ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා ව්‍යවසායකයින් දිරිමත් කිරීම සහ ඔවුන්ගේ ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා යූනියන් බැංකුව නිර්මාණය කර ඇති නව කාන්තා බැංකුකරණ විසඳුමක් වන පවර් හර් (Power H.E.R) දියත් කළේය.ව්‍යවසායකයින්ට නැගීසිටිම සඳහා උපකාර කිරීම යන අර්ථය සහිතව යුනියන් බැංකුවේ පවර් හර් (Power H.E.R) නොමිලේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්රීය මුදල් කළමනාකරණ විසඳුමක් සහ නම්‍යශීලි ණය ,විශේෂ පොලී අනුපාත,රක්ෂණ,අනුමත කරන ලද දීමනා,විශේෂඥ උපදේශන,ව්‍යාපාර සබඳතා සහ තවත් සුවිශේෂී ප්‍රතිලාභ ලබා දෙන එකම කාන්තා බැංකු විසඳුමයි.
අලෙවිකරණ උප සභාපති තිෂානි දිසානායක මහත්මිය විසින්, ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සැලකිය යුතු සංඛ්‍යාවක් කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන හෝ හිමිකාරීත්වය දරන ව්‍යාපාර වන අතර තිරසාර ව්‍යාපාර නිර්මාණය කිරීම සඳහා කාන්තා ව්‍යවසායකයින්ට ඇති හැකියාව හේතුවෙන් මෙය වර්ධනය වන අංශයකි.යූනියන් බැංකුවේ පවර් හර් (Power H.E.R) මගින් නොමිලේ ලබාදෙන මුදල් කළමනාකරණ විසඳුම ව්‍යවසායකයින්ට තම ව්‍යාපාර ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කිරීමට අවස්ථාව ලබාදෙන අතර මුල්‍ය කළමනාකරණ කටයුතු මනා ලෙස හසුරවයි.ඊට අමතරව, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනට (NEDP) නොමිලේ ඇතුළත් වී, ඔවුන්ගේ කුසලතා සහ ව්‍යාපාර හැකියාවන් වැඩිදියුණු කරගැනීමට සහාය වනු ඇතැයි සඳහන් කළහ.
”මේ මගින් නිෂ්පාදන, කෘෂිකර්මාන්ත සහ සංචාරක වැනි කර්මාන්ත රැසකට ලබා දෙන අනුමත කරන ලද දීමනා මගින් බැංකුවේ දිවයින පුරා පිහිටි ශාඛා ජාලය ඔස්සේ කාන්තා ව්‍යවසායකයින් විශාල සංඛ්‍යාවකට ඔවුන්ගේ ව්‍යාපාර කටයුතුවල දියුණුව සඳහා අවශ්‍ය සහය ලබා දෙනු ලැබේ” යනුවෙන් ප්‍රධාන ව්‍යාපාර නිලධාරී අසංක රන්හොට්ටි මහතා පැවසීය.


