යුනියන් බැංකුවේ සාමාජිකයන් පසුගියදා පැවති යුනියන් ඇෂුවරන්ස් ඩයමොන්ඩ් සම්මාන 2022 ( Diamond Awards ) හිදී ඔවුන්ගේ විශිෂ්ට දස්කම් සඳහා ඇගයීමට ලක් විය. මෙම සම්මාන උත්සවය බැංකු රක්ෂණ (Bancassurance) ක්ෂේත්රයේ ගෞරවනීයම සම්මාන උළෙල වන අතර ඉහළම ක්‍රියාකාරීන්ට සම්මාන පිරිනමයි. යුනියන් බැංකු කණ්ඩායමට 2022 වර්ෂයෙද ඒක පුද්ගල සහ කණ්ඩායම් දස්කම් සඳහා ඉහළම සම්මාන කිහිපයක් හිමි විය.
වාර්ෂික නව ව්‍යාපාර වාරික (ANBP) සඳහා වූ ඉහළම ඒක පුද්ගල ජයග්‍රහණය සඳහා වන ප්‍රධාන විධායක නිලධාරී විවේකාගාර සම්මානය (CEO’s Lounge Award) බොරැල්ල ශාඛාවේ ලක්ෂිකා හැඩිගල්ල වෙත පිරිනමන ලද අතර ශාඛා කාර්ය සාධන සම්මාන බොරැල්ල, පිටකොටුව, කුරුණෑගල, ගම්පහ, පිළියන්දල, නාවල, මහරගම සහ අනුරාධපුරය ශාඛාවලට හිමි විය. කලාප අංශයේ ඩයමොන්ඩ් සම්මානය කලාප 1B කලාප ප්‍රධානී චමින්ද ප්‍රනාන්දු විසින් දිනා ගන්නා ලද අතර කලාප 1A, 1B සහ 2 වාර්ෂික නව ව්‍යාපාර වාරික (ANBP) සඳහා ඉහළම දායකයින් තිදෙනා ලෙස පිළිගැනිණි. 2022 වසරේ වාර්ෂික චැම්පියන් සම්මානය (Champion Shield )බොරැල්ල ශාඛාව වෙත පිරිනැමුණේ ඔවුන්ගේ විශිෂ්ට දස්කම් වෙනුවෙන් ය. වාර්ෂික ඉලක්ක ඉක්මවා ජයග්‍රහණය කළ ශාඛාවන් සහ කාර්යමණ්ඩල සාමාජිකයන් රැසක් ද මෙම අවස්ථාවේදී ඇගයීමට ලක් විය.
ඡායාරූපය:
යුනියන් බැංකුවේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා සහ යුනියන් බැංකුවේ සම්මානලාභීන් සමඟ යුනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝමස් මහතා.


