යුනියන් බැංකුවේ UBSSE (Union Bank School of Social Entrepreneurship) යටතේ, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ කුසලතා නැංවීම සහ ඔවුන් සවිබල ගැන්වීම සඳහා යුනියන් බැංකුව, මොරටුව විශ්වවිද්‍යාලය සහ ජාතික නවෝත්පාදන නියෝජිතායතනය (NIA) සමග අත්වැල් බැඳ ගනිමින් දියත් කරන ලද ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන පාඨමාලාව (NEDP) සාර්ථකව අවසන් කළ නව්‍ය ව්‍යවසායකයින් කණ්ඩායමකට පසුගියදා සහතිකපත්‍ර ප්‍රදානය කෙරිණි.
සේයා රූ සටහන:
යුනියන් බැංකුවේ ව්‍යාපාර අංශ ප්‍රධානී අසංක රන්හොට්ටි, එම බැංකුවේ අලෙවිකරණ උප සභාපතිනී තිෂානි දිසානායක, මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පීඨයේ පීඨාධිපති මහාචාර්ය දිනේෂ් සමරසිංහ සහ එම පීඨ ප්‍රධානී ආචාර්ය ගයත්‍රී කුපුප්පු යන මහත්ම-මහත්මීන් NEDP සහතිකපත්‍ර ප්‍රදානය කරන ලදී.


