
ට්‍රෙවින් ප්‍රනාන්දුපුල්ලේ – නියෝජ්‍ය සභාපති

ඒ.එස්. ඉබ්රාහිම් – ස්වාධීන, විධායක නොවන අධ්යක්ෂ
යුනියන් බැංකුවේ නව නියෝජ්‍ය සභාපති ලෙස ට්‍රෙවින් ප්‍රනාන්දුපුල්ලේ මහතා අගෝස්තු මස 30 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇති බව එම බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලය නිවේදනයකර සිටී. මින් පෙර නියෝජ්‍ය සභාපති ධුරය දැරූ සබ්රි ගවුස් මහතා වසර නවයක කාලයක සේවා කාලයකින් පසුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආයතනික පරිපාලන නිර්දේශ මත 2021 අගෝස්තු මස 29 වනදා සිට එම ධුරයෙන් විශ්‍රාම යාමත් සමග මෙම පත්වීම සිදු කළ බව ද යුනියන් බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලය නිවේදනයකර සිටී.
තවද, 2021 අගෝස්තු මස 15 වනදා සිට බලපැවැත්වෙන පරිදි ඒ.එස්. ඉබ්රාහිම් මහතා ද එම බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර ඇත.
නව නියෝජ්‍ය සභාපති ධුරයට පත්වූ ට්‍රෙවින් ප්‍රනාන්දුපුල්ලේ මහතා 2017 වසරේ සිට යුනියන් බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතුකර ඇති අතර යුනියන් බැංකුවේ අධ්යක්ෂ මණ්ඩල කිහිපයක ම සාමාජිකත්වය දරමින් බැංකුවේ මෙහෙයුම් කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා කළමනාකාරිත්වයට අවශ්‍ය දූරදර්ශී උපදේශන සහ මගපෙන්වීම ලබා දීමට ද අකටයුතුකර ඇත. මුල්‍ය සේවා ක්ෂේත්රයේ වසර 40 කට අධික අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන ප්‍රවීණ බැංකුකරුවෙකුවන ඒ මහතා යුනියන් බැංකුව සමග සම්බන්ධ වීමට පෙර DFCC සමූහයේ ප්‍රධාන අවදානම් නිලධාරී/විධායක උප සභාපති ලෙස ද ලංකා බැංකුවේ ප්‍රධාන අවදානම් නිලධාරී ලෙස ද සේවයකර ඇත. HSBC මෙරට බැංකුවේ වසර 30 ක සේවා කාලයකට හිමිකම් කියන ඒ මහතා එම බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරමින් අවදානම් කළමනාකරණය, විදේශ විනිමය සහ භාණ්ඩාගාර, ජාත්‍යන්තර වෙළෙඳාම, ආයතනික බැංකුකරණය සහ පාරිභෝගික මෙහෙයුම් ආදී ක්ෂේත්‍ර රැසක් සඳහා සිය නායකත්වය ලබා දෙමින් ජාත්‍යන්තර බැංකුකරණය සහ අවදානම් කළමනාකරණය සම්බන්ධව හසළ දැනුමක් හිමිකර ගැනීමට සමත් වූයේය.
ප්‍රනාන්දුපුල්ලේ මහතා ඩුබායි රාජ්‍යයේ හිමිකාරිත්වය සහිත අල් ෆුටයිම් සමූහයේ AMW කැපිටල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ සභාපතිවරයා ලෙස මෙන්ම ෆ්රේසර් අනුස්මරණ රෝහලේ භාරකාර මණ්ඩල සාමාජිකයෙකු ද ද කටයුතු කරයි. තවද, ඒ මහතා කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස් ලංකා, එන්ටර්ප්රයිස් සිලෝන් කැපිටල් යන සමාගම්වල සහ ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ ද අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වෙයි. වරලත් බැංකුකරුවන්ගේ ආයතනයේ මෙරට ශාඛාවේ හිටපු සභාපතිවරයෙකු ද වන ඒ මහතා, ශ්‍රී ලංකා බැංකු අවදානම් වෘත්තිකයන්ගේ සංගමයේ නිර්මාතෘ සාමාජික මෙන්ම හිටපු උප සභාපතිවරයෙකු ද වෙයි. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඉම්පීරියල් විද්‍යායතනයේ ගණිත අංශයේ ශාස්ත්‍රපති උපාධියකට හිමිකම් කියන ප්‍රනාන්දුපුල්ලේ මහතා, එම විශ්වවිද්‍යාලයේ ආර්ථිකවිද්‍යා ලන්ඩන් පාඨශාලාවේ සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියකට ද හිමිකම් කියන අතර ලන්ඩන් වරලත් බැංකුකරුවන්ගේ ආයතනයේ සහකාර/අධි ශිෂ්‍යත්ව ලාභියෙකු ද වෙයි.
අධ්යක්ෂ මණ්ඩලයට අලුතින් පත්කරන ලද ඒ.එස්. ඉබ්රාහිම් මහතා ප්‍රධාන වශයෙන් ආයතනික බැංකුකරණය, භාණ්ඩාගාර කළමනාකරණය සහ අවදානම් කළමනාකරණය යන ක්ෂේත්රවල වසර 37 කට අධික අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියයි. 2017 ජුලි මස සිට 2020 නොවැම්බර් මාසය දක්වා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස ඒ මහතා කටයුතුකර ඇත. මහජන බැංකුවේ තොග බැංකුකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ සාමන්‍යාධිකාරී සහ අවදානම් කළමනාකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමන්‍යාධිකාරී මෙන්ම හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමන්‍යාධිකාරී, භාණ්ඩාගාර ප්‍රධානී, ආයතනික බැංකුකරණ සහ පියවාගැනීම් ප්‍රධානී, ප්‍රධාන අවදානම් නිලධාරී සහ ප්‍රධාන ණය නිලධාරී සහ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ ණය සහ GSAM ප්‍රධානී ලෙස ද ඒ මහතා කටයුතුකර ඇත.
පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට්, පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස්, පීපල්ස් මයික්‍රෝ-කොමර්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් සහ බංග්ලාදේශයේ ලංකන් අලායන්ස් ෆිනෑන්ස් යන සමාගම්වල අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතුකර ඇති ඉබ්රාහිම් මහතා මේවන විට ෆින්ට්‍රෙක්ස් ෆිනෑන්ස් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි. කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධියකට හිමිකම් කියන ඒ මහතා එක්සත් රාජධානියේ වරලත් බැංකුකරුවන්ගේ ආයතනයේ අධි ශිෂ්‍යත්ව ලාභියෙකි.
මෙම නව පත්කිරීම් හරහා යුනියන් බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලයේ ශක්තිමත් බව තවදුරටත් තහවුරුවන අතර එමගින් බැංකුවේ ඉදිරි ක්‍රමෝපායික සැලසුමට විශාල පිටුබලයක් හිමිවනු ඇත. එමෙන්ම, වසර ගණනක් පුරා යුනියන් බැංකුව වෙනුවෙන් අගනා මෙහෙයක් ඉටුකර නියෝජ්‍ය උප සභාපති ධුරයෙන් විශ්‍රාම යන සබ්රි ගවුස් මහතාට ද එම බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලය සිය නොමඳ ස්තූතිය පිරිනමයි.


