මේ වසරේ මාර්තු මස සිට Covid-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ අභියෝග රැසක් මධ්‍යයේ වුව ද වසරේ පළමු මාස හය තුළ ශක්තිමත් කාර්යසාධනයක් පෙන්නුම් කිරීමට යුනියන් බැංකුව සමත් විය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිර්දේශවල අනුකූලව වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූ ආයතනික, සුළු හා මධ්‍ය පරිමාණ සහ පාරිභෝගික බැංකුකරණ පාරිභෝගික කාණ්ඩ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් 2020 අප්‍රේල් මස සිට පාරිභෝගික මුල්‍ය සහන වැඩසටහන් දියත් කිරීමට යුනියන් බැංකුව කඩිනමින් පියවර ගත්තේය.
සමාලෝචන කාලය තුළ, ප්‍රාග්ධන යළි පියවීම් සහ නිකුත් කරන ලද ණය සඳහාවන පොළී ගෙවීම් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්දේශ කරන ලද ණය සහන වැඩසටහන යටතේ යුනියන් බැංකුව රු. බිලියන 22.2 ක වටිනාකමින් යුතු ණය සහනයක් අනුමත කළේය. මාස දෙකක යළි පියවීමේ සහන කාලයක් සමඟින් එම බැංකුව ආසන්න වශයෙන් රු. බිලියන 40 ක මුදලක් ණය වශයෙන් පිරිනැමීමට කටයුතු කළේය. තවද, යුනියන් බැංකුවේ අභ්‍යන්තර ණය ප්‍රතිපත්ති මාර්ගෝපදේශවලට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්දේශ කරන ලද කාණ්ඩවලට අමතර කාණ්ඩ සඳහා ද කැපීපෙනෙන ණය සහන ලබා දීමට කටයුතු කෙරිණි. ණය සහ ලීසිං, අයිරා, උකස් සහ වෙළෙඳ මුල්‍යයන පහසුකම් ආදිය සඳහා එම සහන පිරිනැමිණි. ඊට අමතරව, යළි පියවීමේ කාලය දීර්ඝ කිරීමට ඉල්ලුම් කළ අක්‍රීය ණය හිමිකරුවන් හට උපචිත පොළිය ඉවත් කිරීම සහ වැඩිදුර යළි අයකර ගැනීම් අත්හිටුවීම ඇතුළු ඔවුන්ගේ අවශ්‍යතාව අනුව සකස් කරන ලද සහන රැසක් ද පිරිනැමිණි.
අප්‍රේල් සිට මැයි කාල වකවානුව තුළ රට වසා දැමීම හේතුවෙන් දෙවන කාර්තුවේදී යුනියන් බැංකුවේ බැංකුකරණ කටයුතු ද සීමා විය.
අභියෝගාත්මක ආර්ථික වටපිටාව හේතුවෙන් බැංකුවේ සාමාන්‍ය ප්රමුඛ ණය අනුපාතය (AWPLR) ආසන්න වශයෙන් 250bps දක්වා පහත වැටුණු අතර භාණ්ඩාගාර බිල්පත්වල ද පසුබෑමේ ප්‍රවණතාවක් දැකගත හැකි විය. මහ බැංකුවේ නිර්දේශවලට අනුව ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු ණය සේවා රැසක පොළී අනුපාත අඩු කිරීමට ද යුනියන් බැංකුව කටයුතු කළේය. සෞභාග්‍යා COVID-19 පුනරුද වැඩසටහන ඇතුළු ශ්‍රී ලංකා මහබැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද ණය යෝජනාක්‍රම සඳහා සහභාගී වෙමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ අපනයනකරුවන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා සහන පොළී අනුපාත යටතේ ණය පිරිනැමීමට ද එම බැංකුව කටයුතු කළේය.
COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් බැංකුවේ විවිධ පාරිභෝගික කාණ්ඩවලට සිදු වූ බලපෑම පාලනය කිරීමට කටයුතු කරන අතරම බැංකුවේ ද්‍රවශීලතා මට්ටම ශක්තිමත්ව පවත්වා ගැනීමත්, කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ සහ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමත් කෙරෙහි ප්රමුඛ අවධානය යොමු විය. 2020 ජනවාරි සිට ජුනි මාසය දක්වා සමාලෝචන කාල පරිඡේදය තුළ සාමාන්‍ය ස්ථාවර තැන්පතු ස්ථාවර මට්ටමක පැවතුනු අතර, සමස්ත සාමාන්‍ය CASA අගය රු. මිලියන 21,444 ක් ලෙස සඳහන් විය. එය 13% ක වසරින් වසර වර්ධනයකි. පාරිභෝගික, ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුකරණ අංශ ඉලක්කකර ගනිමින් ක්‍රියාත්මක කෙරුණු හිමිකර ගැනීමේ ක්‍රමෝපාය හරහා ශක්තිමත් CASA අගයක් පවත්වා ගැනීමට බැංකුව හැකි විය. වාර්තාකරණ කාල සීමාව තුළ යුනියන් බැංකුවේ CASA අනුපාතය 25.8% ක් විය.
සමාලෝචන කාලය තුළ යුනියන් බැංකුවේ දළ පොළී ආන්තිකය 3.4% සිට 3.2% දක්වා පහත බැසීමක් පෙන්නුම් කළේය. මහබැංකුව විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශවලට අනුව වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පාරිභෝගිකයන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාද ගාස්තු සහ වෙනත් ගාස්තු 2020 සැප්තැම්බර් මාසය දක්වා ඉවත් කිරීමට කටයුතු කෙරුණු අතර, රටේ පැවති සමස්ත ආර්ථික තත්ත්වය හේතුවෙන් එම කාලය තුළ සමස්ත ගාස්තු ආදායම 26% කින් පමණ අඩු වීමක් පෙන්නුම් කළේය.
කැපීපෙනෙන කාර්යසාධනයක් පෙන්නුම් කළ යුනියන් බැංකුවේ භාණ්ඩාගාරය ප්‍රාග්ධන ප්රතිලාභවල 68% ක වසරින් වසර වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය. බැංකුවේ වෙනත් මෙහෙයුම් ආදායම විනිමය අනුපාත අවපාතය මධ්‍යයේ වුව ද 6% ක වර්ධනයක් වාර්තා කළේය.
අභියෝගාත්මක ආර්ථික පසුබිම මධ්‍යයේ වුව ද යුනියන් බැංකුව රු. මිලියන 2,951 ක මෙහෙයුම් ආදායමක් වාර්තා කළේ පසුගිය වසරට වඩා 2% ක වර්ධනයක් පෙන්නුම් කරමිනි. බැංකුවේ සියලු මෙහෙයුම් අංශ තුළ පුළුල් පිරිවැය කළමනාකරණ ක්රමෝපායක් ක්‍රියාත්මක කරමින් සමස්ත මෙහෙයුම් වියදම ගත වූ කාලය සඳහා රු. මිලියන 1,914 කින් අඩු කර ගැනීමට බැංකුව සමත් වූ අතර එය 3% ක වසරින් වසර අඩු වීමකි. ගත වූ කාලය සඳහා බැංකුවේ පූර්ව අපහායන ලාභය රු. මිලියන 1,036 ක් ලෙස වාර්තා වූ අතර එය පසුගිය වසරේ එම කාලය සමඟ සැසඳීමේදී 12% ක වර්ධනයකි. බැංකුවේ සැබෑ ණය අහිමිවීම් අඩු මට්ටමක පැවති අතර ආර්ථික අවපාත තත්ත්වයට මුහුණ දීම සඳහා කැපීපෙනෙන ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන්කර ගැනීමට යුනියන් බැංකුව කටයුතු කළ අතර, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 102% ක වර්ධනයකි.
ගෙවුණු මාස හයක කාලය පුරා පැවති අභියෝගාත්මක සාර්ව ආර්ථික වාතාවරණය හමුවේ ද යුනියන් බැංකුව මෙහෙයුම් ක්‍රියාකාරකම් මඟින් රු. මිලියන 755.2 ක් වාර්තා කිරීමට සමත් වූ අතර එය පසුගිය වසරේ එම කාලය සමඟ සැසඳීමේදී 4% ක සුළු අඩු වීමකි. යුනියන් බැංකුවට අනුබද්ධිත UB Finance සහ NAMAL යන ආයතනවලට ද ගත වූ කාලය අතිශය අභියෝගාත්මක කාලයක් විය. බදු අනුපාතවල අඩු වීම සහ දූරදර්ශී ලෙස සංචිත කළමනාකරණය හේතුවෙන් යුනියන් බැංකුව සිය අනුබද්ධිත ආයතනවල හිමිකාරිත්වය ද ඇතුළුව 6% කින් බදු පසු ලාභයක් වාර්තා කළේය.
බාහිර පීඩනය සහ අඛණ්ඩව අවපාතයට ලක් වූ සාර්ව ආර්ථික තත්ත්ව හමුවේ මේ වසරේ මාර්තු මාසයේ සිට යුනියන් බැංකුවේ අක්‍රීය ණය අනුපාතය වාර්තාකරණ කාලයවන විට 5.3% ක් ලෙස සඳහන් වූ අතර පසුගිය වසරේ එම අගය 5.03% ක් ලෙස වාර්තා විය.
ජුනි මස 30 වනදා වන විට බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. මිලියන 128,643 ක් ලෙස වාර්තා විය. බැංකුවේ ණය අයවීම් මේවන විට රු. මිලියන 75,997 ක් වන අතර තැන්පතු පදනම රු. මිලියන 79,779 ක්වන අතර එය 4% ක වර්ධනයකි.
ශක්තිමත් ප්‍රමාණාත්මතා අනුපාතයක් අඛණ්ඩව පවත්වා ගැනීමට සමත් වූ යුනියන් බැංකුව වාර්තාකරණ දිනයවන විට සමස්ත ප්‍රාග්ධන අනුපාතය 16.06% ක් ලෙස පවත්වා ගෙන ඇත.
යුනියන් බැංකුව, UB Finance Company Limited සහ National Asset Management Limited යන ආයතනවලින් ද සමන්විත සමූහයේ බදු පෙර ලාභය ගත වූ කාලය සඳහා රු. මිලියන 796 ක් ලෙස සටහන් විය. ඒ අනුව පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සමූහයේ බදු පෙර ලාභය 3% ක අඩුවක් පෙන්නුම් කරයි. සමූහයේ සමස්ත වත්කම් රු. මිලියන 135,724 ක් වන අතර ඉන් 95% ක ප්‍රතිශතයක් යුනියන් බැංකුව නියෝජනය කරයි. වාර්තාකරණ දිනයවන විට සමූහය හර ප්‍රාග්ධන අනුපාතය 16.30% ක් වැනි ශක්තිමත් අනුපාතයක් පවත්වා ගැනීමට සමත්ව සිටී.
යුනියන් බැංකුව මෙම අවිනිශ්චිත කාල වකවානුව තුළ පාරිභෝගිකයන්ට සුවිශේෂී වූ බැංකුකරණ අවශ්‍යතා සහ විසඳුම් හඳුනා ගැනීම සංදහෞඅ පාරිභෝගික, සුළු හා මධ්‍ය පරිමාණ සහ ආයතනික පාරිභෝගිකයන් සමඟ අඛණ්ඩව සම්බන්ධ විය. වසංගත තත්ත්වය හමුවේ දුරස්ථ ලෙස සිය ව්‍යාපාරික මුදල් හුවමාරු පහසුවෙන් ඉටුකර ගැනීම සඳහා ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය පාරිභෝගිකයන් හට යුනියන් බැංකුවේ BizDirect බැංකුකරණ විසඳුම මනා පිටිවහලක් විය. එමෙන්ම පාරිභෝගික බැංකුකරණ පාරිභෝගිකයන් හට දුරස්ථව සිය ගිණුම් සහ ක්‍රෙඩිට් කාඩ්පත් වෙත ප්රවේශවීමේ අවස්ථාව අන්තර්ජාතික බැංකුකරණ සහ ජංගම බැංකුකරණ සේවා මඟින් හිමි විය. අනවශ්‍ය ලෙස බාහිර පරිසරයට නිරාවරණය වීමෙන් වැලකී සිටීම සඳහා පාරිභෝගිකයන් වඩාත් ආරක්ෂිත බැංකුකරණ විකල්ප වෙත නැඹුරු වීමේ ප්‍රවණතාව හඳුනා ගනිමින් යුනියන් බැංකුව සිය අන්තර්ජාල බැංකුකරණ සේවාවේ ලියාපදිංචි වීමේ ක්‍රමවේදය තවදුරටත් සරල කළේය.
ගත වූ අසීරු කාල පරාසය තුළ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් හට අගයක් එක් කිරීම සඳහා එම බැංකුව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම් සහ අන්තර්ජාල ගැනුම් සඳහා අඛණ්ඩව ඉතුරුම් පිරිනැමීමට කටයුතු කළේය.
සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූල වෙමින් යුනියන් බැංකුව සිය ප්‍රධාන කාර්යාලය මෙන්ම ශාඛා ජාලය පුරා සිය කාර්යමණ්ඩල සාමාජිකයන්ගේත්, පාරිභෝගිකයන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් දැඩි සනීපාරක්ෂක සහ ආරක්ෂිත පිළිවෙත් දියත් කළේය. ආරක්ෂිත බැංකුකරණ අත්දැකීමක් හිමිකර දෙමින් පාරිභෝගිකයන් හට අඛණ්ඩව බැංකුවේ ATM ජාලය, අන්තර්ජාල/ජංගම බැංකුකරණ සේවා සහ පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානයට ද ප්‍රවේශ වීමේ අවස්ථාව උදාකර තිබිණ.
පළමු අර්ධ වාර්ෂිකයේ කාර්යසාධනය පිළිබඳ අදහස් පළ කරමින් යුනියන් බැංකුවේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, ශාඛා/ප්‍රාදේශීය මට්ටමින් පාරිභෝගිකයන්ගේ සුවිශේෂී අවශ්‍යතා හඳුනා ගනිමින් වසංගත තත්ත්වයෙන් පීඩාවට පත් ඔවුන් වෙනුවෙන් කාර්යක්ෂම ලෙස සහන දියත් කිරීම කෙරෙහි දෙවන අර්ධයේදී අවධානය යොමු කළ බවය. “පළමු අර්ධ වාර්ෂිකයේ ප්‍රතිඵල මඟින් අප කටයුතු කළ අභියෝගාත්මක වාතාවරණය මනාව පිළිබිඹු වනවා. බාහිර පීඩනය මධ්‍යයේ වුව ද යුනියන් බැංකුව ශක්තිමත් ද්‍රවශීලතාවක් සහ ප්‍රාග්ධන මට්ටමක් අත්පත් කරගෙන තිබෙන බව සතුටින් දැනුම් දීමට කැමතියි. අපගේ පාරිභෝගිකයන්ගේත්, කාර්යමණ්ඩල සාමාජිකයන්ගේත් යහපැවැත්ම තහවුරු කරන අතරම පාරිභෝගික, ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශවලට අතවශ්‍ය විසඳුම් ලබා දීමට අප ඉදිරියේදීත් කැපවනවා,” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


