යුනියන් බැංකුව, නිර්වාණ චෞද්‍රි මහතා නව උප සභාපති ලෙස පත් කළ බව සතුටින් දැනුම්දී සිටී. මෙම පත්වීම සිදු කෙරුණේ, මින් පෙර එම තනතුර දැරූ ට්‍රවින් ප්‍රනාන්දුපුල්ලේ මහතා විශ්‍රාම යාමෙන් අනතුරුවය. 2023 වසරේ පටන් යුනියන් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයේ ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන චෞද්‍රි මහතා, විවිධ අංශ තුළ ප්‍රමුඛ සමාගම් කිහිපයකින් සැදුම්ලත් බහුජාතික සමාගම් සමූහයක් වන CG Corp Global සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ද වේ. CG Corp Global සමූහයට අනුබද්ධිත CG Capital Partners යනු යුනියන් බැංකුවේ ප්‍රධානත ම කොටස්හිමියා ද වන අතර එමගින් ආයතන දෙක අතර පවතින ක්‍රමෝපායික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කෙරේ. මුල්‍ය ක්ෂේත්‍රය තුළ අඛණ්ඩව වර්ධනය වන යුනියන් බැංකුවේ ගමන්මගට, ගෝලීය ව්‍යාපාරික ක්‍රමෝපාය, නායකත්වය සහ ආයතනික පාලනය පිළිබඳ චෞද්‍රි මහතා සතු පුළුල් අත්දැකීම් සම්භාරය මනා පිටිවහලක්වනු ඇත.
සේයාරුව: නිර්වාණ චෞද්‍රි, යුනියන් බැංකුවේ උප සභාපති


