNB Finance
  • LB Finance PLC
  • People’s Leasing and Finance PLC
  • Softlogic Finance Plc
  • Singer Finance (Lanka) PLC