මුල්‍ය කාර්යසාධන සමාලෝචනය
2020 වසරේදී යුනියන් බැංකුව මෙරට බැංකුකරණ ක්ෂේත්‍රයේ 25 වන සංවත්සරය සමරමින් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළේය. එම වසර බැංකුවේ ශක්තිය සහ පදනම විවිධ අයුරින් පරික්ෂාවට ලක් කළ වසරක් වූ අතර එම අභියෝග මධ්‍යයේ වුව ද යුනියන් බැංකුව ශක්තිමත් ලෙස නැගී සිටීමට සමත් විය. ආර්ථික ක්‍රියාකාරකම්හි පසුබෑම හේතුවෙන් බැංකුවේ මෙහෙයුම් කාර්යසාධනයට බලපෑමක් ඇති වුව ද, පිරිවැය මගින් උපරිම ප්‍රතිඵල අත්කර ගැනීම, ඵලදායී සම්පත් සහ ඵලදායිතා කළමනාකරණය මෙන්ම දූරදර්ශී සේවා පෙළ කළමනාකරණය හරහාඑම දුෂ්කර තත්ත්වවලින් නැගී සිටීමේ හැකියාව බැංකුවට උදා විය.
අභියෝගාත්මක ආර්ථික පසුබිම මධ්‍යයේ වුව ද, යුනියන් බැංකුව දූරදර්ශී ලෙස සිය ද්‍රවශීලතා පරතරය වර්ධනය කරමින් ශක්තිමත් අමතර ද්‍රවශීලතා මට්ටමක් පවත්වා ගැනීමට කටයුතු කළේය. ෆිච් ආයතනය 2020 වසරේදී නිකුත් කරන ලද ශ්‍රේණිගත කිරීම් හරහා බැංකුවේ වත්මන් ශ්‍රේණිගත කිරීම යළි තහවුරු වූ අතර ශක්තිමත් ද්‍රවශීලතාව සහ ප්‍රාග්ධනය ඊට හේතු විය. බැංකු ක්ෂේත්‍රයේ ශක්තිමත් ම ප්‍රාග්ධන තත්ත්වයකට මෙන්ම කැපීපෙනෙන මුල්‍ය නම්‍යශීලිතාව හේතුවෙන්, වසංගත තත්ත්වයෙන් ඇති වූ අහිතකර ආර්ථික බලපෑම මැඩපවත්වා ගැනීමට යුනියන් බැංකුවට හැකි වී ඇත. මුල්‍ය වර්ෂය අවසානයේදී යුනියන් බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතය 16.95% ක් ලෙස වාර්තා වූ අතර එය නියාමන අවශ්‍යතාවට වඩා බෙහෙවින් ඉහළ අගයකි.
නව වෙළෙඳපොළ ප්‍රවණතා සහ පාරිභෝගික නැමියාවන් සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් යුනියන් බැංකුව සිය මෙහෙයුම් කටයුතු ප්‍රතිසැකසුම්කරණය කිරීමට කටයුතු කළේය. සිය පාරිභෝගික ජනතාවගේත්, කාර්යමණ්ඩල සාමාජිකයන්ගේත් සෞඛ්‍යය සහ සුබසිද්ධිය තහවුරු කරන අතරම සියලු පාර්ශව ඇතුළත් ව්‍යාපාරික ක්‍රමෝපායක් දියත් කරමින් බැංකු සේවා බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාමට එම බැංකුව කටයුතු කළේය. විකල්ප රාජකාරි විසඳුම්, නිවසේ සිට රැකියාවේ නිරත වීමේ පහසුකම් මෙන්ම රට වසා දැමූ තත්ත්වයකදී වුව ද අත්‍යවශ්‍ය සේවා සඳහා වාර්තා කළ කාර්යමණ්ඩල සාමාජිකයන් හට බාධාවකින් තොරව සිය කටයුතු ඉටුකර ගත හැකි අමතර යටිතල පහසුකම් ස්ථාපනය කිරීම සඳහා ද කැපීපෙනෙන ආයෝජන සිදු කෙරිණි.
COVID-19 වසංගතයේ බලපෑමට ලක්වූ පාරිභෝගිකයන් හට සිය ව්‍යාපාර සහ ජීවන ශෛලිය යළි ගොඩනගා ගැනීමට සවියක් වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්දේශ කරන ලද සහන සියලු පාරිභෝගික අංශ නියෝජනයවන පරිදි පිරිනැමීමට ද කටයුතු කෙරිණි. තවද, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශ සහ ආර්ථික වර්ධනය පිණිස ක්‍රියාත්මක කරන ලද ණය පොළී අනුපාත කපා හැරීම් අනුව යමින් යුනියන් බැංකුව සිය ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු ණය සේවා සඳහා පහළට ගමන් කරන පොළී අනුපාත සංශෝධනයක් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය සහන පැකේජයට අනුව වසංගත තත්ත්වයෙන් පීඩාවට පත් ණය ගැනුම්කරුවන් හට ප්‍රාග්ධන සහ පොළී සහන ලබා දෙන අතරම බැංකුවේ අභ්‍යන්තර ණය ප්‍රතිපත්ති මාර්ගෝපදේශවලට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශවලින් ඔබ්බට යමින් පීඩාවට පත් පාරිභෝගිකයන් සැලකිය යුතු ප්‍රමාණයකට ණය සහන ලබා දීමට ද කටයුතු කෙරිණි. ණය, කල්බදු, බැංකු අයිරා, උකස් සහ වෙළෙඳ මුල්‍ය පහසුකම් එම සහන සඳහා සලකා බැලිනි. අක්‍රිය ණය ගැනුම්කරුවන් සඳහා ද ඔවුන්ගේ මුල්‍ය ශක්තිය අනුව ණය යළි පියවීම සඳහා අලුතින් සැලසුම් ලබා දීමට කටයුතු කෙරුණු අතර ණය පියවා ගැනීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග අත්හිටුවමින් උපචිත පොළිය ඉවත් කිරීම ද එම සහන අතර කැපී පෙනෙයි.
යුනියන් බැංකුවේ ණය සහ අත්තිකාරම් රු. මිලියන 67,518 ක් ලෙස වාර්තා විය. මුල්‍ය වර්ෂය අවසානයවන විට බැංකුවේ තැන්පතු පදනම රු. 82,384 ක් ලෙස වාර්තා වූ අතර අඩු පොළී වාතාවරණය හමුවේ වුව ද එය 7.6% ක වර්ධනයකි. බැංකුව අඩු පිරිවැය තැන්පතු සඳහා ක්‍රමෝපායිකව දැක්වූ අවධානය හේතුවෙන් එමගින් අඛණ්ඩව යහපත් ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වූ අතර, ව්‍යාපාරික ඒකක තුළ CASA වර්ධනය සඳහා දියත් කෙරුණු ඉලක්කගත ක්‍රියාමාර්ග ද ඊට මනා සහයෝගයක් ලබා දුන්නේය. බැංකුවේ CASA පෙළ 2020 දෙසැම්බර් මාසයවන විට 26.8% ක විශිෂ්ට වර්ධනයක් පෙන්නුම් කළ අතර 2019 වසරේදී 25% ක් ලෙස වාර්තා වූ එම වර්ධනය 2020 වසරේදී 30% ක වර්ධනයක් අත්කර ගැනීමට සමත් විය.
වසංගත තත්ත්වයේ බලපෑමට ලක්වූ පාරිභෝගිකයන් හට ලබා දුන් විවිධ සහන මෙන්ම අඩු පොළී වාතාවරණය හේතුවෙන් යුනියන් බැංකුවේ දළ පොළී ආන්තිකය (NIM) 3.2% ක් ලෙස සටහන් වූ අතර 2019 වසරේදී එම අගය 3.6% ක් ලෙස වාර්තා විය. ශ්‍රී ලංකා මහ බැංකුව 2020 නොවැම්බර් මස නිකුත් කරන ලද නිර්දේශ හේතුවෙන් යුනියන් බැංකුවේ දළ පොළී ආදායමට (NII) තවදුරටත් බලපෑවේය. 2020 මාර්තු මසදී දින 60 ක ණය දිගුවක් 7% ක උපරිමයකට යටත්ව සහනදායී පොළියකට ලබා දීමට එමගින් නිර්දේශ කෙරුණු බැවින් සම මාසික වාරික (EMI) වශයෙන් යළි පියවන ලද සියලු ණය පහසුකම්වලින් හිමි වූ පොළී ආදායමේ අඩුවක් පෙන්නුම් කළේය.
අභියෝගාත්මක වාතාවරණය හේතුවෙන් බැංකුවේ ගාස්තු ආදායමට ද බලපෑමක් ඇති වූ අතර පසුගිය වසර සමග සැසඳීමේදී එය 18.4% ක අඩු වීමකි. COVID-19 සහනවල එක් පියවරක් ලෙස ගාස්තු ඉවත් කිරීමත්, ආනයන සීමා හේතුවෙන් වෙළෙඳ ආදායම මන්දගාමී වීමත්, වසර පුරා ණය වර්ධනය මන්දගාමී වීම හේතුවෙන් ණය සම්බන්ධ ගාස්තු අඩු වීමත් එම පසුබෑමට හේතු විය.
යුනියන් බැංකුවේ භාණ්ඩාගාරය විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කරමින් 84.2% ක වසරින්-වසර ප්‍රාග්ධන ලැබීම් වර්ධනයක් පෙන්නුම් කළේය. බැංකුවේ අනෙකුත් මෙහෙයුම් ආදායම ද රු. මිලියන 162 ක කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ අතර විදේශ විනිමය ආදායම සහ පාරිභෝගික ගනුදෙනුවල වර්ධනය, රුපියලේ අගය අඩු වීම සහ හුවමාරු අඩු වීම එම වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපෑවේය.
වාර්තාකරණ දිනයවන විට බැංකුව සතුව කිසිඳු තැරැව්කාර කොටසක් නොතිබූ අතර කිසිඳු කොටස් අරමුදලක ආයෝජනය කිරීමට ද කටයුතු කර නැත.
ගත වූ මුල්‍ය වර්ෂය සඳහා සමස්ත මෙහෙයුම් ආදායම රු. මිලියන 5,890 ක් වූ අතර අභියෝගාත්මක වෙළෙඳපොළ තත්ත්වය හමුවේ වුව ද ඉතාම සුළු අඩුවීමක් පෙන්නුම් කළේය.
සමස්ත අක්‍රීය ණය අනුපාතය මුල්‍ය වර්ෂය අවසානවන විට 6.05% ක් ලෙස වාර්තා විය. කෙසේවෙතත්, උපරිම අක්‍රීය ණය ප්‍රමාණය රු. මිලියන 230 ක් පමණක් වූ අතර ණය සේවාවල සිදු කෙරුණු සමස්ත කප්පාදුව අක්‍රීය ණයවල වර්ධනයක් පෙන්නුම් කිරීමට හේතු විය. සිය සේවාවල ප්‍රමිතිය කළමනාකරණය කිරීම සඳහා යුනියන් බැංකුව ගත් දූරදර්ශී ක්‍රියාමාර්ග හේතුවෙන් අභියෝගාත්මක වෙළෙඳපොළ වාතාවරණය මධ්‍යයේ වුව ද අක්‍රීය ණය ප්‍රමාණය පාලනය කර ගැනීමට හැකි විය.
යුනියන් බැංකුවේ අපහායන ගාස්තු 88.5% ක වසරින්-වසර වර්ධනයක් වාර්තා කළේය. බැංකුවේ සැබෑ ණය අලාභය අඩු වුව ද අභියෝගාත්මක වාතාවරණයට සරිලන පරිදි කළමනාකරණ උපරිපතනය (Management Overlays) හරහා කැපීපෙනෙන ප්‍රතිපාදන වාර්තා කිරීමට ද බැංකුව සමත් විය. අවදානම් මට්ටමේ පවතින කර්මාන්ත තුනක් හඳුනා ගැනුණු අතර එම කර්මාන්ත සඳහා අමතර ප්‍රතිපාදන වෙන් කෙරිණි. ආර්ථික සාධක ගැලපුම් (EFA) පිළිබඳ සැලකීමේදී, අභියෝගාත්මක වාතාවරණයට මුහුණ දීම සඳහා 2020 දෙසැම්බර් මස 31 වනදා හිතකර ම තත්ත්වයේ සිට අහිතකර ම තත්ත්වයට ප්‍රමුඛතා යොමු කිරීම හරහා අහිතකර ම තත්ත්වය සඳහා වෙන්කර තිබූ ප්‍රමුඛතා වර්ධනය කෙරිණි. අපහායන සඳහා මෙමගින් කැපීපෙනෙන බලපෑමක් සිදු වූ අතර, මෙරට අවදානම් ශ්‍රේණිගත කිරිම්හි පහළ යාම මත විදේශ විනිමය මත සිදු කෙරුණු ආයෝජන හේතුවෙන් භාණ්ඩාගාරයේ සංඛ්‍යා දත්ත ද ඉහළ ගියේය. COVID-19 සහන යෝජනා ක්‍රමය යටතේ සිදු කෙරුණු සමස්ත සංශෝධනය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත – 9 (SLFRS 9) වලට අනුව අපහායන ගාස්තු යටතේ වාර්තා කර ඇත.
බැංකුවේ සියලු අංශ පුරා දූරදර්ශී ලෙස පිරිවැය කළමනාකරණය කිරීම හරහා සමස්ත මෙහෙයුම් වියදම් කළමනාකරණය කර ගැනීමට බැංකුව සමත් වූ අතර, එම අගය රු. මිලියන 3,772 ක් හෙවත් 1.5% ක වසරින්-වසර වර්ධනයකි.
බැංකුවේ මෙහෙයුම් ආන්තිකය රු. මිලියන 2,118 ක් වූ අතර එය 3.3% ක වසරින්-වසර අඩු වීමකි. පිරිවැය 1.5% ක පහළ යාම සමග ආදායම 2.2% කින් අඩු වීම එම පහළ යාමට පදනම විය. පොළී ආදායම 7% ක් දක්වා අඩු කිරීම නිසා දින 60 ක සහන කාලය තුළ සිදු වූ බලපෑම නොසලකා හැරිය හොත් බැංකුවේ මෙහෙයුම් ආන්තිකය 3.4% කින් වර්ධනය වීමට ඉඩ තිබිණ.
2020 දෙසැම්බර් මස 31 වනදායින් අවසන් වූ මුල්‍ය වර්ෂය සඳහා ආයෝජිත කොටස් අලාභය රු. මිලියන 29 ක් විය. ඊට පෙර වසරේදී, බදු සංශෝධනය හේතුවෙන් UB Finance ආයතනයේ වරක ලැබීම් රු. මිලියන 127 ක් ලෙස සටහන් විය. විශ්ලේෂණ වසර තුළ පැවති සාර්ව ආර්ථික අභියෝග යුනියන් බැංකුවේ අනු සමාගම්වල ලාභ සඳහා ද බලපෑවේය. ගත වූ වසර සඳහා සමස්ත බදු රු. මිලියන 777 ක් වූ අතර එය ඉන් පෙර වසර සමග සැසඳීමේදී රු. මිලියන 417 ක අඩු වීමකි.
2020 වසර සඳහා යුනියන් බැංකුවේ පමණක් ලාභය රු. මිලියන 605 ක් වූ අතර එය ඉන් පෙර වසරේ ලාභයට වඩා ඉතා ඉහළ අගයකි. බැංකුවේ අනු සමාගම්වල හිමිකාරිත්වය ද ඇතුළුව බැංකුවේ ලාභය රු. මිලියන 577 ක් ලෙස වාර්තා වූ අතර එය ප්‍රධාන වශයෙන් 2019 වසරේ UB Finance ආයතනයෙන් වරකදී හිමි වූ ආදායම හේතුවෙන් එම වසර සමග සැසඳීමේදී 18.8% ක අඩු වීමකි. වෙනත් පරිපූර්ණ ආදායම රු. මිලියන 183 ක් ලෙස වාර්තා වූ අතර බැංකුවේ සමස්ත පරිපූර්ණ ආදායම රු. මිලියන 759 කි.
යුනියන් බැංකුව සහ එහි අනු සමාගම්වන UB Finance සහ National Asset Management Limited යන ආයතනවලින් සමන්විත සමූහයේ බදු පසු ලාභය රු. මිලියන 623 ක් ලෙස වාර්තා විය. එය ඉන් පෙර වසර සමග සැසඳීමේදී 22.6% ක අඩු වීමකි. සමූහයේ සමස්ත වත්කම් රු. මිලියන 129.6 ක් ලෙස වාර්තා විය. සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණයෙන් 95% ක ප්‍රමාණයක් බැංකුව සතුවන බැවින් සමූහයේ කාර්යසාධනය ප්‍රධාන වශයෙන් බැංකුවේ කාර්යසාධනය මගින් නිරූපණය වේ.
අභියෝග හමුවේ මෙහෙයුම් සහ ව්‍යාපාර අඛණ්ඩතාව
වසංගත තත්ත්වය හේතුවෙන් සිය පාරිභෝගික පදනමට ඇති වී ඇති බලපෑම පිළිබඳ අවධානය යොමු කරමින් යුනියන් බැංකුව COVID-19 ට අදාළ මුල්‍ය සහන දීර්ඝ කිරීමේ සිට 2020 මාර්තු මාසයේ සිට ආයතනික, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සහ පාරිභෝගික බැංකුකරණ අංශවල පාරිභෝගිකයින් සඳහා විශිෂ්ට මුල්‍ය සේවා සහ මෙවලම් පිරිනැමීම දක්වා සිය ඉලක්කය වෙනස්කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශ අනුව, හඳුනාගත් අංශවල ස්වයං රැකියාවල නිරතවන්නන්, විදේශ විනිමය උපයන්නන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ආයතනවලට යුනියන් බැංකුවෙන් ණය ආපසු ගෙවීම සඳහා සහන ලබා ගැනීමේ හැකියාව හිමි විය. අගරු චෙක්පත් සහ ගෙවීම් අත්හිටුවීම්වලට අදාළ ගාස්තු ඉවත් කිරීම ඇතුළු සහන රැසක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට පිරිනැමිණි. මෙම සහන යෝජනා ක්‍රමයට සමගාමීව වසර අවසානවන විට බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක පාරිභෝගිකයින්ගෙන් 58% ක ප්‍රමාණයක් සහන යෝජනා ක්‍රමයට අනුබද්ධ වී තිබිණ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් යළි නගාසිටුවීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කරන ලද ‘සෞභාග්‍යා’ ණය යෝජනා ක්‍රමය යටතේ යුනියන් බැංකුව රු. බිලියන 1.3 ක කාරක ප්‍රාග්ධන ණය ලබා දී ඇත. වසංගත තත්ත්වයේ බලපෑමට ලක්ව සිටි පාරිභෝගික ණය ගැනුම්කරුවන් හට වහාම ක්‍රියාත්මකවන පරිදි ක්‍රෙඩිට් කාඩ්පත් පියවීම් කාලය දීර්ඝ කිරීම සහ ණය සහ ලීසිං ඇතුළු සියලු ම පුද්ගලික ණය සඳහා මාස දෙකක දිගුවක් ලබා දීම බැංකුව ක්‍රියාත්මක කළ සහන අතර කැපී පෙනෙයි. සුදුසුකම් මත සියලු ම ණය සඳහා ණය සහන ලබාදීම පාරිභෝගික බැංකුකරණ සහන අතර කැපී පෙනෙන අතර, ගෙවිය යුතු අවම මුදලට සහන ලබා දීම සහ ගාස්තු ඉවත් කිරීම ක්‍රෙඩිට් කාඩ්පත් සහන අතර කැපී පෙනෙයි. 2020 ඔක්තෝබර් මසදී වසංගත තත්ත්වය යළි හිස එසවීමත් සමග එහි බලපෑමට ලක් වූ සියලු පාරිභෝගිකයන්ගේ සහන කාලය තවදුරටත් දීර්ඝ කිරීමට යුනියන් බැංකුව කටයුතු කළේය.
යුනියන් බැංකුවේ ඩිජිටල් මුදල් කළමනාකරණ විසඳුමවන BizDirect සේවාව ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක පාරිභෝගිකයින් හට අත්‍යවශ්‍ය ද්‍රවශීලතා කළමනාකරණ කාර්යක්ෂමතාව පිරිනමමින් බැංකුවට අවශ්‍ය CASA සහ ගාස්තු මත පදනම් වූ ආදායම හිමිකර දීමට කටයුතු කළේය. ඩිජිටල් විසඳුම් සඳහා ඇති නැඹුරුව වර්ධනය වීමත් සමග ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බොහෝ දෙනෙක් 2020 වසරේදී අලුතින් එම සේවාව සමග සම්බන්ධ විය. මුදල් ගනුදෙනු බැංකුකරණ විශිෂ්ටත්වය වෙනුවෙන් යුනියන් බැංකුවේ BizDirect සේවාව Asian Banker Transaction Finance Awards 2020 සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටත ම මුදල් කළමනාකරණ බැංකුව’ ලෙස සම්මානයට පාත්‍ර විය. යුනියන් බැංකුවේ පාරිභෝගික බැංකුකරණ අංශය ප්‍රධාන වශයෙන් CASA අත්කර ගැනීම, තැන්පතු යෙදවීම සහ ක්‍රෙඩිට් කාඩ්පත් සේවා වර්ධනය මත පදනම් විය. සාප්පු සවාරි, ආහාර-පාන සහ ඉ-වාණිජ ඇතුළු සේවා සඳහා වට්ටම් ද පොළී රහිත වාරික ගෙවීමේ සැලසුම් ද සමගින් යුනියන් බැංකුව සිය කාඩ්පත් හිමියන් හට ඉලක්කගත ජීවන ශෛලීය ඉතුරුම් පිරිනැමීමට අඛණ්ඩව කටයුතු කළේය.
වෛරසය පාලනය කිරීම සඳහා වරින්-වර නිවේදනය කෙරුණු රට වසා දැමීම්, ඇඳිරි නීති තත්ත්ව සහ ප්‍රදේශ හුදෙකලා කිරීම් මධ්‍යයේ වුව ද යුනියන් බැංකුව සිය ශාඛා, ATM ජාලය සහ වෙනත් සේවා ස්ථාන හරහා පාරිභෝගිකයින් හට අඛණ්ඩ බැංකුකරණ සේවාවක් පිරිනැමීමට කටයුතු කළේය. 2020 වසරේදී වඩාත් පුළුල් පරාසයක විහිදුනු පාරිභෝගික පිරිසකට ආරක්ෂිතව සිය නිවසේ සිට ම බැංකුකරණ සේවා ලබා ගැනීමේ පහසුව සලසමින් යුනියන් බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ පෝටලය සහ ජංගම බැංකුකරණ යෙදවුම තවදුරටත් පුළුල් කෙරිණි.
“අපගේ නොසැලෙන අධිෂ්ඨානය සහ කාලෝචිත ව්‍යාපාර ක්‍රමෝපාය හේතුවෙන් දැවැන්ත සාර්ව ආර්ථික අභියෝග හමුවේ වුව ද නොසැලී ඉදිරියට ගමන් කිරීමට අපට හැකි වී තිබෙනවා. එම අභියෝග හමුවේ සිය පාර්ශ්වකරුවන්ගේ අභිලාශ සුරක්ෂිත කරමින් ශක්තිමත් ද්‍රවශීලතා මට්ටම් පවත්වා ගැනීම හරහා ඉදිරි අභියෝග ජය ගැනීම සඳහා මනා සූදානමකින් අප පසුවනවා. පිරිවැය මගින් උපරිම ප්‍රතිඵල අත්කර ගැනීම සහ පුළුල් මෙහෙයුම් කාර්යක්ෂමතාවක් සමගින් 2021 වසරේදී වඩාත් ශක්තිමත් වර්ධනයක් අත්කර ගැනීම අපගේ අරමුණ වී තිබෙනවා. අපගේ පාරිභෝගිකයන්ගේත්, කාර්යමණ්ඩල සාමාජිකයන්ගේත් ආරක්ෂාවට ප්‍රමුඛතාව ලබා දෙමින් අපගේ ප්‍රධානත ම ශක්තීන් මත පිහිටා එම වර්ධනය අත්කර ගැනීමට අප සැලසුම් සකස් කර තිබෙනවා,” යනුවෙන් යුනියන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.


